Sunday, 9 July 2023

ශ්‍රී ලංකා පොලිසියේ ඉහල ඇවරි තුනම නුසුදුසුයි..! පොලිස්පතිධූරය යලිත් හිටපු පොලිස්පති වික්‍රමරත්නටම..!

- LeN ආරක්ෂක වාර්තාකරු ඇත්ත කතාව ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.09, ප.ව.11.15) ශ්‍රී ලංකා පොලිසියේ ඉහලම ඇවරි තුනක්ම පොලිස්පති ධූරයට නුසුදුස්සන් බැවින් ජනාධිපතිවරයා විසින් හිටපු පොලිස්පති සී.ඩබ්. වික්‍රමරත්නට ම තවත් මාස 3 ක් දක්වා සේවා දිගුවක් ලබා දී තිබේ. එය ජුලි 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ය.

විශ්‍රාම යා යුතු වයස පසු වී නමුත් මාස 3 ක සේවා දිගුවක රාජකාරි කළ වික්‍රමරත්න ඒ මාස 3 ද අහවර වී පසුගිය ජුනි 26 වැනිදා විශ්‍රාම යා යුතු වුවද පොලිස්පතිවරයෙකු විශ්‍රාම යන විට සිදුකරණ උත්තමාචාර උළෙල පවා පැවැත්වූයේ නැතිව ධූරයේම රාජකාරි කරමින් සිටියේ ය. ඔහු සිය ලිපි ලේඛන රැගෙන ගෙදර ගියා යයි විවිධ කඩේ යන වෙබ් අඩවි වාර්තා කර තිබුනද එය මුසාවක් විය.

කෙසේ වෙතත් සති දෙකක පමණ කාලයක් වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන්නේ ද, නව පොලිස්පතිවරයෙකු පත් කරන්නේ ද, හිටපු පොලිස්පතිට තවත් සේවා දිගුවක් දෙන්නේ ද යන්න තීන්දු නොකර ජනාධිපතිවරයා කල් මැරුවේ ය.

රාජද්‍රෝහී ටිරාන් ඇතුළු ඇම්බැට්ටයන්ගේ බලපෑම්..

ඊට ප්‍රධාන හේතුවක් වී තිබුනේ දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පතිධූරය ලබා දීම ස ඳහා රාජද්‍රෝහී ටිරාන් අලස් ඇතුළු ඇම්බැට්ටයන් පිරිසක් ජනාධිපතිවරයාට කරන ලද බලපෑම් ය. නමුත් අති උතුම් කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ රටේ සියළුම කිතුණු ජනතාව විසින් පාස්කු බෝම්බ ප්‍රහාරයට ඍජුවම වග කිව යුතු නිලන්ත ජයවර්ධන සහ දේශබන්ධු තෙන්නකෝන්ට පොලිස්පතිධූරය ලබා දෙනවාට ඉඳුරාම විරුද්ධ වූහ. ඒ හා සමගම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ලැදි නීතිගරුක ප්‍රජාවද ඉහත නම් සඳහන් නිලන්ත සහ දේශබන්දුට පොලිස්පතිධූරය ලබා දෙනවාට දැඩි විරෝධයක් පෑහ. නිලන්ත ජයර්ධන නම් පාස්කු බෝම්බ ප්‍රහාරයට වගකිව යුත්තෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරුවෙකු ලෙස නම් කර රු.මිලියන 75 ක වන්දියක්ද ගෙවන ලෙස නියෝග කළ නිලධාරියෙකි. දේශබන්ධු තෙන්නකෝන් ද එදින බෝම්බ ප්‍රහාරයක් සිදුවන බව දැන දැනම එදින රාජකාරිය පැහැර හැර පාසිකුඩාහි මාලු මාලු හෝටලයට වී නිදි වැද්ද නිලධාරියෙකි.

නිලන්ත සහ දේශබන්ධු සේම පතිනායකද පොලිස්පති ධූරයට නුසුදුසු වන්නේ ඇයි..?

බොහෝ දෙනා අමතක කළද නිලන්ත සහ දේශබන්ධුට පසුව ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහල ජ්‍යෙ.නි. පොලිස්පතිවරයා වන ලලිත් පතිනායකද පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවීමට ඉඩ හැර රාජකාරිය අතහැර ක්‍රියා කළ ප්‍රධාන පොලිස් නිලධාරියෙකි. මලල්ගොඩ වාර්තාවේ ඔහුද රාජකාරිය පැහැර හැරිය අයෙකු ලෙස නම් කර තිබේ.

පාස්කු බෝම්බ ප්‍රහාරයන්ගේ දී ලලිත් පතිනායක රාජකාරිය පැහැර ඇත්තේ කොතෙක්ද යත් වැඩිම පිපිරීම් ප්‍රමාණයක් සිදුවූයේ ඔහුගේ රාජකාරි බල ප්‍රදේශය තුල ය. කොටින්ම කිව හොත් එදා ඒ බෝම්බ ප්‍රහාරය සිදු වූ අප්‍රේල් 21 දා උදේ  එවකට බස්නාහිර පළාත භාරව සිටි ජ්‍යෙ.නි.පොලිස්පතිවරයා වූ නන්දන මුණසිංහ නියෝජ්‍ය පොලිස්පති පතිනායක අමතා එදින කිතුණු පල්ලිවලට ප්‍රහාරයක් සිදුවීමට ඉඩ ඇති බව කියමින්, පල්ලි අසලට වාහන එන ගෙන ඒම වළක්වා ඈතින් නවතා ජනතාවට පයින් එන ලෙස සලස්වා පල්ලි වල ආරක්ෂාව තර කරන ලෙස උපදෙස් දුන්නේ ය. උදේ ප්‍රහාරයන්ට කලින් ද "පල්ලි වලට සිකියුරිටි දාලා නේද තියෙන්නේ?" කියා නන්දන මුණසිංහ, පතිනායකගෙන් දුරකථනයෙන් විමසා සිටියේ ය. "හරි සර් දාලා තියෙන්නේ" කියා පතිනායක පිළිතුරු දුන්නේ ය. නමුත් පතිනායක ගේ රාජකාරි කලාපයේ තිබූ කොච්චිකඩේ පල්ලියට සාමාන්‍ය ඉරිදා දිනයක දී පික් පොකට් කාරයන් අල්ලන්නට යොදන පොලිස් නිලධාරීන් දෙදෙනාවවත් පතිනායක යොදා තිබුනේ නැත. පතිනායක යනු ඒතරම්ම රාජකාරිය පැහැර හැරිය නිලධාරියෙකි. ඒ අනුව පොලිස් ඉහලම ඇවරියේ නිලන්ත, දේශබන්ධු සේම ලලිත් පතිනායක ද පොලිස්පති ධූරය වැනි මුළු රටේම ආරක්ෂාව බාර ගත යුතු වගකිව යුතු තනතුරක් දැරීමට නුසුදුස්සෝ වූහ.

මේ සියළු කරුණා කාරණා සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා අවසානයේ පොලිස්පති වික්‍රමරත්නට ම තවත් මාස 3 කට සේවා දිගුවක් ලබා දුන්නේ ය.

ටිරාන්ගේ දේශබන්දුගේ කුලී ලියන්නන්ගේ මනස්ගාත...

දේශබන්දුගෙන් සහ ටිරාන් අලස්ගෙන් ගෙවීම් ලබන වෙබ් කඩමාලු ලියන්නන් ලියනා පරිදි වික්‍රමරත්නට සේවා දිගුවක් ලබා දීමේ දී ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවෙන් හෝ කැබිනට් මණ්ලයෙන් හෝ ටිරාන් අලස්ගෙන් හෝ උපදෙස් ලබා ගත්තේ නැත. එවැන්නක් අනවශ්‍යය. පොලිස්පතිවරයා ලෙස වරක් පත් කිරීමේ දී ව්‍යවස්ථා සභාවේ කැමැත්ත ලබාගෙන තිබේ. එවැනි අයෙකුට සේවා දිගුවක් ලබා දීමට පත්වීම් නිලධාරියා වන ජනාධිපතිවරයාට යලිත් ව්‍යවස්ථා සභාවේ හෝ  කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් අවශ්‍ය වන්නේ නැත. ටිරාන්ගේ කුලී ලියන්නෝ කියන ආකාරයට ටිරාන් අලස්ගේ අනුමැතියක් ලබා ගත්තේ ද නැත. ජනාධිපතිවරයා අද උදෑසන ටිරාන් සහ වික්‍රමරත්න කැඳවා "මම චන්දනට (වික්‍රමරත්නට) තව සේවා දිගුවක් දෙනවා මොනවා හරි ප්‍රශ්න තිබේද?" කියා ඇසූවිට, මෙතෙක් කාලයක් දේශබන්දු පොලිස්පති කිරීමට වලි කෑ ටිරාන් අලස් "නෝ සර්, නෝ සර්' කියා පිළිතුරු දුන්නේ ය. ටිරාන් තමන් පොලිසියේ ඇමැති හැටියට කළ කී දෑ ගැන ජනාධිපතිට කියන්නට කට ගන්නවාත් සමග "මට අවශ්‍ය නෑ මං දන්නවා කවුද කෙළේ කවුද නොකෙළේ" කියා කී පසු ටිරාන් කට වහගත්තේ ය. තිදෙනාගේ මුළු හමුව විනාඩි 9 කට සීමා වූ එකක් විය.  ජනාධිපතිවරයා පොලිස්පති වික්‍රමරත්නට සේවා දිගුව පිළිබඳ ලිපිය ප්‍රදානය කරමින් උපදෙස් දී ඇත්තේ මේ වන විට දිවයිනේ අපරාධ රැල්ලක් උද්ගත වී ඇති බැවින් ටිරාන් මෙන්ම බුද්ධි අංශ සමග සාකච්ඡා කොට කඩිනම් ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්ම කරන ලෙසයි. ඉහත සිද්ධිය ගැන ටිරාන්ගේ බච්චා කුලී ලියන්නන් වාර්තා කර ඇත්තේ ටිරාන්ගේ 'අනුමැතිය' මත වික්‍රමරත්නට පොලිස්පතිධූරය ලබා දුන් බවයි. එය අමූලික බොරුවකි. විධායක ජනාධිපතිවරයෙකුට සිටින පොලිස්පතිවරයෙකුට සේවා දිගුවක් ලබා දීමේ දී ඊට අදාල අමැතිවරයාගේ අනුමැතියක් අවශ්‍ය නොවේ.

ඒ අනුව හෙට සඳුදා (10) හිටපු පොලිස්පති සී.ඩබ්.වික්‍රමරත්නම යලිත් ධූරයේ වැඩ නිල වශයෙන් බාර ගැනීමට නියමිතය

-LeN ආරක්ෂක වාර්තාකරු විසිනි

No comments:

Post a Comment