අභියාචනාධිකරණයෙන් දේශබන්දුට දුන් 'අම්මට සිරි' තීන්දුවෙන් පසු 'අම්මටම සිරි' මෝසම් විභාගයක්..!
-LeN අධිකරණ අභ්‍යන්තර වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.04, ප.ව.9.30) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් විනිසුරුවන් දෙදෙනාත්, ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝනුත් එක්ව ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය 'විකාරරූපී රංගනයක්' බවට අද පත් කර තිබේ. ඒ තීන්දුවක් දුන් නඩුවකදී ඉදිරිපත් කළ පෙත්සමේ සංශෝධනයක් සඳහා දෙවනුව ඉදිරිපත් කරන ලද මෝසමක් විභාගයකට ගැනීමෙනි.
අද සිද්ධියට අදාල නිධාන කතාව මෙසේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සැකකරුවෙකු ලෙස නම් කර අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබූ සිතාසියක් බල රහිත කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කෙළේ පසුගිය අප්‍රේල් 24 වැනි දා ය. එම පෙත්සම විභාගයේ තීන්දුව හරියටම පොලිස්පතිධූරය හිස්වන දා එනම් පසුගිය ජුනි 26 වැනි දා ම දේශබන්දුට පොලිස්පතිධූරයට ඉදිරිපත් වීමට ඇති අශක්නුතාවය ඉවත් වන ලෙස සහ ඔහුට වාසි වන අන්දමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් විනිසුරුවන් දෙදෙනා 'අම්මට සිරි' තීන්දුවක් දෙමින් කොටුව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ සිතාසිය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කෙළේ ය. එපමණක් නොව පෙත්සම්කාර දේශබන්දුට එරෙහිව තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා ලෙසට ද නිශ්ශංක බන්දුල සහ මරික්කාර් විනිසුරුවන් විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් වරයාට නියෝගයක් ද නිකුත් කරන ලද්දේ ය.
අද සිද්ධිය..
දැන් අද(04) සිදුවූයේ ජුනි 26 දා තීන්දුවත් දී හමාර කළ, දේශබන්දු විසින් අප්‍රේල් 24 දා ඉදිරිපත් කළ පෙත්සමේ 19 වැනි වගන්තිය ඉවත් කරන ලෙස ඉල්ලා, දේශබන්දු සහ ඔහුගේ නීතිඥයා වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා විසින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් විනිසුරුවන් දෙදෙනා වෙත මෝසමක් ඉදිරිපත් කිරීමයි. මෝසම බාර ගත් විනිසුරුවෝ එය විභාගයට ගැනීම ලබන 06 වැනිදාට කල් තැබූහ.
මොකක්ද මේ 19 වැනි වගන්තිය..
දේශබන්දුලා ඉවත් කරන ලෙස ඉල්ලා සිටින තමන්ගේම පෙත්සමේ 19 වැනි වගන්තිය පහත පරිදි ය.
19. The petitioner states that despite protests the 2nd respondent's tenure as the inspector general of police has been extended by 3 months from March 2023 and the same has been made public. එහි දල සිංහල තේරුම නම් "විරෝධතා නොතකා 2 වන වගඋත්තරකරුගේ පොලිස්පති ධුර කාලය 2023 මාර්තු සිට මාස 3 කින් දීර්ඝ කර එය ප්‍රසිද්ධියට පත් කළ බව පෙත්සම්කරු පවසයි." යන්නයි.
මෙහි දෙවන වග උත්තරකරු කියන්නේ පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට ය. එකී පෙත්සමේ පළමුවන වග උත්තරකරු ලෙස නම් කර තිබුනේ නීතිපතිවරයා ය.
අද මෝසම විභාගයට ගන්නා අවස්ථාවේ නීතිපතිවරයා නියෝජනය කරමින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිසිවෙකු පැමිණ සිටියේ නැති අතර ඒ සම්බන්ධයෙන් විනිසුරු දෙපොල විමසා සිටියේ ද නැත.
අධිකරණ ක්‍රියාවලිය විකාරරූපී රංගනයක් කෙළේ මෙසේය...
අප මේ වාර්තාවේ මුල දී කියා සිටි අන්දමට මෙකී පිරිස ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය විකාරරූපී රංගනයක් බවට අද පත් කරන ලද්දේ මෙසේ ය.
මෙකී තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තීන්දුවට එරෙහිව අභියාචනයක් මීට ඉහළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා සූදානම් වෙන බව මාධ්‍ය මගින් ප්‍රචාරය විය. ඒ අනුව අභියාචනයේ දී ජනාධිපතිවරයාගේ ක්‍රියාවලියක්, එනම් පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබා දීම, අධිකරණයක විභාගයට ගත නොහැකිව තිබිය දී එසේ විභාග කෙළේ කෙසේද කියා මෙම තීන්දුව අභියෝගයකට ලක්වන බැවින් ඊට අදාල 19 වැනි වගන්තිය ඉවත් කර ගැනීමට යනවා ද විය හැකිය.
අධිකරණ ඉතිහාසයේ පළමු අවස්ථාව..
ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ගේ මතය අනුව, මෝසමෙන් ඉල්ලා සිටින පරිදි මුලින් ඉදිරිපත් කළ පෙත්සමේ 19 වැනි වගන්තිය ඉවත් කරන ලෙස ඉල්ලන්නේ කුමන අරමුණක් වෙනුවෙන් හෝ නමුත් විභාග කර අවසානයේ තීන්දුවක් ප්‍රකාශයට පත් කරන ලද නඩුකරයක එම අධිකරණයේ ක්‍රියාවලිය එතැනින් අවසන් වේ. තීන්දුවට අභියෝග කරන්නේ නම් ඉහල අධිකරණයක විය යුතුය. ඒ අනුව විභාගයට ගැණුනු අදාල පෙත්සමේ වගන්ති වෙනස් කරන්නේ නම් එම නඩුව අලුත් නඩුවක් ලෙස යළි මුල සිට විභාග කළ යුතුය. එසේ නොමැතිව මෙවැනි මෝසමක් විභාගයකට ගැනිය නොහැකිය. එසේ සිදුකළ ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙයයි.
අතීත නඩු ඕනෑම එකක් ද මෙසේ කළ හැකි වනු ඇත..
මෙය සිදුවුවහොත් මෙතෙක් අවසන් තීන්දු ප්‍රකාශයට පත් කළ නඩු ඕනෑම එකක් මේ අන්දමට මෝසම් මගින් පැවරූ අයට අවශ්‍ය අන්දමට වෙනස් කළ හැකි වනවා ඇත. එවිට ප්‍රකාශිත තීන්දු වලට සිදුවන්නේ කුමක්ද? ඒවා විහිළුවකට ලක්වනවා නොවේ ද?
ප්‍රසිද්ධ රහසේ ඇත්තක් තිබේද?
අතුරු කාරණයක් කිව යුතුය. ඒ මෙම මෝසම ඉදිරිපත් කරන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ පැතිර තිබෙන කට කතා ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක සෞඛ්‍යයට ගුණ නැති බවයි. සාමාන්‍ය ජනාධිපති නීතිඥවරයෙකු අය කරන ගාස්තුවට වඩා දෙගුණයකටත් වැඩියෙන් රොමේෂ් ද සිල්වා අය කරයි. ඔහු එසේ කරන්නේ ඉන් කොටසක් තමන් පෙනී සිටින නඩු විභාග කරන විනිසුරුවන්ට ද අත යටින් ගෙවීමට බවත් එනිසාම ඔහු පෙනී සිටින නඩුවල දී ඔහුගේ පාර්ශවය දිනන බවත් නීති ක්ෂේත්‍රයේ කවුරුත් කතා කරන ප්‍රසිද්ධ රහසකි. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්නගේ සහ ආර්. මරික්කාර්ගේ හරියටම දිනය බලා දුන් පෙර තීන්දුව මෙන්ම අද මෝසම බාර ගැනීම සම්බන්ධයෙන් ද වූ හැසිරීම් අනුව බලා සිටින මහ ජනතාවට එකී ප්‍රසිද්ධ රහසේ යම් සත්‍යතාවයක් ඇතැයි හැඟී යා හැකිය. එසේ වුවහොත් එය නීතියේ ආධිපත්‍යයට සහ ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක පැවැත්මට යහපත් වන්නේ නැත.
මේ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමේ මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ක්ෂණික අවධානය යොමු වනු ඇතැයි විශ්වාස කරමු.

No comments:
Post a Comment