බන්දුල වරින් වර කතා කරන්නේ කොතැනින්දැයි සෙවීමට තේරීම් කාරක සභාවක් ඕනෑ..!
-දි අයිලන්ඩ් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.21, ප.ව.11.25) බන්දුල ගුණවර්ධන ප්‍රවාහන අමාත්‍යකාරයා පෙරේදා (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ පසු ගිය සතියේ විශේෂ මාධ්‍ය හමුවක දී ඔහු කළ කතාවට හාත්පසින්ම වෙනස් කතාවකි
ජපානයේ ණය ආධාර මත ඉදි කරන ලද “ගෝල්ඩන් ගේට් කල්‍යාණි” (නව කැලණි) පාලමෙන් මුරුච්චි ඇණ කිලෝ ලක්ෂ 7 කට අධික ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ඇබ්බැහියන් විසින් සොරකම් කර ඇතැයි බන්දුල ගුණවර්ධන පසු ගිය සතියේ ප්‍රකාශ කළේය.
පොහොට්ටුවෙන් වෙන්ව ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගුණවර්ධන අමාත්‍යකාරයා පැවසුවේ, වර්ෂා ජලය බැස යාමට පාලමේ වැටට සම්බන්ධ කර තිබූ පීවීසී බට කිහිපයක්, විදුලි පහන් කිහිපයක් සහ තොරතුරු පද්ධතිය කළමනාකරණය කරන ගොඩනැගිල්ලට සම්බන්ධ කර තිබූ වායුසමීකරණවල කොටස් කිහිපයක් සොරකම් කර ඇති බවයි.
“සොරකම් කරන ලද බටවල වටිනාකම රුපියල් ලක්ෂ 40 ක් ලෙසත්, සමීකරණ යන්ත්‍රවල කොටස් සොරකම් කිරීමෙන් සිදු වූ අලාභය රුපියල් ලක්ෂ 5 ක් ලෙසත් ගණන් බලා තිබෙනවා. විදුලි පහන් සොරකම් කිරීමෙන් රුපියල් ලක්ෂ 10 ක අලාභයක් සිදු වී තිබෙනවා. සොරකමේ මුළු අලාබය රුපියල් ලක්ෂ 60 ක් විතර වේවි. රුපියල් දස ලක්ෂ සිය ගණනක පාඩුවක් සිදු වෙලා නැහැ, පාලමේ මුරිච්චි ඇණ ගලවලත් නැහැ. විශේෂ උපකරණ භාවිතා නොකර ඒ මුරිච්චි ඇණ ගලවන්නත් බැහැ. එවැනි උපකරණ ඉංජිනේරු හා ඉදිකිරීම් සමාගම්වලින් ලබා ගත යුතු වෙනවා. මුරිච්චි ඇණ ඉවත් කළා නම් පාලම අනතුරේ. පාලමේ ඇණ හොරකම් කළා කියන ප්‍රකාශය සත්‍යයක් නෙවෙයි,” යනුවෙන් අමාත්‍යකාරයා පැවසීය.
ජපානයෙන් ලැබුණු ණය ආධාර මත ඉදි කරන ලද නව කැලණි පාලමේ කිලෝ ලක්ෂ 7 කට අධික ඇණ මුරිච්චි තොගයක් සොරකම් කිරීමට මත් ද්‍රව්‍ය ඇබ්බැහියන් සමත් වූයේ කෙසේ දැයි පැහැදිලි කරන ලෙස ජයසේකර ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
ජයසේකර මන්ත්‍රීවරයා අඟහරුවාදා කියා සිටියේ මත් ද්‍රව්‍ය ඇබ්බැහියන් දින 599 ක දී රුපියල් ලක්ෂ 2800 ක මුරිච්චි ඇණ ගලවා ගෙන ගොස් ඇති බවට මාධ්‍ය වාර්තා පළ වූ බවයි.
“ඒ ප්‍රමාණය යකඩ කිලෝ ලක්ෂ 750 ක්. එක මුරිච්චි ඇණයක් කිලෝ 5 ක් බරයි කියනවා. ඒ කියන්නේ ඇණ ලක්ෂ 15 ක් හොරකම් කරලා තියෙනවා. දවසකට ඇණ 100 ක් ගැලෙව්වත් ඒකට අවුරුදු ගාණක් යනවා. වාර්තා වන ඇස්තමේන්තුවට අනුව, මත්ද්‍රව්‍ය ඇබ්බැහියන් දිනකට ඇණ 1,300 ක් ගලවා ගෙන ගොස් තිබෙනවා. උදේ 6 ට වැඩ පටන් අරන් හවස 6 වෙන තුරු වැඩ කළත් ගලවන්න පුළුවන් වෙන්නේ මුරිච්චි ඇණ 10 යි. ඔවුන් ඇත්තටම මෙතරම් මුරිච්චි ඇණ ගලවා ගෙන ගොස් තිබෙනවා ද? මේ කතාව ඇත්ත ද?" කියා මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය
- 2023 ජුලි 20 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, Saman Indrajith ලියූ, “Nuts and bolts theft from new Kelani Bridge: Govt. now tells a watered-down story” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,
- ආනන්ද
https://www.lankaenews.com/category/68

No comments:
Post a Comment