Friday, 14 July 2023

LeN පුවත ඵළදරයි..! පොල්හේන්ගොඩ මිලිටරි වධකාගාරයට මානව හිමිකම් කොමිසම කඩා පනී...! කොමසාරිස් නිමල් පුංචිහේවාට මල් මිටක්...! 

-සොල්දාදු උන්නැහේ ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.14, ප.ව.10.30) මාධ්‍ය තහංචි තහනම් දමා පුද්ගල මූලික අයිතිවාසිකමක් වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සොල්දාදු උන්නැහේ ලාට අහිමි කරමින් නිර්ලජ්ජිතව හමුදා සාමාජිකයන්ට පැනවූ මාධ්‍ය වාරණය දඩමීමා කරගෙන දේශපාලනික සහ පෞද්ගලික පළිගැනීම් සඳහා පොල්හේන්ගොඩ පිහිටි යුද හමුදා විශේෂ විමර්ශන ඒකකය මිලිටරි පොලිස් වධකාගාරයක් කරගත් මේජර් ජනරාල් ක්ලිෆර්ඩ් සොයිසා පිළිබඳව ඇඟ කිලිපොලා යන අනාවරණයක් "යුද හමුදාවේම විනයාරක්ෂකයා දූෂිතයෙක්..! ඔහුගේ පොල්හේන්ගොඩ මිලිටරි පොලිස් කඳවුර මිහිපිට වධකාගාරයක්..!" මැයෙන් ලංකා ඊ නිව්ස් පෙරේදා වාර්තා කෙළෙමු.

එහිදී අප ජනාධිපති, ජනාධිපති උපදේශක සාගල රත්නායක මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ද එකහෙළා ඉල්ලා සිටියේ ඔවුන්ගේ නියෝජිත කණ්ඩායමක් පොල්හේන්ගොඩ පිහිටි යුද හමුදා පොලිස් වධකාගාරයට යොමු කර සත්‍ය අවබෝධ කරගන්නා ලෙසටය.

කොමිෂන් සභාවේ ක්ෂණික වැටලීම..

අපගේ ප්‍රසිද්ධ ඉල්ලීම අනුව ක්‍රියාකළ එම කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් පුංචිහේවා, අධ්‍යක්ෂ ලාල් වීරසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් එම කොමිෂන් සභාවේ ක්ෂණික වැටලීම් අංශයේ ක්ෂණික වැටලීමක් අද (14) උදෑසන 11 ට පොල්හේන්ගොඩ හමුදා කඳවුර කරා දියත් කරන ලද්දේ ය.

එම වැටලීම සිදු වන අවස්ථාව වන විට ද විශාල සෙබළුන් පිරිසක් විවර සිර අඩස්සියේ සහ සිර කූඩු තුල රඳවා තබා සිටි අයුරු මානව හිමිකම් කොමිසම් සභාවේ නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත.

රඳවා සිටි හමුදා සෙබළුන්ට ආහාර  දීලත් නෑ....

යුධ හමුදා සහ සිවිල් නීතියට අනුව සාක්ෂිකරුවන් එසේ රඳවා මානසික පීඩනය එල්ල කරමින් දින ගණන් ප්‍රකාශ ලබා ගැනීම නීතිවිරෝධී වන අතර එසේ බලපෑම් එල්ල කරමින් ලබා ගන්නා ප්‍රකාශ තුළින් වෙනත් නිළධාරියෙකුට එරෙහිව දේශපාලනික සහ පෞද්ගලික පලිගැනීම් වලට යොදා ගැනීම අතිශයින් බිහිසුණු අනීතික ක්‍රියාවකි.

මෙසේ රඳවා ගනු ලබන යුද හමුදා සාමාජිකයන්ට රජය මගින් හිමි කර තිබෙන ආහාර වේල් තුන ද ලබා නොදෙන අතර ඔවුන්ගේ පෞද්ගලික මුදල් වලින් එහි තිබෙන ආපනශාලාවෙන් ආහාර මිලදී ගැනීමට ක්‍රියා කර තිබීම ද නීති විරෝධීය.

ලංකා ඊ නිව්ස් හෙළිකළ හමුදාපතිගේ ආහාර බිල් ලීක් කෙළේ කව්ද හොයන්න 50 ක් අත්අඩංගුවට අරන් අදටත් කූඩුවේ..

මේ අතර ලංකා ඊ නිවුස් අප පසුගිය දිනක ලිපි ලේඛන බිල්පත් සමග අනාවරණය කළ යුද හමුදාපතිගේ විස්මිත ආහාර වියදම් පිළිබඳ ලිපිය පළවීමෙන් අනතුරුව   මෙකී කුප්‍රකට මේජර් ජෙනරාල් ක්ලිෆඩ් සොයිසා විසින්  නීති විරෝධීව නිලධාරීන් හතර දෙනෙක් සහ සෙසු නිළයන් පනස් දෙනෙකු පමණ පොල්හේන්ගොඩ පිහිටි හමුදා පොලිස් මිලිටරි වධකාගාරයේ රඳවා ඔවුන් ශාරීරික මෙන්ම මානසික වධ හිංසන වලට ලක් කරමින් නොයෙකුත් ප්‍රකාශ ලබා ගත් අතර අදටත් ඉන් සමහරෙක්  මිලිටරි වධකාගාරයේ සිර කූඩු වල මානව හිමිකම් උල්ලංඝනය වෙමින් දුක් විඳිති.

ආරක්ෂක ලොක්කගේ 'ලැවෙනියා'  සහ සොල්දාදු උන්නැහේලාගේ බිරින්දලා...

ලංකා ඊ නිව්ස් අප වෙත තොරතුරු එව්වාද සොයමින් එලෙස හමුදා සාමාජිකයින් විශාල ප්‍රමාණයකගේ මානව හිමිකම් උල්ලංඝනය කරමින් ඔවුන් අනීතිකව සිර මැදිරි තුළ රඳවා නොයෙකුත් මානසික වධ හිංසාවන්ට ලක් කරමින් සිටින පසුබිමක ඔවුන්ගේ භාර්යාවන්ගේ සහ දරු පවුල් වල අඳෝනා දිවයිනේ නන් දෙසින් නැගෙද්දී  ආරක්ෂක ලොක්කෙක් තම උසස් පැලැන්තියේ බිරිඳට  ලියූ පොත 'ලැවෙනියා' අද වන් දිනක ජනතාවට පෙරලීම ද අධෝමුඛයෙන් සිනහා ගෙන දෙන්නකි.

දුරකථන අත්අඩංගුවට ගැනීම නීති විරෝධීයි..

ක්ලිෆර්ඩ් සොයිසා විසින් අත් අඩංගුවට ගන්නා සෙබළුන් පොල්හේන්ගොඩ කඳවුරට ඇතුළු වනවාත් සමගම ඔවුනගේ දුරකථන අත්අඩංගුවට ගනී. එය ද බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සහ නීති විරෝධී ක්‍රියාවක් ලෙස පෙන්වා දිය හැකිය. අත් අඩංගුවට ගත් හමුදා සාමාජිකයන්ගේ අවසරයකින් තොරව දුරකථන දත්ත පද්ධතියට ඇතුල්වන පොල්හේන්ගොඩ  මිලටරි වධකාගාරයේ අලුගෝසුවන් එතැන් සිට කරනු ලබන්නේ සෙබළුන්ගේ රෝම කූපයෙන් රෝම කූපයට මානව හිමිකම් උල්ලංඝනය කිරීම ය.

මානව හිමිකම් කොමිසමෙන් හමුදා සාමාජිකයින්ට පණිවිඩයක්...

මෙසේ අනීතික අත්අඩංගුවට පත්වූ සෙබලුන් සහ ඔවුන්ගේ ළඟම ඥාතීන් හට හෙට දින සිට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා වෙත ගොස් තමාට සිදුවූ අසාධාරණය  පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කළ හැකි බවට මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් දැනුම් දුන්නේ ය.  ඒ අනුව ක්‍රියා කරමින් තමාට සිදු වූ අසාධාරණ අත්අඩංගුවට ගැනීම සබැඳිව නිර්භීතව මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක් කරන ලෙස අප අගතියට පත් සොල්දාදු උන්නැහේලාගෙන් ඉල්ලා සිටිමු.

මේ විනයාරක්ෂාධිපති උම්මත්තකයෙක්..? වහා ඉවත් කරනු..!

මහ දවල් හිරිකිතකින් තොරව හමුදා සාමාජිකයන්ගේ මානව හිමිකම් රෝම කූපයන් රෝම කූපයට උල්ලංඝනය කරන  යුද හමුදාවේ මේ විනයාරක්ෂාධිපති මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසා මානසික රෝගි තත්ත්වයකින් පෙළෙන්නෙකු විය හැකිය. මොහුගේ නොමේරූ ක්‍රියාකාරකම් තුළින් සමස්ථ යුධ හමුදාවේම විනය පද්ධතියට මෙන්ම සාමාජිකයන්ගේ චිත්ත ධෛර්යයට සිදුවන හානිය සලකා බලා මොහු දරන තනතුරුවලින් ඉවත් කර මානසික වෛද්‍යවරයෙකුගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස වගකිවයුතු හමුදාපතිගෙන් ආරක්ෂක ලේකම්ගෙන් සහ සේනාධිනායකයා ගෙන් ඉල්ලා සිටින්නෙමු.

විනයාරක්ෂාධිපති මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසාගේ පෙර වැරදි...

1.  2004 වර්ෂයේදී යුද හමුදා විශේෂ විමර්ශන ඒකකයේ කටයුතු කරනු ලැබූ සමයේ ඔබේසේකරපුර සුප්‍රසිද්ධ ඔබේසේකර වලව්වේ ෆෙඩ්රික්  හාමුගේ  සමලිංගික සහකරු සරත් වීරසේකර යන අයගෙන් කප්පම් මුදල් ලබාගෙන එම මුදල් වලින් හෝමාගම ප්‍රදේශයේ සුවිසල් නිවසක් ඉදිකිරීම සහ එම ලබාගත් මුදල් සාධාරණ බව පෙන්වීම සඳහා කිසිදු වරදක් නොකළ යුධ හමුදා මේජර්වරයෙකු වන නෙල්සන් නැමැත්තෙකු අනීතිකව දින තුනක් සිරගත කර තබා ගැනීම.

2. පසුගිය දිනක  යුද හමුදා පොලිස් හේවා රෙජිමේන්තුවේ සියලුම නිලධාරීන් ඉදිරියේ නිලධාරී නිවස්නයේදී එම බළකායේම බ්‍රිගේඩියර් වරයෙකු වන සලේ  (මේජර් ජෙනරාල් සලේගේ සහෝදරයා) හට බීමතින් පහර දී විනයාරක්ෂාධිපති ධූරයට නොගැලපෙන අයුරින් හැසිරීම.

3. ඔහුගේ බිරිඳ ගුරු වෘත්තියේ නියැලෙන කිරුළපන මහාමාත්‍ය විදුහලේ වැසිකිළි පද්ධතිය අලුත්වැඩියාවට, වැසිකිලි සුද්ද කිරීමට සහ වෙනත් පිරිසුදු කිරීමේ ක්‍රියා සඳහා පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරෙන් හමුදා පොලිස් සාමාජිකයන් යෙදවීම.

4. වාහන හයක් සහ මසකට මිලියන ගණනක තෙල් අවභාවිතා කිරීම.

යු.හ. 17046 මොන්ටෙරෝ ජීප් රථය සඳහා, මාසිකව ඉන්ධන ලීටර්  625 ක් ලබා ගනී.
යු.හ 51375 සුදු කයිරෝන් ජීප් රථය සඳහා මාසිකව ඉන්ධන ලීටර් 525 ක් ලබා ගනී.
යු.හ 50018 කයිරෝන් ජීප් රථය සඳහා මාසිකව ඉන්ධන ලීටර් 525 ක් ලබා ගනී.
යු.හ 51278 KDH වෑන් රථය සඳහා ඉන්ධන සීමාවකින් තොරව ලබා ගනී.  
යු.හ 10281 ටොයෝටා කාර් රථය සඳහා ඉන්ධන ලීටර් 625 ක් ලබා ගනී.
යු.හ 16154 සුසුකි කාර් රථය සඳහා ඉන්ධන සීමාවකින් තොරව ලබා ගනී.

5. ආරක්ෂක ලේකම්වරයාගේ භාර්යාව යටතේ රාජකාරි කළ මේජර් තාරක  ගණේෂ් ලේකම් නිවසේ පෞද්ගලික ප්‍රශ්නයක් මුල් කරගෙන දින දහයක් සිරකුටියක රඳවා ඔහුගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම.

6. ඔහුගේ භාර්යාව වන මහාමාත්‍ය විද්‍යාලය ගුරුවරියක් ලෙස කටයුතු කරන  ප්‍රියන්තිකා ද සොයිසා නැමැත්තිය සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ යැයි කියා ශ්‍රී ලංකාවේ යුධ හමුදා පාබල රෙජිමේන්තුවේ මේජර් වරයෙක්  අසත්‍ය චෝදනා නගා අනීතිකව අත්අඩංගුවට ගැනීම.

7.  ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ රූමත් සෙබලියන් තම පෞද්ගලික කාර්ය සහායිකා ලෙස තබාගනිමින් වාචික සහ ශාරීරික ලිංගික හිංසනයන් සිදු කිරීම.

8. යුද හමුදාව තුළ  හමුදා නීතිය නවමින් නිවැරදි කරුවන් වැරදිකරුවන් කර වැරදිකරුවන් නිවැරදි ලෙස පෙන්වාදෙමින් හමුදා  සාමාජිකයන් දේශපාලන සහ පෞද්ගලික පළිගැනීම්වලට ලක් කර  සමස්ත රණවිරු ඡන්ද ලක්ෂ 40 ක ප්‍රමාණයක් ඉදිරි මැතිවරණයකදී වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව භාවිතා  කිරීමේ කුමන්ත්‍රණයේ කොටස් කරුවෙකු වීම.

9. තමාගේ දූෂණ සහ එතුලින් හමුදාවට විය හැකි හානිය විද්‍යුත් මාධ්‍ය ධාරාවන්ට මාධ්‍ය සාකච්ඡා පවත්වා හෙළි කළ එක්සත්  රණවිරු සංවිධානයේ කැඳවුම්කරු අසේල ධර්මසිරි නමැත්තාගේ අතිශය පෞද්ගලික තොරතුරු යුධ හමුදා ලිපිගොනු තුළින් නීතිවිරෝධීව ලබාගෙන යුධ හමුදා මූලස්ථානයේ සේවය කරන මොහුගේ  සට්ටැඹියෙක් වන  මේජර් චරිත සූරියබණ්ඩාර නැමැත්තා හරහා සමාජ මාධ්‍යට මුදා හැරීම (මේ සබැඳිව අගතියට පත් පාර්ශවය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ හමුදාපතිට පැමිණිලි කර ඇති අතර කොළඹ අලුත්කඩේ උසාවි අංක එකේ නඩුවක්ද ගොනු කර ඇත)

10.  ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) ලෙස කටයුතු කරන සමයේ නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට මානසික පීඩන එල්ල කරමින් පලිගැනීම් වල නිරතවීම සබැඳිව සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට හමුදාපතිවරයාට එවන ලද ලිපි තම කැඩෙට් නිලධාරී පාඨමාලා සගයා වන යුද ලේකම් මාර්ගයෙන් අස්ථානගත කිරීම.

ජනාධිපති තුමනි, ජනාධිපති උපදේශක සාගල රත්නායක සහ මානව හිමිකම් කොමසාරිස්තුමනි,  රාජ්‍යයක පන නල බඳු හමුදා සාමාජිකයන්ගේ මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කරමින්, දේශපාලනික සහ පෞද්ගලික පලිගැනීම වලට ලක්කරමින් යුද හමුදා විනයාරක්ෂාධිපති  තනතුරේ ගොම ගාන මේජර් ජනරාල් ක්ලිෆඩ්  සොයිසා වැන්නවුන් කන් කෙටියෙන් අල්ලා හමුදාවෙන් නෙරපා දැමීමට දෙපාරක් නොසිතා තීරණයක් නොගතහොත්  සමස්ථ දේශයටම ඉන් සිදුවන හානිය මෙතකැයි කියා පැවසිය නොහැකි තරම්ය.

-සොල්දාදු උන්නැහේ

සබැඳි පුවත

යුද හමුදාවේම විනයාරක්ෂකයා දූෂිතයෙක්..! ඔහුගේ පොල්හේන්ගොඩ මිලිටරි පොලිස් කඳවුර මිහිපිට වධකාගාරයක්..!

17 comments:



  1. විනය ආරක්ෂාඅධිපතිගේ පෙර වැරදි...

    1. 2004 වර්ෂයේදී යුද හමුදා විශේෂ විමර්ශන ඒකකයේ කටයුතු කරනු ලැබූ සමයේ ඔබේසේකරපුර සුප්‍රසිද්ධ ඔබේසේකර වලව්වේ ෆෙඩ්රික් හාමුගේ සමලිංගික සහකරු සරත් වීරසේකර යන අයගෙන් කප්පම් මුදල් ලබාගෙන එම මුදල් වලින් හෝමාගම ප්‍රදේශයේ සුවිසල් නිවසක් ඉදිකිරීම සහ එම ලබාගත් මුදල්වලට සාධාරණයක් ඉෂ්ඨ කිරීමට අනීතිකව යුධ හමුදා මේජර්වරයෙකු වන නෙල්සන් නැමැත්තෙකු කිසිදු වරදක් සිදු නොකල පසුබිමක දින තුනක් සිරගත කර තබා ගැනීම.

    2. පසුගිය දිනක යුද හමුදා පොලිස් හේවා රෙජිමේන්තුවේ සියලුම නිලධාරීන් ඉදිරියේ නිලධාරී නිවස්නයේදී එම බළකායේම බ්‍රිගේඩියර් වරයෙකු වන සලේ (මේජර් ජෙනරාල් සලේගෙ සහෝදරයා) හට බීමතින් පහරදී විනය ආරක්ෂාධිපති හට නොගැලපෙන අයුරින් හැසිරීම.

    3. ඔහුගේ බිරිඳ ගුරු වෘත්තියේ නියැලෙන කිරුළපන මහාමාත්‍ය විදුහලේ කැසිකිළි පද්ධතිය අලුත්වැඩියාවට වැසිකිලි සුද්ද කිරීමට සහ වෙනත් පිරිසුදු කිරීමේ ක්‍රියා සඳහා පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරෙන් හමුදා පොලිස් සාමාජිකයන් යෙදවීම.

    4. වාහන හයක් සහ මසකට මිලියන ගණනක තෙල් අවභාවිතා කිරීම
    යු.හ. 17046 මොන්ටෙරෝ ජීප් රථය සඳහා, මාසිකව ඉන්ධන ලීටර් 625 ක් ලබා ගනී.
    යු.හ 51375 සුදු කයිරෝන් ජීප් රථය සඳහා මාසිකව ඉන්ධන ලීටර් 525 ක් ලබා ගනී.
    යු.හ 50018 කයිරෝන් ජීප් රථය සඳහා මාසිකව ඉන්ධන ලීටර් 525 ක් ලබා ගනී.
    යු.හ 51278 KDH වෑන් රථය සඳහා ඉන්ධන සීමාවකින් තොරව ලබා ගනී.
    යු.හ 10281 ටොයෝටා කාර් රථය සඳහා ඉන්ධන ලීටර් 625 ක් ලබා ගනී.
    යු.හ 16154 සුසුකි කාර් රථය සඳහා ඉන්ධන සීමාවකින් තොරව ලබා ගනී.

    5. ආරක්ෂක ලේකම්වරයාගේ භාර්යාව යටතේ රාජකාරි කළ මේජර් තාරක ගණේෂ් ලේකම් නිවසේ පෞද්ගලික ප්‍රශ්නයක් මුල් කරගෙන දින දහයක් සිරකුටියක රඳවා ඔහුගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම.

    6. ඔහුගේ භාර්යාව වන මහාමාත්‍ය විද්‍යාලය ගුරුවරියක් ලෙස කටයුතු කරන ප්‍රියන්තිකා ද සොයිසා නැමැත්තිය සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ ශ්‍රී ලංකාවේ යුධ හමුදා පාබල රෙජිමේන්තුවේ මේජර් වරයෙක් අසත්‍ය චෝදනා මත පදනම්ව අනීතික අත්අඩංගුවට ගැනීමක් සිදු කිරීම.

    7. ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ රූමත් සෙබලියන් තම පෞද්ගලික කාර්ය සහයක ලෙස තබාගනිමින් වාචික සහ ශාරීරික ලිංගික හිංසනයන් සිදු කිරීම.

    8. යුද හමුදාව තුළ හමුදා නීතිය නවමින් නිවැරදි කරුවන් වැරදිකරුවන් කර වැරදිකරුවන් නිවැරදි ලෙස පෙන්වාදෙමින් හමුදා සාමාජිකයන් දේශපාලන සහ පෞද්ගලික පළිගැනීම්වලට ලක් කර සමස්ත රණවිරු ඡන්ද ලක්ෂ 40 ක ප්‍රමාණයක් ඉදිරි මැතිවරණයකදී වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව භාවිතා කිරිමේ කුමන්ත්‍රණයේ කොටස් කරුවෙකු වීම.

    9. තමාගේ දූෂණ සහ එතුලින් හමුදාවට විය හැකි හානිය විද්‍යුත් මාධ්‍ය ධාරාවන්ට මාධ්‍ය සාකච්ඡා පවත්වා හෙළි කළ එක්සත් රණවිරු සංවිධානය කැඳවුම්කරු අසේල ධර්මසිරි නමැත්තාගෙන් අතිශය පෞද්ගලික තොරතුරු යුධ හමුදා ලිපිගොනු තුළින් නීතිවිරෝධීව ලබාගෙන යුධ හමුදා මූලස්ථානය මොහු යටතේ සේවය කරන මොහුගේ සට්ටැඹියෙක් වන මේජර් චරිත සූරියබණ්ඩාර නැමැත්තා හරහා සමාජ මාධ්‍යට මුදා හැරීම( මේ සබැඳිව අගතියට පත් පාර්ශවය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ හමුදාපතිට පැමිණිලි කර ඇති අතර කොළඹ අලුත්කඩේ උසාවි අංක එකේ නඩුවක්ද ගොනු කර ඇත)

    10. ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස( උතුර) ලෙස කටයුතු කරන සමයේ නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට මානසික පීඩන එල්ල කරමින් පලිගැනීම් වල නිරතවීම සබැඳිව ඔහු විසින් සේනාධි නායකයා ලෙස ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට හමුදාපතිවරයාට එවන ලද ලිපි ඔහුගේ කැඩෙට් නිලධාරී පාඨමාලා සගයා වන යුද ලේකම් මාර්ගයෙන් අස්ථානගත කිරීම.

    ReplyDelete
    Replies
    1. සේනාධිනායකයා ලෙස ජනාධිපතිතුමන් හට තීරණයක් ගැනීමට කාලය එළඹ ඇතැයි මා සිතමි මක්නිසාදයත් අතලොස්සක් දූෂිතයන් සහ උන්මත්තකයින් හැසිරෙන ආකාරය මත සමස්ථ යුධ හමුදාවේම ප්‍රතිරූපය විනාශ වීමෙන් අභිමානවත් යුද හමුදාව තවත් එක් දෙපාර්තමේන්තුවක් බවට පත් වන නිසාය.

      එසේ හෙයින් සමස්ත යුද හමුදාවේ ප්‍රතිරූපය හිතුවක්කාර ක්‍රියා නිසා පජාත කර දමන යුද හමුදා විනය ආරක්ෂා ධිපති මේජර් ජෙනරාල් සොයිසා වහාම සියලු තනතුරුවලින් ඉවත් කර මොහු මානසික වෛද්‍යවරයෙකු වෙත යොමුකර ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන්නේනම් මැනවි යැයි සිතමි.

      Delete
    2. මනස සීරුවෙන් සිටින සෙබළුන් නිල බලයෙන් බලපුළුවන්කාරකම් වලින් හිරිකිතකින් තොරව පලිගැනීමට ලක් කිරීම තරම් පජාත ක්‍රියාවක් මේ මිහිපිට නැත. යුද හමුදා විනය ආරක්ෂාඅධිපති හමුදා සෙබළුන්ගේ මයිලක් මයිලක් ගානේ ගානේ මානව හිමිකම් උදුරා දමමින් බලාපොරොත්තුවන සැපත කුමක්ද අපට ප්‍රශ්නයකි .

      Delete
    3. කුප්‍රකට මේජර් ජෙනරාල් සොයිසා මෙවැනි පජාත වැඩ සිදුකරමින් සපුරාලන්නේ කාගේ උවමනා එපාකම් ද. ?
      1 මොළේ කළඳක් නොමැති සද්දන්ත මිනිහෙක්
      2. අමාත්‍යාංශ ලොක්කෙක්
      3. ලමා අපචාර චෝදනා ලද්දෙක් 4. ස්ත්‍රී දූෂකයෙක් සල්ලාලයෙක්
      5.මහජන මුදල් හොරා කන්නේක් 6.මිනී මරුවෙක්
      7 ඉහත සඳහන් සියල්ලම සහ තවත් බොහෝ දේ හිරිකිතයකින් තොරව සිදු කරන්නෙක්

      පිළිතුර අංක 7

      Delete
    4. කුප්‍රකට හමුදා පොලිස් ලොක්කා නොහොත් විනය ආරක්ෂාධිපති සිදු කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක් ද යන්න අනාවරණය වෙමින් පවතී තව නොබෝ දිනකින් මොලේ කළදක් නොමැති සද්දන්ත ශරීරය පශ්චාත් භාගයට පයින් ගසා ජනාධිපති විසින් දොට්ට දැමූ විට උසාවි ගානේ බඩගෑමට සිදුවන්නේ මෙවැනි සට්ටැඹියන් හටය

      Delete
    5. නීතිය නම් මෙයයි..
      1948 අංක 17 දරණ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත යුද්ධ හමුදා පනත සුවිශේෂී වන්නේ එය මහජන ආරක්ෂාව මෙන්ම ජාතික ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත බලාධිකාරියක් බැවිනි.

      යුද්ධ හමුදාවට බැඳෙන සියලුම දෙනා රාජකාරියේදී මෙම පනතට අනුව තම රාජකාරිය ඉටුකළ යුතුය. එම පනතට අනුව කටයුතු කිරීමේදී රටේ පවතින පොදු නීතියට ද යටත්ව කටයුතු කිරීමට ඔවුන්ට සිදු වේ. පොදු නීතිය යනු, ශ්‍රී ලංකා ආණ්ඩු ව්‍යවස්ථාව, අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සහ සිවිල් නඩු විධාන සංග්‍රහ පනතද සුරැකිය යුතු වීමයි.

      එසේම යම් යුද්ධ හමුදා කඳවුරක් තුල සිදුකරන සියලු කටයුතුවලදී ද ඒ ඒ කටයුතු වෙනුවෙන් පනවා තිබෙන අණපනත් වලට අනුව කටයුතු කළ යුතුය. උදාහරණයක් ලෙස යම් හමුදා කඳවුරක් තුල ගස් කපන්නේ නම් ඒ වෙනුවෙන් පනවා තිබෙන පනත්ද, ඇල මාර්ග ඉදිකරන්නේ නම් ඒ සඳහාද රට තුල පනවා තිබෙන පනත් වලට අනුව ක්‍රියා කළ යුතුය.

      එසේම රථ වාහන වල ගමන් කිරීම සඳහා පනවා තිබෙන නීතීන් වලටද අනුව කටයුතු කිරීම මහා මාර්ගය තුල පමණක් නොව හමුදා කඳවුරු තුලදී වුවද සිදු කළ යුතුය.

      තවද යම් හමුදා නිලධාරියෙක්, භටයෙක් අත්අඩංගුවට ගැනීම කළ හැකි නමුත් නඩු විභාගයකින් තොරව සිර අඩස්සියට පත්කළ නොහැක. නමුත් විවෘත සිර අඩස්සියේ තබා පරීක්ෂණ කළ හැකිය. පරීක්ෂණ කිරිමේදී එය කළ යුතු ආකාරයද පැහැදිලිව පෙන්වා දී තිබේ.

      යම් උසස් නිලධාරියෙක් තමන්ට පහළින් සිටින නිලධාරියාගෙන් පලි ගැනීම උදෙසා තම බලය භාවිතා නොකළ යුතුය. එසේම රජය මගින් ලබා දී තිබෙන වරප්‍රසාද කිසිවක් කප්පාදු කිරීමට ද උසස් නිලධාරීන්ට බලයක් නැත.

      ඒ අනුව ගත්විට සහ නීතිය එය වන විට ඒ ආකාරයෙන්ම යුද්ධ හමුදාව තුළ සිදු වන්නේද යන්න අප සොයා බැලුවේ අපට ලැබී තිබෙන විශාල ලිපි ගොනු නිසාය. යුද්ධ හමුදා උසස් නිලධාරීන්ගෙන් පහළ නිලධාරීන්ටද, සමහර නිලධාරීන්ගෙන් භටයන්ටද සිදුව තිබෙන සහ සිදුවන පලිගැනීම්, නීති විරෝධී නොසලකා හැරීම්, අනාගත උසස්වීම් ලබා ගැනීමට නොහැකිවන ලෙස විවිධ පරීක්ෂණ පවත්වා අවවාද කිරීම් ආදිය ද අපට වාර්තා වී තිබේ.

      මේ වන විටද පොල්හේන්ගොඩ යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය තුල භටයන් විශාල ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස රඳවාගෙන තිබෙන බවටද තොරතුරු ලැබී තිබේ.

      එසේම බොහෝ භටයන් මානසික හිංසනයන්ට ලක් කරමින් විවිධ ප්‍රකාශ වලට අත්සන් ලබා ගන්නා බවද, ඒවා පලිගැනීම් උදෙසා භාවිතා කරන බවටද තොරතුරු රාශියක් ලැබී තිබේ.

      Delete
    6. ක්ලිෆර්ඩ් සොයිසා ඇතුළු නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග 4 ක් ගත හැකිය..
      මේ ආකාරයෙන් පලිගැනීම්, අකටයුතුකම් සිදුවීමෙන් ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් සිදු වේ. ඒ ඔවුන් හමුදා නිලධාරීන් සහ භටයන් වන බැවිනි. තමන්ට හමුදාවන් වලදී සිදුවන අකටයුතුකම් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග හතරක් ගත හැකිය.

      එසේ කෲර ලෙස සලකන උසස් නිලධාරීන්ට එරෙහිව පොදු නීතිය යටතේ කටයුතු කළ හැකිය. එහිදී එම නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට පැමිණිලි කර අපරාධ නඩු පැවරීම, තමන්ට සිදුවන නින්දා සහ අපහාසයට එරෙහිව වන්දි නඩු පැවරීම, මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම සහ මුලික අයිතිවාසිකම් නඩු පැවරීම, බලධාරීන්ට එරෙහිව රිට් ආකාරයෙන් නියෝග ලබා ගැනීම ආදියයි.

      ඉන් වඩාත්ම ප්‍රතිඑලදායක වන්නේ පොලිසියට ගොස් පැමිණිලි කිරීම සහ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමය. ඒ සඳහා කිසිදු මුදලක් වැය නොවන අතර එය තමන්ට ඇති නීතිමය අයිතිවාසිකමකි.

      Delete
    7. විනය ආරක්ෂාධිපති මේජර් ජෙනරාල් සොයිසාගෙන් නීති විරෝධී ක්‍රියාකාරකම් පශ්චාත්භාගය පුදමින් සිදු කරනු ලබන තට්ට කර්නල් වරයා සහ ඔහුගේ බේබදු බිරිඳ පිළිබඳව අනාවරණය වෙමින් පවතින අතර අටමස්ථානය සතුන් දේපළ කොල්ලකෑම් හඬ පට සාක්ෂි සහිතව එලියට එමින් පවතී. ඉදිරි පැය 24 තීරණාත්මකය

      Delete
    8. චරිත් සූරියබණ්ඩාර දැන් ඉතින් ඔයා පශ්චාත් භාගයට හිරු එළිය වැටෙනකන් නිදන් ඉඳලා උදේට මේක දැකලා මේජර් ජෙනරාල් සොයිසාට කඩේ යන්න එක එක නම් වලින් ඇවිත් ටිපර් වෙන්න ඊ නිව්ස් වලට අභියෝග දෙන්න යන්න එපා මොකද සට්ටැඹියා කියන්නෙත් වැදගත් වෘත්තියක් ඒ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමට ඔයා බැඳී සිටිනවා ඒ නිසා ලක්ෂිකා කල්පනී හෙට සම්පත් බැංකුවේ වැඩක් තියෙනවා කියලා එහෙම එලියට ගියොත් ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න.

      Delete
    9. තට්ට කර්නල් ඔයා ගැන ගොඩක් දේවල් තියෙනවා පැය විසිහතරක් දෙන්න

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. ජනාධිපතිතුමනි
      මදකට සිතන්න
      ශ්‍රී ලංකාව තුළ ඇති විශාලතම ආයතනය ශ්‍රී ලංකා යුධ හමුදා වන අතර යුදහමුදා සාමාජිකයන් ඇතුළු කොටගත් ඔහුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ඡන්ද පදනම මිලියන හතරකට ආසන්නය. මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසා කුමන්ත්‍රණයක කොටස්කරුවෙකු වන අතර ඔහු මේ සිදු කරන්නේ යුධ හමුදා නීතිය නවමින් නිවැරදි කරුවන් වැරදිකරුවන් කර වැරැදිකරුවන් නිවැරැදිකරුවන් කර සාක්ෂිකරුවන්ගේ පවා මානව හිමිකම් උල්ලංඝනය කරමින් සමස්ත හමුදා සාමාජිකයන් සහ ඔහුගේ පවුල් වල අය සේනාධි නායකයා නොහොත් ජනාධිපතිවරයා පිළිබඳ කලකිරීමට පත්කර ඒ තුළින් හතලිස් දහසකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට අහිමි කිරීමය. මෙම කුමන්ත්‍රණයේ මහ මොළකරු ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැවීමේ කුමන්ත්‍රණයේද හවුල්කරුවෙකු ඔබතුමාගේ අමාත්‍යාංශයටද ලොක්කෙක් වන්නේය. එසේ හෙයින් ඔබතුමාගේ ජීවිතයට දේශපාලන ගමනට අබමල් රේණුවක හෝ ආශාවක් ඇත්නම් මෙම පිළිකාව මුලිනුපුටා දමන්න. ඉන්පසු කුප්‍රකට මේජර් ජනරාල් සොයිසා යුද හමුදා පොලිස් හේවා බලකායේ බලකාදිපති ධුරයෙන්ද ඔහු දැනට දරන ලබන යුද හමුදා විනය ආරක්ෂාඅධිපති ධූරයෙන් ද ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා මෙම කුමන්ත්‍රණයේ අලගිය තැන් මුලගිය තැන් සොයාගෙන සාඩම්බර යුද හමුදාවක් උදාර මව්බිමක් අපට උරුම කර දෙන්න සාගල රත්නායක මහතාද මේ පිළිබඳ අවධානය යොමු කරන්න

      Delete
    12. අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් දැඩි සත්කාර ඒකකයේ සිට සුළු වෙලාවකට වකුගඩු ප්‍රශ්නය නිසා ලේ මාරු කිරීමට එළියට ගෙනාපසු මරණ මංචකයේ සිටි හාමුදුරුවන්ගෙන් අත්සන් ලබාගෙන කෝටි ගානක් දේපළ වංචා කළ තට්ට කර්නල් වරයෙක් සහ ඔහුගේ බේබදු බිරිඳ මෙන්ම ඔහුගේ දූෂණ ක්‍රියාකාරකම් රැසක් පිළිබඳව අනාවරණය .....අවදියෙන් සිටින්න.... හඬ පට සාක්ෂි සහිතව සිදුකරනු ලබන මෙම අනාවරණයෙන් පසු තට්ට කර්නල් වරයාට විශ්‍රාම ගැනීමට සිදුවන්නේ කර්නල් නිලයන්ම පමණි...... මධ්‍යස්ථාන සේනාවිධායක වීම සඳහා කුප්‍රකට මේජර් ජනරාල් සොයිසා හට කොන්දේසි විරහිතව කඩේ යමින් පශ්චාත්භාගය දුන්නද මෙම සක්කිලි මේජර් ජනරාල්වරයාට කෙල උන දාට තට්ට කපටි කර්නල් ට උන්හිටි තැන් නැති වේ

      Delete

      Delete
  2. සේනාධිනායකයා ලෙස ජනාධිපතිතුමන් හට තීරණයක් ගැනීමට කාලය එළඹ ඇතැයි මා සිතමි මක්නිසාදයත් අතලොස්සක් දූෂිතයන් සහ උන්මත්තකයින් හැසිරෙන ආකාරය මත සමස්ථ යුධ හමුදාවේම ප්‍රතිරූපය විනාශ වීමෙන් අභිමානවත් යුද හමුදාව තවත් එක් දෙපාර්තමේන්තුවක් බවට පත් වන නිසාය.

    එසේ හෙයින් සමස්ත යුද හමුදාවේ ප්‍රතිරූපය හිතුවක්කාර ක්‍රියා නිසා පජාත කර දමන යුද හමුදා විනය ආරක්ෂා ධිපති මේජර් ජෙනරාල් සොයිසා වහාම සියලු තනතුරුවලින් ඉවත් කර මොහු මානසික වෛද්‍යවරයෙකු වෙත යොමුකර ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන්නේනම් මැනවි යැයි සිතමි.

    ReplyDelete
  3. ජනාධිපතිතුමනි
    මදකට සිතන්න
    ශ්‍රී ලංකාව තුළ ඇති විශාලතම ආයතනය ශ්‍රී ලංකා යුධ හමුදා වන අතර යුදහමුදා සාමාජිකයන් ඇතුළු කොටගත් ඔහුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ඡන්ද පදනම මිලියන හතරකට ආසන්නය. මේජර් ජෙනරාල් ක්ලිෆර්ඩ් සොයිසා කුමන්ත්‍රණයක කොටස්කරුවෙකු වන අතර ඔහු මේ සිදු කරන්නේ යුධ හමුදා නීතිය නවමින් නිවැරදි කරුවන් වැරදිකරුවන් කර වැරැදිකරුවන් නිවැරැදිකරුවන් කර සාක්ෂිකරුවන්ගේ පවා මානව හිමිකම් උල්ලංඝනය කරමින් සමස්ත හමුදා සාමාජිකයන් සහ ඔහුගේ පවුල් වල අය සේනාධි නායකයා නොහොත් ජනාධිපතිවරයා පිළිබඳ කලකිරීමට පත්කර ඒ තුළින් හතලිස් දහසකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට අහිමි කිරීමය. මෙම කුමන්ත්‍රණයේ මහ මොළකරු ගෝඨාභය රාජපක්ෂ ගෙදර යැවීමේ කුමන්ත්‍රණයේද හවුල්කරුවෙකු ඔබතුමාගේ අමාත්‍යාංශයටද ලොක්කෙක් වන්නේය. එසේ හෙයින් ඔබතුමාගේ ජීවිතයට දේශපාලන ගමනට අබමල් රේණුවක හෝ ආශාවක් ඇත්නම් මෙම පිළිකාව මුලිනුපුටා දමන්න. ඉන්පසු කුප්‍රකට මේජර් ජනරාල් සොයිසා යුද හමුදා පොලිස් හේවා බලකායේ බලකාදිපති ධුරයෙන්ද ඔහු දැනට දරන ලබන යුද හමුදා විනය ආරක්ෂාඅධිපති ධූරයෙන් ද ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා මෙම කුමන්ත්‍රණයේ අලගිය තැන් මුලගිය තැන් සොයාගෙන සාඩම්බර යුද හමුදාවක් උදාර මව්බිමක් අපට උරුම කර දෙන්න සාගල රත්නායක මහතාද මේ පිළිබඳ අවධානය යොමු කරන්න

    ReplyDelete
  4. චරිත් සූරියබණ්ඩාර දැන් ඉතින් ඔයා පශ්චාත් භාගයට හිරු එළිය වැටෙනකන් නිදන් ඉඳලා උදේට මේක දැකලා මේජර් ජෙනරාල් සොයිසාට කඩේ යන්න එක එක නම් වලින් ඇවිත් ටිපර් වෙන්න ඊ නිව්ස් වලට අභියෝග දෙන්න යන්න එපා මොකද සට්ටැඹියා කියන්නෙත් වැදගත් වෘත්තියක් ඒ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමට ඔයා බැඳී සිටිනවා ඒ නිසා ලක්ෂිකා කල්පනී හෙට සම්පත් බැංකුවේ වැඩක් තියෙනවා කියලා එහෙම එලියට ගියොත් ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න.

    ReplyDelete
  5. Is the Army Commander a another Sleeping Baby?

    ReplyDelete