Saturday, 12 August 2023

වීරවංශ ජරාව කෑ සිද්ධි 39 ක්..! අධි චෝදනා දී තියෙද්දී වීරවංශගේ නීතිඥයෝ ගොං තර්ක කියති..! නඩුව පෙරට යයිද නැතිද?

-ඩේලි මිරර් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.12, ප.ව.10.40) පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරා ඇති දූෂණ නඩුව පවත්වා ගෙන යාමේ හැකියාව අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මූලික විරෝධතා සම්බන්ධයෙන් වාචික කරුණු දැක්වීම් ඔක්තෝබර් මස 27 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය පසුගිය 9 වැනිදා දින නියම කළේය.

විමල් වීරවංශට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිචෝදනා ගොනු කර ඇත්තේ, 2009 සිට 2015 දක්වා කාලය තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් වසර 6 ක් ඇතුළත නීති විරෝධී ලෙස රුපියල් දශ ලක්ෂ 75 ක් ලෙස ඇස්තමේන්තු කළ මුදල් හා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙනි. 

හිටපු අමාත්‍යවරයා 2009 ජනවාරි 01 වන දා සිට 2014 දෙසැම්බර් 31 වන දා දක්වා කාලය තුළ ප්‍රකාශ නොකළ වත්කම් උපයා ගනිමින් මෙම වරද සිදු කර ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා චෝදනා කරයි. 

විමල් වීරවංශ රාජ්‍ය නිලධාරියෙකු නොව මහජන නියෝජිතයෙකු බැවින් අල්ලස් පනත යටතේ ඔහුට එරෙහිව ගොනු කර ඇති චෝදනා පවත්වා ගෙන යා නොහැකි බව විත්තියේ තර්කයයි.

එම මූලික විරෝධතාවය සම්බන්ධයෙන් විත්ති පැමිණිලි දෙපාර්ශවයම දැනටමත් ලිඛිත දේශන ගොනු කර ඇත.

රු. මිලියන 75 ක් ලෙස ඇස්තමේන්තු කළ මුදල් හා දේපල ගනුදෙනු පදනම් කර ගනිමින් සිද්ධීන් 39 ක් යටතේ හිටපු අමාත්‍යවරයාට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබේ. 

අල්ලස් පනතේ 23(අ) වගන්තියට පටහැනිව, නීති විරෝධී ලෙස මුදල් ගනුදෙනු 26 ක් සිදු කර ඇති බවටත්, නිවසක් ඉදි කර ඉඩකඩම් යාන වාහන මිල දී ගෙන ඇති බවටත් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හිටපු අමාත්‍යවරයාට චෝදනා කර තිබේ.

වීරවංශට අයිති එම දේපල, අදාල පනතේ ප්‍රතිපාදන යටතේ අල්ලස් මගින් උපයා ගත් දේපල ලෙස සැලකෙන බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් චෝදනා කරයි.

- 2023 අගෝස්තු 9 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, Lakmal Sooriyagoda ලියූ, “Corruption case against Wimal fixed for oral submissions” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

1 comment:

  1. If it is ''Nidos Kota Nidahas' , not be surprised.

    ReplyDelete