අලි-පොහොට්ටු ආණ්ඩුව ගුරු මාරුවීම් වල පහරලා..! රෝයල් එකට අමුතුම ප්‍රින්සිපල් කෙනෙක්..!
-ඩේලි මිරර් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.12, ප.ව.10.15) දිවයිනේ ප්‍රධාන පෙළේ පාසල් පහක විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම්වලට බලපෑමක් නොවන පරිදි නව විදුහල්පති පත්වීම් ලබා දීමට නියමිත බව ලංකා ගුරු සංගමයේ (CTU) ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසයි.
කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය සහ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලය වැනි ප්‍රමුඛ පෙළේ පාසල් පහේ විදුහල්පතිවරුන් ස්ථාන මාරුවීම් ලැයිස්තුවේ සඳහන් කර නොමැති බව ඔහු ඩේලි මිරර් සමග පැවසීය.
කෙසේ වෙතත්, සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව ප්‍රමුඛ පෙළේ පාසල් 34 ක් සඳහා විදුහල්පතිවරුන් තෝරා ගෙන ඇති බවත්, එම තේරීම් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ (PSC) අනුමැතිය සඳහා යවා ඇති බවත් ඔහු පැවසීය.
එහෙත් එම මාරුවීම් ලැයිස්තුවේ සඳහන් වූ පාසල් විදුහල්පතිවරුන් පස් දෙනා PSC වෙත යැවූ ලැයිස්තුවේ සිටියේ නැත. එම ලැයිස්තුව ප්‍රතික්ෂේප වූ අතර සම්පූර්ණ ලැයිස්තුවම PSC වෙත එවන ලෙස දැනුම් දී ඇත. එසේ යවන ලද දෙවන ලැයිස්තුවේ පවා ඉහත සඳහන් පාසල් ලැයිස්තු ගත කර නොතිබුණි.
කොළඹ රාජකීය විද්‍යාලයේ හිස්වූ විදුහල්පති ධූරයට හෙංචයියෙක්..
අද සිට කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ධූරය පුරප්පාඩු වන අතර හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සමග සම්බන්ධකම් පැවැත්වූ අයෙකු එම ධූරයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ස්ටාලින් සඳහන් කළ පරිදි, රාජකීය විද්‍යාලයේ විදුහල්පති තනතුරට තේරී පත් වූ පුද්ගලයා සම්මුඛ පරීක්ෂණයට පවා පැමිණ නැති අතර, ස්ථාන මාරු වීම් සඳහා අයදුම් පතක් පවා ඉදිරිපත් කර නැත.
එබැවින් රාජකීය විද්‍යාලයේ පුරප්පාඩුව සඳහා තෝරා ගෙන ඇති විදුහල්පතිවරු දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.
කෙසේ වෙතත් සම්මුඛ පරීක්ෂණ ලැයිස්තුවේවත් නොමැති විදුහල්පතිවරයෙකු පත් කිරීමට ගෙන ඇති පියවරට එරෙහිව නීතිමය පියවර ගැනීමට CTU තීරණය කර ඇත.
මේ අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරුවීම් දෙපාර්තමේන්තුවට අළුතින් පත් වූ අධ්‍යක්ෂවරයා ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් වාර්ෂික ගුරු මාරු වැඩසටහනේ දී ප්‍රමුඛ පෙළේ ජාතික පාසල් කිහිපයක ගුරු මාරු වීම් සිදු වී නොමැති බව CTU ප්‍රධාන ලේකම්වරයා පැවසීය.
- 2023 අගෝස්තු 9 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, Chaturanga Pradeep Samarawickrama ලියූ, “New principal appointments to be made, ignoring five leading schools: Stalin” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,
- ආනන්ද
https://www.lankaenews.com/category/68

No comments:
Post a Comment