Sunday, 20 August 2023

ක්‍රීඩා ඇමැති එල්පීඑල් වර්ජනය කරද්දී අද අවසන් තරඟයට රනිල් යන්නේ ඇඳුම් ඇඳගෙනද..?

-LeN ස්පෝර්ට්ස්මන් ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.20, ප.ව‍.3.25) අද පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීගයේ දඹුල්ල අවුරා හා කැන්ඩි බී ලව් අතර අවසන් තරගය සඳහා අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වීමට නියමිතය. 

තම ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව නඩු පිට නඩු පවරා ඇති ක්‍රිකට් බලධාරීන්ගේ ආරාධනයෙන් ජනපතිවරයා එහි යන්නේ කලිසමක් ඇඳගෙනද යන්න රටේ ජනතාවගේ කුතුහලයට හේතු වී තිබේ.

ක්‍රීඩා ඇමැති වර්ජනය කරද්දී..

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට මෙම ප්‍රිමියර් ලීගය ගැන ප්‍රශ්න රැසක් තිබිණ. 

මෙම තරගාවලියට  ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබා නොමැති බවටත් පසුගිය වසර වල පැවැති තරගාවලි වල විශාල ඩොලර් දීමනා ගෙවනු ලැබූ ක්‍රීඩකයන් කිසිවකු ඒ සඳහා රජයට බදු  සත පහක් ගෙවා නොමැති බවටත් බරපතල චෝදනාවක් එල්ල කළ ක්‍රීඩා අමාත්‍යවරයා මෙවර තරගාවලියේ සමාරම්භක උළෙලට කරන ලද ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් එය වර්ජනය කර සිටියේය.

බුකි කරුවන්ගේ තරගාවලිය.. 

ලොව පුරා පැවැත්වෙන මෙවැනි ප්‍රිමියර් ලීග තරගාවලි අතරින් වැඩිම බුකි කරුවන් අනුග්‍ර්‍රාහකත්වය සපයන ලීගය ලංකා ප්‍රිමියර් ලීගයයි.

සෑම කණ්ඩායකම ප්‍රධාන අනුග්‍රාහකයා බුකි කොම්පැණියකි.

මෙවර තරගාවලිය නිරීක්ෂණය කිරීම සඳහා අයිසීසියේ ඇන්ටි කොරප්ෂන් ප්‍රධානියා විශේෂයෙන් ලංකාවට පැමිණ සිටී. 

දැනටමත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඔවුන්ගේ දැලට හසුව ඇතැයි වාර්තා වේ. 

ක්‍රිකට් බලධාරීන්ගේ හෙළුව විවාදයට ලක් කෙරෙන පාර්ලිමේන්තු විවාදයක් විපක්ෂය විසින් කැඳවා මේ මස 24 වැනි දින පැවැත්වීමටද නියමිතය.

විගණකාධිපති වාර්තාව රනිල් නොදුටුවාද? 

විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධව කරන ලද වෝහාරික විගණන වාර්තාව අනුව ක්‍රිකට් බලධාරීන් විසින් කර ඇති දූෂණ , මූල්‍ය අක්‍රමිකතා රැසක් හෙළිදරව් වී තිබේ. 

එසේ තිබියදී ක්‍රීඩාවෙන් රජය නියෝජනය කරන ක්‍රීඩා ඇමතිවරයාගේද ඇඳුම් ලිහා දමමින් ඔහුවත් ඇදගෙන අද ඛෙත්තාරාමයට යාමට ජනපතිවරයා කටයුතු කරන්නේ ඇයිදැයි ජනතාව බලා සිටී.

ක්‍රීඩා ඇමතිවරයා එකක් කියද්දී හරීන් ප්‍රනාන්දු මෙම තරගාවලිය විදේශිකයන් මෙහි ගෙන්වා ගත හැකි තරගාවලියක් බව කියයි. එහෙත් මෙහි සියලු තරග නැරඹීම සඳහා සුද්දන් දහයක් හෝ සිටියේද යන්න රටේ සියලු දෙනා රූපවාහිනියෙන් දුටුවෝය.

ෂම්මි හා හරීන් සීසීසී ක්‍රීඩා සමාජයේ ගජ මිතුරන් බව කවුරුත් දනිති.

කොන්ත්‍රාත්තුව..

ගියවර අවසන් තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එහි ගිය සාගල රත්නායක මෙවර ජනපති රැගෙන ඒමේ කොන්ත්‍රාත්තුව රැගෙන තිබේ. 

තමන්ට ආවරණයක් ලබා දෙන ඕනෑම දෙයකට ක්‍රිකට් ආයතනයේ මුදල් මෙන්ම තමන් ක්‍රිකට් මගින් උපයාගත් මුදල් අත දිග හැර වියදම් කිරීමට සමත් ෂම්මිලා මෙම කොන්ත්‍රාත්තුවටද වියදම් කරන මුදල නම් සුළු පටු නොවිය හැක

මේ මස 24 පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය වෙනුවෙන්ද ෂම්මිලා වෙනුවන් කතා කරන්නට ඉන්න අය ගැනද අමුතුවෙන් කිව යුතු නොවේ.

-LeN ස්පෝර්ට්ස්මන්

No comments:

Post a Comment