අනාගත ලංකාවේ නායකත්වය භාර ගන්න තටමන අම්මට සිරි කුමාරයා...!
-ශාන්ත ජයරත්න ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.26, ප.ව.9.10) ලංකාවේ බොහෝ අය, විශේෂයෙන්ම තරුණ පිරිස්, ක්‍රම වෙනසක් (System Change) ඉල්ලා පසුගිය කාලයේ විශාල සිවිල් අරගලයක් කළෝය. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ ලංකාවේ නායකත්වය තරුණ තරුණියන්ට භාර දිය යුතු බවත් වයෝවෘධ පාලකයන් විශ්‍රාම යා යුතු බවත් ය. අමතරව, පවුල් පාලනයට තිත තැබීමටද ඔවුන්ට අවශ්‍ය විය . රටේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන වගකිව යුත්තන් මෙම දූෂිත වයෝවෘධ පාලකයන් සහ ඔවුන්ගේ ගජ මිතුරු ජාවාරම් කරුවන් කිහිප දෙනෙකු බව අරගල කරුවන්ගේ චෝදනාව විය. ඔවුන්ට අවශ්‍ය වූයේ රටේ පාලන බලය තරුණ තරුණියන් විසින් අත් පත් කරගෙන රටේ ආර්ථික අර්බුදයට පිළියම් යොදන ගමන් 4වන කාර්මික විප්ලවයට අවශ්‍ය පරිදි රට සූදානම් කිරීමය. එහෙත් එය එසේ සිදුවේවිද?
ක්‍රම වෙනස ඉල්ලා අරගල කල තරුණ තරුණියන් අවසානයේ ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා ඇත. ශ්‍රී ලංකා පොදු පෙරමුණ හෙවත් පොහොට්ටුව (SLPP) ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා නම් කරන බව නිල වශයෙන් නොවුනත් ඔවුන්ගේ වේදිකා වල කරන හඳුන්වා දීම් වලදී නිතර ප්‍රකාශ කරනු දකින්නට ඇත. නාමල් රාජපක්ෂ තරුණ දේශපාලනඥයකු හැටියට මහජන ඡන්දයෙන් තේරී පත්වී රටේ ජනාධිපති වීමේ කිසිදු බාධාවක් නැත. එය රටේ මහජන කැමැත්ත නම් ඊට කිසිවෙකුට විරුද්ධ වීමට ද නොහැක. එහෙත් එය පවුල් පාලනය එපා කියූ අරගල කල තරුණ තරුණියන් ප්‍රාර්ථනා කළ ක්‍රම වෙනසද?
නාමල් රාජපක්ෂ යනු..
හාවර්ඩ් බිස්නස් ස්කූල් (Harvard Business School ) කියන අන්දමට නායකයකු සතු විය යුතු ඉතා වැදගත් ගුණාංගයක් වන්නේ අවංක කම සහ වග වීමයි (Integrity & Accountability). මෙම ගුණාංගය ආයතනයක නායකත්වය හොබවන්නෙකුට මෙන්ම රටක නායකයකුටද එක හා සමානව වැදගත් ය. නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා සතුව කොතෙක් දුරට මෙම ගුණාංගය තිබෙනවා ද?
37 වියැති නාමල් රාජපක්ෂ (1986.04.10) මේ වන විටත් වාර්තා රාශියකට හිමිකම් කියති . එහෙත් ඒවා යහපත් කටයුතු වලින් උපයාගත් වාර්තා නොවේ. එම වාර්තා උපයාගෙන ඇත්තේ හොරකම, වංචාව, මුදල් විශුද්ධීකරණය වැනි ප්‍රබල චෝදනා වලට ය. මේවාට අදාළව ඔහුට විරුද්ධව විශාල නඩු තොගයක් මේ වන විටත් උසාවි වල විභාග වෙමින් පවතී. මේවායින් ගැලවීමට පහසුම මග මී ළඟ ජනාධිපති වීමයි. ඔහුගේ පියා මහින්ද රාජපක්ෂ ඔහුට විරුද්ධව තිබූ සියළු නඩු වලින් නිදහස් වූයේ ජනාධිපති මුක්තිය නිසාය . බාප්පොච්චි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඔහුට විරුද්ධව තිබූ නඩු වලින් නිදහස් වූයේද ජනාධිපති වීම නිසාය. එහෙත් කවදා හෝ ජනතා රජයක් බිහිවූ දාට මේවා යලි එළියට එනු ඇත.
වැඩිම නඩු සංඛ්‍යාව හිමි පුද්ගලයා..
නාමල් රාජපක්ෂ මහතාට ඇති නඩු තොගය ඔහුගේ පියාට සහ ගෝඨාභය බාප්පාට වඩා වැඩි ය. යෝෂිත සහ රෝහිත මල්ලිලාටත් නඩු ඇත. මව ශිරන්තිගේ සිරිලිය ගිණුම, සහ තවත් දූෂණ විමර්ශන වලට සිදුවූ දෙයක් නැත. බැසිල් බාප්පා පවුලේ සියළු දෙනාම අභිබවා වැඩිම නඩු සංඛ්‍යාව හිමි පුද්ගලයා බවට පත්වී ඇත. මේ අනුව නඩු නැත්තේ රාජපක්ෂ පවුලේ කාටද?
නාමල් රාජපක්ෂ තරුණ නායකයාගේ අවංක භාවය සහ වගවීම පරීක්ෂා කරන නඩු රාශියෙන් කිහිපයක් පහත දක් වන්නේ ඔහුගේ ජනාධිපති සිහිනය බොඳ කිරීමට නොවන බව කිව යුතුය. කෙසේ වෙතත්, මේවා සම්බන්ධව රටේ ජනයා දැනගෙන සිටීම වැදගත් වන නිසා ය.
2. BC/3130/15 - අයථා වත්කම් ඉපැයීමේ නඩුව
3. BC/1614/15 - අයථා වත්කම් ඉපැයීමේ නඩුව
4. BC/462/16 - අයථා වත්කම් ඉපැයීමේ නඩුව
මෙම නඩු සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් සහ හිතවතුන්ගේ නඩු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට පිවිසෙන්න....
මීට අමතරව නාමල් රාජපක්ෂට විරුද්ධව පැනවූ මුදල් විශුද්ධීකරණ නඩු සහ චෝදනා රාශියක් ඇත. ඉන් කිහිපයක් සහ ඒවා පිළිබඳ විස්තර ලබා ගැනීමට අවශ්‍ය දිගු ලබා දී ඇත.
5. ගවර්ස් කෝපරේට් සර්විසස් පුද්ගලික සමාගමට අදාළ රුපියල් මිලියන 30 ක් සහ NR Consultation pvt ltd හරහා රුපියල් මිලියන 15 විශුද්ධීකරණයට අදාළ නඩුව
https://counterpoint.lk/money-laundering-case-namal-rajapaksa-magistrate-reminds-ag-expedite-case/
6. හම්බන්තොට රෝහල් ව්‍යාපෘතිය හරහා ඕස්ට්‍රේලියාවේ ඇස්පන් සමාගමින් ලබා ගත් අමෙරිකානු ඩොලර් 555,000 සහ NR ප්‍රොජෙක්ට්ස් නැමැති සමාගමකින් ලබා ගත් යුරෝ මිලියන 4.33 පිළිබඳ චෝදනාව
7. ක්‍රිස් සමාගමින් ලබා ගත් ඩොලර් 500,000 අල්ලස් නඩුව
https://www.bbc.com/news/world-asia-37089546
ඉහත දක්වා තිබෙන්නේ උසාවියේ විභාග වෙමින් පවතින නඩු කිහිපයක් පමණි. සමහරක් නඩු විවිධ තාක්ෂණික හේතූන් නිසා අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කරගෙන හෝ නීතිපතිවරයා විසින් ඉවත් කරගෙන ඇත.
වයස 37 වන විටම කප් ගසා ඇත...
මෙම තරුණ නායකයා වයස 37 වන විට හොරකම, දූෂණය , අයථා වත්කම් ඉපැයීම, මුදල් විශුද්ධීකරණය වැනි බරපතළ චෝදනා වලට කප් ගසා ඇත. මොවුන් ජනයා ඉදිරියට පැමිණ යහපත් රටක් ගොඩ නගන බවට පම්පෝරි ගසන්නේ වස්ත්‍රයක් ඇඳගෙන ද? ශ්‍රී ලංකා පොදු පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා හැටියට නාමල් රාජපක්ෂ නම් කරන්නේ ඉහත කාරණා ජනාධිපති වීමට විශේෂ සුදුසුකම් ලෙස සලකා වන්නටද බැරි නැත.
මේවා ඔබට නොතේරෙන්නේ නම්..
රටේ ජනයා හැටියට ඔබ එදා වේල සරිකර ගැනීමට ජීවන අරගලයක නිරත වී ඇත. ඔබ රෝහලකට ප්‍රතිකාරයක් ලබා ගැනීමට ගොස් නැවත නිවෙස කරා ඒම පිළිබඳ විශ්වාසයක් නැත. රටේ ජනගහනයෙන් මිලියන 7 ක් ජනයා දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වෙති. වෛද්‍යවරුන් 2000 කට ආසන්න පිරිසක් රටහැර ගොස් ඇත . තවත් වෛද්‍යවරුන් 5000 ක් රට හැර යෑමට මග බලාගෙන සිටින බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කියයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරුවරුන්, සෞඛ්‍ය වෘතිකයන් දහස් ගණනින් රට හැර යති. මේ අනාගත ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සහ ඔහුගේ සනුහරය රටට කර තිබෙන විනාශයේ ප්‍රතිවිපාකය. මේවා ඔබට නොතේරෙන්නේ නම් එය කිසියම් බරපතළ ප්‍රශ්නයකි.
රටේ බහුතර ජනතාවනි. ඔබට අවශ්‍ය නාමල් රාජපක්ෂලා වැනි තරුණ එහෙත් දූෂිත, කම්බ හොරුන් රටේ නායකයින් කර ගන්නටද? නැත්නම් අදූෂිත, රට ගොඩ නැගීමට නිස්සරණ අධ්‍යාශයෙන් කැපවුණු පිරිසකට රට භාර දී මේ ව්‍යසනයෙන් ගොඩ යෑමට ද? තීරණය ඔබ සතුය.
-ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
https://www.lankaenews.com/category/102

What about how he became the best results in Law Finals keeping Record.
ReplyDelete