Saturday, 26 August 2023

රනිල් වැඩ්ඩාගේ ගිණුමටම බැර වෙන තවත් මාරම වැඩක්...?

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.26, ප.ව‍.9.40) ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රශස්ත මට්ටමෙන් ක්‍රියාත්මක වීමට ආචාර්යවරුන් 11,900 ක් පමණ අවශ්‍ය වන බව කෙසේ වෙතත්, වසර ආරම්භය වන විට සිටියේ ආචාර්යවරුන් 6,300 ක් පමණක් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ (FUTA) ප්‍රධානී සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ මහාචාර්ය බරණ ජයවර්ධන පැවසීය.

සිසුන් වැඩි වෙලා ආචාර්යවරුන් අඩුවෙලා..

පසු ගිය මාස කිහිපය තුළ කථිකාචාර්යවරුන් විදේශ ගත වීම නිසා මේ වන විට එම සංඛ්‍යාව 5,900 ක් තරම් අඩු වී ඇති බව මහාචාර්ය ජයවර්ධන වැඩි දුරටත් පැවසීය.

2017 වසරේ දී රාජ්‍ය විශ්ව විද්‍යාලවල සිසුන් 30,000 ක් පමණ සිටි නමුත් 2022 වන විට එම සංඛ්‍යාව 43,000 දක්වා වැඩි වී ඇත. මෙය ශිෂ්‍ය ජනගහනයේ 50% ක පමණ වැඩි වීමක් බව ද ඔහු පැවසීය.

අධික බදු නිසා රට එපා වෙලා...

“කෙසේ වෙතත් දැන් ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව අඩුවෙලා. සාමාන්‍යයෙන් අපි පළමු හෝ දෙවන ඉහළ පන්තියේ උපාධියක් ඇති සිසුන් පරිවාස කථිකාචාර්යවරුන් ලෙස බඳවා ගන්නවා. ඔවුන් වසර අටක් ඇතුළත පශ්චාත් උපාධිය ලබා විශ්ව විද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු බවට පත් වෙනවා. උසස් විශ්ව විද්‍යාලවලින් ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන අය බොහෝ විට රට හැර යනවා. මොවුන් වයස අවුරුදු 35 - 40 අතර පුද්ගලයින්. රටේ වර්තමාන තත්ත්වය, රැකියා තෝරා ගැනීමේ දී අහිමි වන ප්‍රතිලාභ, සහ ජීවිතය එහෙම පිටින්ම එපා කළ [රනිල්ගේ] අධික බදු හේතුවෙන් මෙරට ජීවත්වීම ඔවුන්ට ඉතාම දුෂ්කර වී තිබෙනවා,” යයි ඔහු පැවසීය.

ඇප කරුවන් හොයාගන්න නෑ..

උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වීමට අවස්ථාව ඇති පරිවාස කථිකාචාර්යවරුන් පවා දැන් විශ්ව විද්‍යාල රැකියාවෙන් ඉවත් වී විශාල වශයෙන් රටෙන් පිටව යන බව මහාචාර්ය ජයවර්ධන පැවසීය.

“විදේශ අධ්‍යාපනය ලබන අතරතුර රැකියාව රඳවා ගැනීම උදෙසා පරිවාස කථිකාචාර්යවරුන් විශ්ව විද්‍යාලය සමග බැඳුම්කරයක් අත්සන් කළ යුතුයි. ඒ් බැඳුම්කරය සඳහා ඔවුන් ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කරන්න ඕනෑ. රුපියල අවප්‍රමාණය වීම නිසා දැන් මෙය රුපියල් මිලියන 5 සිට 10 දක්වා තරම් විශාල බැඳුම්කරයක් වෙලා, ඇපකරුවන් වීමට කැමති අය සොයා ගැනීම දුෂ්කර වෙලා. ඒ් නිසා පරිවාස කථිකාචාර්යවරුන් දැන් රස්සාව බේරා ගැනීම විසි කර දමලා, රස්සාවෙන් අස් වෙලා, රට හැර යනවා,” යයි ඔහු පැවසීය.

- 2023 අගෝස්තු 26 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, Rathindra Kuruwita ලියූ “Country fast running out of dons to keep universities ticking” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment