ආණ්ඩුව හදිසියේ තෙල් මිල වැඩි කළ රහස දන්නවා ද..?
-දි අයිලන්ඩ් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.05, ප.ව.10.10) චීනයේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගම වන සිනොපෙක් සමාගමට උපරිම ලාභයක් ලබා ගැනීමට හැකි වන පරිදි ආණ්ඩුව ඉන්ධන මිල ඉහළ දැමූ බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ SJB වෘත්තීය සමිති අංශයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ඊයේ චෝදනා කළේය.
පාලිත පැවසුවේ සිනොපෙක් සමාගම විසින් පළමු ඉන්ධන තොගය පසු ගිය ජුලි 30 වනදා රැගෙන ආ බවයි. එහි ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් තිබූ බව ද ඔහු පැවසීය.
දෙවැනි තොගයේ තිබුණේ ඔක්ටේන් 92 පෙට්‍රල්ය.
“ජූලි 30 වෙනිදා ආණ්ඩුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් රුපියල් 348 දක්වා වැඩි කළා. ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 10 කින් රුපියල් 375 දක්වා ඉහළ දැම්මා. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් රුපියල් 358 දක්වා ඉහළ දැම්මා. මෙයින් Sinopec සමාගමේ ලාභය වැඩි වෙනවා,” යයි පාලිත පැවසීය.
විදේශීය සමාගම් ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළඳ පොළට ආ පසු තරඟකාරීත්වය වැඩි වෙලා ඉන්ධන මිල පහත වැටෙන බව ආණ්ඩුව කලින් ප්‍රකාශ කළ බව ද පාලිත මතක් කළේය.
“සිදුවන්නේ හරියටම ඊට ප්‍රතිවිරුද්ධ දෙයයි. කිසියම් ආකාරයකින් ජනතාවට පිළිතුරු දිය යුතු රාජ්‍ය ඒකාධිකාරයක් වෙනුවට පෞද්ගලික අංශයේ සමාගම් කිහිපයක් ලංකාව තුළ තෙල් හරඹය මෙහෙයවනවා ඇති. එතකොට ජනතාව තමන් වළේ වැටී ඇති බව ඉක්මනින්ම තේරුම් ගනීවි,” යයි ඔහු පැවසීය.
- 2023 අගෝස්තු 4 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, Rathindra Kuruwita ලියූ, “Govt. increased fuel prices to please Sinopec – Trade unionist” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,
- ආනන්ද
https://www.lankaenews.com/category/68

No comments:
Post a Comment