චිකේ හරීන් ලැජ්ජ නැද්ද? කලින් මොබිටෙල්හි වංචාවකට පන්නා දමා සිටි හරින්ගේ නැන්දාගේ පුතා යළි මොබිටෙල් ප්‍රධාන විධායක තනතුරට..!
-විශේෂ ලියුම්කරුවෙක් හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.23, ප.ව.10.35) වරක් ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය සුරා කෑ ඇමැති හරින් ප්‍රනාන්දුගේ නැන්දාගේ පුතා වන නලින් පෙරේරා නැවත එහි ප්‍රධාන විධායක තනතුරට එළැඹෙන මස 1 දා සිට පත් කිරීමට නියමිත ය.
වරක් මොබිටෙල් ආයතනයෙන් පන්නා දැමූ නලින් පෙරේරා...
නලින් පෙරේරා යනු අරලිය ගහ මන්දිරය අසල පිහිටි කලක් ඛනිජ තෙල් සංස්ථාවේ පුධාන කාර්යාලය වූ ශිෆාන් ජුවලරි හිමිකරුට අයිතිව තිබූ ගොඩනැගිල්ල රු. මිලියන ගණනක බදු පදනමකට මොබිටෙල් ආයතනය ලබාගෙන එහි අලුත් වැඩියා සඳහා රු. මිලියන 750 ක් වැය කිරීමෙන් මහා වංචාවක් සිදුකර මොබිටෙල් ආයතනයේ සේවයෙන් පහ කර සිටි අයෙකි. හරින් ප්‍රනාන්දු විදුලි සංදේශ අමාත්‍යවරයාව සිටි කාලයේ හරීන් පෙරේරා එකී පත්විම ලබා ගත්තේය.
නලින් පෙරේරා දැන් හරීන්ගේ යටතේ ඇති සංචාරක මංඩලයේ අධ්‍යක්ෂක ජේනරාල් ලෙස හරින් ප්‍රනාන්දු විසින් පත්කොට ඇත. අති දූෂිත නිළධාරියෙකු වන නලින් පෙරේරා නැවත මොබිටෙල් ආයතනයට යළි පත් කරන්නේ ඔහුගේ සියලු හිඟ වැටුප් හා දීමනා සමග වීම පුදුමයට කරුණකි. හරීන් තම නැන්දාගේ පුතාට මේ ස්වීප් එක ලබා දෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුවත්ව හා ඔහුගේ ආශිර්වාදය මැදය.
ඇන්ජලෝ පෙරේරා කාගේ කව්ද? ආවේ කොහොමද?
තවත් අපූරු සිද්ධියක් තිබේ. පසුගිය එල්පීඑල් ක්‍රිකට් තරඟ මාලාවට ක්‍රීඩා කළ ඇන්ජලෝ පෙරේරා දැනට ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් සමුගෙන ඇමරිකාවේ පදිංචි අයෙකි. හරින් ප්‍රානාන්දුගේ ඉල්ලිම මත ෂම්මි සිල්වා මෙම 35 හැවිරිදි ක්‍රීඩකයා මෙම තරගාවලියට යොදා ගත්තේ ය. ඇන්ජලෝ පෙරේරා ගේ පියා වන්නේ නලින් පෙරේරාය. නලින් පෙරේරා යනු හරින් ප්‍රනාන්දුගේ පියාගේ එක් සොහොයුරියකගේ පුතෙකි.
ඥාති සංග්‍රහය ගජරාමෙට..
අරගල කරුවන්ට බියේ පාර්ලිමේන්තු පාරේ හූ හඩ මැද පලා ගිය හරින් ප්‍රනාන්දු අංක එකේ දූෂිතයෙකි. තම ඡන්ද දායකයන් අමු අමුවේ පාවා දුන් නිහීන මිනිහෙකි. දැන් රනිල්ගේ තුරුලේ වෙලෙමින් සිය ඥාති සංග්‍රහය ගජරාමෙට කරගෙන අතර සිය අනියම් බිරිඳගේ සොහොයුරියගේ සැමියාට ද කලක් ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂක මංඩලයේ තනතුරක් රැගෙන දුන්නේ ය.
කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය ට පිටස්තර පාසල් වලින්, රගර් ක්‍රීඩකයන් සොරගන්නා හරීන් අද ශ්‍රී ලංකාවේ ඩීල් හා වංචා දේශපාලනයේ දෙවැනි වන්නේ නාමල් රාජපක්ෂට පමනි.
-විශේෂ ලියුම්කරුවෙක් විසිනි
(හරීන් නිර්දෝෂී නම් ඉහත ලියුම්කරුගේ චෝදනාවන්ට පිළිතුරු දිය හැකිය)

No comments:
Post a Comment