Wednesday, 23 August 2023

සීනි වංචාව, පොල්තෙල් වංචාව වගේ අද ලොකුම වංචාව බඩ ඉරිඟු වංචාව..! රටට රු. මි. 5-10 ක් පාඩු කර ජාවාරමුන්ට සහ කෘෂිකර්මේ "සේනා දළඹුවෙකුට" කුට්ටියක්..!

-පා.ම. රෝහිණී කවිරත්න හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.23, ප.ව‍.9.45) සීනි වංචාව, පොල්තෙල් වංචාව, නැනෝ පොහොර වංචාව වගේ අද ලොකුම ජාවාරම වී ඇත්තේ බඩ ඉරිඟු වංචාව බවත් රටට රු. බිලියන 5 - 10 අතර මුදලක් අහිමි කරමින් ජාවාරමුන් කීප දෙනෙකුට සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිටින "සේනා දළඹුවෙක්" ට මේ වංචාව හේතුවෙන් කුට්ටියක් යන බවත් ඉන් බඩ ඉරිඟු ගොවියන් ලක්ෂ ගණනක් අමාරුවේ වැටී ඇති බවත් හෙළිකරමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න අද පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු ප්‍රබලයන්ගේ ලොකුම ජාවාරමක් හෙළිකළාය. එහිදී වැඩිදුරටත් කතා කළ කවිරත්න මන්ත්‍රීවරිය මෙසේද කීවා ය.

" අද  ලොකුම බදු වංචා සිදු වන්නේ ආහාර ද්‍රව්‍ය ආනයනයට අදාලවයි. සීනි බද්ද වෙනස් කරලා රු. බිලියන 5 කට වැඩි මුදලක් වංචා කළා. අපි එක් ‘සීනි වංචාව‘ කිව්වා. පොල් තෙල් බද්ද වෙනස් කරලා රු. බිලියන 3 කට ආසන්න මුදලක් වංචා කළා. අපි ඒකට ‘පොල් තෙල් වංචාව‘ කිව්වා.

අලුත්ම ජාවාරම ‘බඩ ඉරිඟු ජාවාරම‘..

දැන් ඇවිල්ලා තියෙනවා අලුත්ම ජාවාරම ‘බඩ ඉරිඟු ජාවාරම‘

මේ රටේ ඉන්න ලක්ෂයකට වැඩි බඩඉරිඟු ගොවියාට ‘සේනා දළඹුවා’ ගහනවා වගේ මේ බඩ ඉරිඟු ජාවාරමෙන් වදිනවා. අද දේශීය වෙළඳපොලේ බඩඉරිඟු කිලෝවක මිල රු. 160 ක් වෙනවා. ඒ මිලට ගලපන්න ආනයනික බඩ ඉරිඟු වලට රජය රු. 75 ක බද්දක් ගැහුවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉන්න ‘සේනා දළඹුවෙක්‘ මේ බද්ද අඩු කරන්න සෑහෙන්න යුද්ධයක් කළා.  කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඉන්න සියළුම රාජ්‍ය නිලධාරීන් මේකට විරුද්ධ වුනා. පීඩනය වැඩි කමට මේ බද්ද රු. 25 කින් අඩු කරන්න, ඒ කියන්නේ රු. 50 කරන්න නිලධාරීන් එකඟ වුණා. හැබැයි ගැසට් එක ගැහුවේ බද්ද රු. 50 කින් අඩු කරලා, ඒ කියන්නේ රු. 25 ක බද්දක් යටතේ බඩ ඉරිඟු ගෙන්වන්න.

රු. 5 සිට 10 දක්වා ගානක් 'සේනා දළඹුවාට'..

හැබැයි මාතලේ - විල්ගමුව, මහියංගනය, ගිරාඳුරුකෝට්ටේ, මොණරාගල, හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව බඩ ඉරිඟු ගොවීන් ලක්ෂයකට වැඩිය අමාරුවේ දාලා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ‘සේනා දළඹුවා‘ ගොවියෝ විනාශ කරනවා.

මේ බදු සහනය නිසා රජයට රු. බිලියන 5 ක් පාඩු වෙනවා.  බිත්තර අඩු මිලට දෙන්න, කුකුළු මස් අඩු මිලට දෙන්න කියලා තමයි මේ බද්ද අඩු කරලා තියෙන්නේ.

හැබැයි දැන් තොග පිටින් අවුරුද්දකට ඕනි බඩ ඉරිඟු ගෙන්වන්නට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉන්න ‘සේනා දළඹුවා‘ මේකෙන් පාර කපාගෙන තියෙනවා. ඔව්, බඩ ඉරිඟු කිලෝවකින් රු. 5 සිට 10 දක්වා ගානක් 'සේනා දළඹුවාට' යනවා.

මොණරාගල, හම්බන්තොට, මාතලේ, අනුරාධපුර, පොළොන්නරුවේ බඩ ඉරිඟු ගොවියෝ විනාශයි. හැබැයි සේනා දළඹුවා ගොඩ!

රටට රු. බිලියන 5 ක් පාඩු කරලා, තනි පුද්ගලයෙකුට කුට්ටියක්..

බඩඉරිඟු ආනයනයේ දී රු. 75 බද්ද රු. 25 ට පහත හෙළීම නිසා රටට රු. බිලියන පහක් අහිමි වෙනවා. හැබැයි ව්‍යාපාරිකයෝ 10ක්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රබලයෙක් මේ වැඩෙන් ගොඩ යනවා.

මේ හදන්නේ රටට රු. බිලියන 5 ක් පාඩු කරලා, තනි පුද්ගලයෙක් කුට්ටියක් සාක්කුවේ දමා ගැනීමයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙයට පෙර අශුචි පොහොර, නැනෝ පෙහොර ගෙන්වලා සිදු කරපු හානිය තවම ගණනය කරලා වත් නෑ. දැන් බඩ ඉරිඟු බද්ධ අඩු කරලා රු. බිලියන 5 සිට 10 දක්වා මුදලක් රටට නැති කරනවා.

ජනාධිපතිතුමා, මේ අපරාධය කරන්න දෙන්න එපා.  තනි පුද්ගලයෙකුට රු. බිලියන 5 ක් සාක්කුවේ දා ගන්න දෙන්න එපා.

මේ විදිහටම මුං ඇට, උඳු සඳහා වන බද්ද රු. 300 දක්වා අඩු කරන්නට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ‘සේනා දළඹුවා‘ උත්සාහ කරනවා. මාතලේ, මොණරාගල, අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, රත්නපුර, උතුරු පළාතේ ගොවියෝ ලක්ෂ 3 කට මේ වැඩෙන් යන එන මං නැති වෙනවා.

මේ ජාවාරම් සල්ලි වලින් පොහොටේටුවේ ඡන්ද කැම්පේන් කරනවා..

අද ගොවියාගේ මිනී වල කපන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය යි. මේ කරන්නේ වෙන පොල් තෙල් වංචාව, සීනි වංචාව වගේ තවත් ජාවාරමක්. සීනි බදු වංචාවේ සල්ලිවලින් තමයි, පොහොට්ටුවේ ඡන්ද කැම්පේන් එක කරපු සල්ලි පියවා ගත්තේ.

මේ සල්ලි වලින් තමයි දයාසිරි ජයසේකර මහ ලේකම්තුමාගේ ආසනයේ තියෙන්න තිබුණ ශ්‍රීලනිප පක්ෂ සම්මේලනය කොළඹ සුපිරි ශාලාවකට ගත්තේ.

තව එකක්, බඩඉරිඟු වගාවට සහන දෙන්න කියලා දේශපාලනඥයෝ තමන්ගේ හෙන්චයියෝ දාලා අයඳුම්පත් බෙදනවා.

දිසාපති දන්නේ නෑ. ගොවිජන‌ සේවා දෙපාර්තමේන්තුව දන්නේ නෑ. ප්‍රා‌දේශීය ලේකම් දන්නේ නෑ.  අනුරාධපුරේ අයදුම්පත් 120,000 ක් බෙදලා තියෙනවා.  මාතලේ, බදුල්ල, මොණරාගල කිසිම රාජ්‍ය ආයතනයකින් එකම බඩඉරිඟු අයදුම්පතක් හෝ බෙදලා නෑ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘සේනා දළඹු පාර්ශවය‘

බදුල්ල, මොණරාගල, අනුරාධපුර, මාතලේ, පොළොන්නරුව, බඩඉරිඟු අයදුම්පතක් ගන්න පුළුවන් රාජ්‍ය ආයතනයේ නම කියන්න පුළුවන් ද?

අනුරාධපුරේ අයදුම්පත් බෙදන්නේ ශ්‍රීලනිප යේ දුමින්ද දිසානායක. හම්බන්තොට බෙදන්නේ මහින්ද අමරවීර. මොණරාගල,  බදුල්ල, මාතලේ අයදුම්පත් බෙදන කෙනෙක් හොයාගන්න නෑ.

බඩ ඉරිඟු බදු වංචාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘සේනා දළඹු පාර්ශවය‘ ඡන්ද ව්‍යාපාරය පටන් අරගෙන ඉවරයි.

-පා.ම. රෝහිනී කවිරත්න

No comments:

Post a Comment