රනිල් ජනාධිපතිවරණයක් පෙන්වා හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකට..!
-විමල් ධීරසේකර ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.06, ප.ව.9.25) අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉක්මන් ජනාධිපතිවරණයක් රටට පෙන්වන නමුත් ඔහු හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට යන බව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
ඔහුට දැන් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ලැබී ඇත. ඒ අනුව ඔහු ජනාධිපතිවරණයකට පෙර හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට සූදානම් වන්නේ වත්මන් ජනමත සමීක්ෂණ අනුව ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ හෝ සන්ධාන කිසිවකටවත් සියයට පනහේ සීමාව අතික්‍රමණය කිරීමට නොහැකි බව වාර්තා වීම අනුව ය.
පාර්ලිමේන්තු මැතිවරණයක දී ජනතාවගේ කැමැත්ත පිළිබඳ පසුගිය ජුනි මාසයේ පැවැත්වූ ස්වාධීන ජනමත විමසුමකින් දක්වා ඇත්තේ අපූරු සංඛ්‍යාවන් ය.
අපූරු සංඛ්‍යාවන්..
ඒ අනුව සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගය සහ අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගය ඉන්නේ 23% ක සම සම සීමාවක ය. ඊ ලඟට ඉන්නේ යූඇන්පීය සහ පොහොට්ටුව 9% බැගින් සම සම සීමාවක ය. උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ 6% ක සීමාවක සිටින අතර ශ්‍රීලනිපය සිටින්නේ 2% ක් තරම් සොච්චමක ය. මෙහි කැපී පෙනෙන සංඛ්‍යාව නම් 28% ක් තරම් ඉහළ අගයක සංඛ්‍යාවක් වෙනත් යන කාණ්ඩයකට අයත් වීමය. ඒ අය වෙන වෙන සුළු පක්ෂ වලට හෝ තවමත් තීරණය කර නොමැති අය වෙති. බොහෝ දේශපාලන විචාරකයන් පවසන්නේ කුමන හෝ ඊලඟ මැතිවරණයක දී ඡන්දය භාවිතා නොකරන ප්‍රතිශතය ඉහළ අගයක් ගනු ඇති බවයි. මන්ද යත් රටේ දේශපාලන ක්‍රමය පිළිබඳ බොහෝ දෙනා තුල ඇති කළකිරීමයි.
ජනාධිපතිවරයා තීරණාත්මක වනු ඇත..
පුරෝකථන දත්ත කුමන සංඛ්‍යා ප්‍රක්ෂේපනය කළ ද හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක දී කිසිදු ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයකට හෝ සන්ධානයකට 113 හෙවත් සියයට පනහේ සීමාව අත්කර ගත හැකි යයි මහ පොළොවේ දේශපාලනය දන්නා අයට රහසක් නොවේ. එසේ වීමේ දී ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ දී ජනාධිපතිවරයා ගේ බලය තීරණාත්මක වනු නොඅනුමාන ය. සජබ වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් ලබා ගත්තා යැයි උපකල්පනය කළහොත් ජනාධිපතිවරයාගේ සහාය ලබන එජාප සහ ඊට අනුබද්ධ දේශපාලන සංධානයකින් පත්වන මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට නිසැකවම සජබට සිදුවනවා පමණක් නොව ඒ සඳහා සජබෙන් පත්වන මන්ත්‍රීවරුන්ගේ බලපෑමක් ද එල්ල වනු ඇත. අනෙක් පසින් ජනාධිපති රනිල් දැනට එල්ලා ඇති 13 ක්‍රියාත්මක කිරීමේ කැරට් අලය සමග උතුරු නැගෙනහිරින් පත්වන දමිළ මන්ත්‍රීවරුන්ට ද ජනාධිපතිවරයා මග හැර යා නොහැකි වනු ඇත. බොහෝ විට ජාතික ජන බලවේගය ට තිරසාර 113 ක් නොලැබුනහොත් ඔවුන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වී විපක්ෂ නායක ධූරය ලබාගෙන ඊලඟ පියවරට සැරසෙනවා විනා සන්ධාන ආණ්ඩු හැදීමට උත්සුක නොවනු ඇතැයි ඔවුන්ගේ දේශපාලන දෘෂ්ඨිවාදයන් අනුව උපකල්පනය කළ හැකි ය.
රනිල් එළැඹෙනු ඇත්තේ වන් හෝස් රේස් තරඟයකට ද?
මේ සියළු තත්ත්වයන් යටතේ වඩාත් වාසිය ලබන්නේ ජනාධිපති රනිල් ය. මීට පසු එළැඹෙන ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දීම පිළිබඳ කොන්දේසිය මත ඔහු අගමැතිවරයෙකු පත් කර ආණ්ඩුවක් හදනු නිසැක ය. ඒ එසේ සිදුවුවහොත් ඊලඟ ජනාධිපතිවරණයක දී රනිල්ට ඇත්තේ වන් හෝස් රේස් තරඟයක් විය හැකිය. මන්ද යත් අනුර ප්‍රමුඛ ජාජබට හෝ සජිත් ප්‍රමුඛ සජබට හෝ පාර්ලිමේන්තු මැතිවරණයකින් සියයට පනහක් ලබා ගැනීමට නොහැකි වීම අනුව ඔවුන්ගේ ජනාධිපති අපේක්ෂකයන් ජනතාව අතර අවලංගු කාසි බවට පත්වන නිසා ය.
සැමදා තීරණාත්මක කාරියක් කරන්නේ කව්ද?
කෙසේ වෙතත් 'පොහොට්ටුවේ ජනාධිපති රනිල්' සහ 'නිසි ජනමතයකින් පත්වන රනිල්' දෙදෙනා අහසට පොළොව වනු ඇති බව නම් ලියා තැබිය හැකිය. අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ මේ සියළු කාරණා කෙසේ වෙතත් දේවානම් පියතිස්ස කාලයේ සිටම ලංකාවේ ආණ්ඩුකරන්නේ කව්ද යන්න තීරණය කර ඇත්තේ අසල්වැසි ඉන්දියාව බවයි.
-විමල් ධීරසේකර විසිනි
https://www.lankaenews.com/category/4
අදාල සමීක්ෂනයේ දත්ත සටහනක් පහත ඉමේජයක දැක්වේ


No comments:
Post a Comment