අන්තරේ සීඅයිඩිය සමග ඩීල් එකක..! කැළුම්- දිල්ශාන් ඇප මත නිදහස් වුනේ එවැනි ඩීල් එකකින්..!
-කැළණිය සරසවියේ සිසු පිරිසක් හෙළිකරති
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.09, ප.ව.11.45) කැළණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහා ශිෂ්‍ය සංගම් සභාපති 'අඹයා' හෙවත් කැලුම් මුදන්නායක සහ සිව්වන වසර කණ්ඩායම් නායක 'වලයා' හෙවත් දිල්ශාන් හර්ෂණ සිර ගත කොට පසුගිය 07 දින ඇප මත නිදහස් වූහ.
ඔවුන් සිරගත වූයේ නවකවද සිද්ධියක් දුරදිග යාමෙන් ශිෂ්‍යයින් කිහිපදෙනෙකු කාමරයක් තුල සිරගතකොට දණගස්වා පහරදී හිංසා පැමිණවීමේ බරපතල චෝදනාවකටය. චෝදනා ඔප්පු කරගත හැකි සියලුම සාධක ඔවුන් විසින්ම මාධ්‍ය හමු පවත්වා කාරණය 'වර්චස්' කරගෙන තිබුනි.
ඒ සම්බන්ධ නඩුවේ දී ඔවුන් දෙදෙනා සිරගතව සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නැගූ "අඩස්සියේ තබාගැනීම" නම් චෝදනාව අනුව ය. පසුගිය 07 දා නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී CID ය ඒ චෝදනාව ඉවත් කර ගනිමින් ඒ වෙනුවට "අයුතු අවහිර කිරීම" නම් චෝදනා දමා තිබේ. ඒ චෝදනාවට ඇප ලබාගැනීමට හැකි නීතිමය තත්වයක් ගොඩ නැගේ. කැලුම්- දිල්ශාන් දෙන්නාට ඇප ලැබෙන්නේ ඒ අනුව ය.
නමුත් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය ඔවුන් දෙදෙනා සිරගත කිරීමට සැබෑ හේතු වසංගමින් ඔවුන් දෙදෙනා වීරත්වයට නංවා තම ශිෂ්‍ය සංගම් පැවැත්ම නඩත්තු කිරීමට යොදාගන්නා සටනක් ලෙස පවත්වාගෙන ගියේ ය.
දැන් ඒ සටන් පාඨය අවසන් ය. ඉදිරියේදී තම පැවැත්මට ඔවුන් නව සටනක් හදාගනු ඇත.
විශේෂත්වය එය නොවේ. දැන් කැලණිය මහා ශිෂ්‍ය සංගමය විසුරුවා තිබෙන්නකි. . ඊලඟ සභාපතිකමට ඉදිරිපත් වීමට බුද්ධි අංශ සාමාජිකයෙක් සූදානමින් සිටී. එබැවින් ඉදිරි හෙලිදරව් කිරීම් තවත් රසවත් වේවි.
ඒ අනුව පසුගිය 7 දා CID ය විසින් සිසුන් දෙදෙනාට තිබූ චෝදනා ඉවත් කර පහසුකම් සලසා දීම ඉදිරියේදී වඩාත් තේරුම් ගත හැකිවේවි.

No comments:
Post a Comment