රනිල්ගේ අස්වැසුමත් රනිල්ගේ මොළේ වගේම අවුල්.! සිස්ටම් චේන්ජ් කරන්න අපූරු බඩු..!
-දි අයිලන්ඩ් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.18, ප.ව.11.30) අස්වැසුම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ඇති සැලකිය යුතු පිරිසකට බැංකු ගිණුම් නොමැති බවත්, එම නිසා සැලසුම් කළ පරිදි ජූලි 31 වැනි දා වන විට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට බැරි වූ බවත් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි පවසයි.
පද්මසිරි බ්‍රහස්පතින්දා (17) රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ, ජුලි මාසය අවසන් වන විට නව ගිණුම් 680,000 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කර ඇති බවයි.
එකම ගිණුම් අංකය තියෙන ගිණුම් 4500 ක්...
එකම ජාතික හැඳුනුම්පත් අංකය දෙවරක් සඳහන්ව ඇති අවස්ථා සොයා ගෙන ඇති බව ද ඔහු පැවසීය.
“එකම ගිණුම් අංකය ද එක වරකට වඩා සඳහන් කර තිබෙනවා. එවැනි ගිණුම් හාර දහස් පන්සීයක් පමණ තිබෙනවා,” යයි ඔහු පැවසීය.
පද්මසිරි පැවසුවේ ඇස්වැසුම සහනාධාර සඳහා ආණ්ඩුව අයදුම් පත් කැඳවූ අවස්ථාවේ දී බැංකු ගිණුම් අංක ඉල්ලා සිටි බවයි. ඇතැම් අය තම දරුවන්ගේ බැංකු ගිණුම් ලබා දී ඇති අතර එම ගිණුම් හිමියන්ට අවුරුදු 18 සම්පූර්ණ වන තුරු මුදල් ලබා ගැනීමට නොහැකිව ඇත.
“දත්ත ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ද ගැටළු තිබෙනවා. අපි කෙලින්ම බැංකුවලට අරමුදල් මාරු කරන නිසා නිවැරදි දත්ත අවශ්‍යයි. අපි වැරදි ගිණුම්වල මුදල් තැන්පත් කළහොත් එය මූලික වශයෙන් මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීමක් විය හැකියි,” යනුවෙන් ඔහු පැවසීය.
බැංකු කාර්ය මණ්ඩල අසරණ කරමින් බැංකු ඉදිරිපිට දිගු පෝලිම්...
ප්‍රතිලාභ සඳහා ඉල්ලුම් කළ විශාල පිරිසක් අත්පිට මුදල් ලැබෙනු ඇතැයි යන හැඟීමෙන් පසු වූ අතර, ජුලි මස අග පමණක් නොව අගෝස්තු මස මුල පවා ගිණුම් විවෘත කිරීම සඳහා විශාල පිරිසක් බැංකු අසල පෝලිම් ගැසී සිටි බව ද පද්මසිරි පැවසීය.
“සමෘද්ධි බැංකුවෙන් සල්ලි බෙදන්න පුළුවන් කියලා සමහරු කිව්වා. චෙක්පත් සැකසීමේ හැකියාව තියෙන බැංකු පාවිච්චි කළ යුතුයි කියලා මහ බැංකුව කිව්වා. ඉතින් අපිට පාවිච්චි කරන්න පුළුවන් වුණේ වාණිජ බැංකු විතරයි. නමුත් විශාල පිරිසක් ගිණුම් විවෘත කළේ නැහැ. මිලියන දෙකෙන් 680,000 කට වැඩි පිරිසක් තෝරා ගත් රාජ්‍ය බැංකුවල ගිණුම් විවෘත කරන්න ජූලි මස අග වන තෙක් බලා සිටියා. බැංකු කාර්ය මණ්ඩල අසරණ කරමින් බැංකු ඉදිරිපිට දිගු පෝලිම් ඇති වුණා. සමහර අය වැරදි ජාතික හැඳුනුම්පත් අංක ලබා දී ඇති නිසා දත්ත ඇතුළත් කිරීමේදී ගැටළු ඇති වුණා. කෙලින්ම මුදල් මාරු කරන්න නම් නිවැරදි දත්ත ඕනෑ” යයි පද්මසිරි පැවසුවේ, ලබන සතියේ සිට සෑම කෙනෙකුටම ඇස්වැසුම ගෙවීම් කළ හැකි බව සඳහන් කරමිනි.
මෙම යෝජනා ක්‍රමයට අනුව, තෝරා ගත් ප්‍රතිලාභීන්ට තෝරා ගත් රාජ්‍ය බැංකු හතර වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ලංකා බැංකුව හා මහජන බැංකුවෙන් රු. 15,000, රු. 8,500, හා රු. 5,000 වශයෙන් මුදල් ලැබෙනු ඇත.
අභියාචනා දෙලක්ෂ දාහත් දහසක්...
“දත්ත සැකසීම ඉවර කිරීමටත්, මුළු ප්‍රතිලාභීන් ගණන සහ ඔවුන් ඇතුළත් වන කාණ්ඩ යනාදිය ජනතාවට කීමටත් තව දින 10 කින් විතර අපට පුළුවන් වේවි,” යයි ඔහු පැවසීය.
පද්මසිරි පැවසුවේ අභියාචනා 217,000 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවයි. කෙසේ වෙතත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල 340 කට අධික සංඛ්‍යාවක් පවතින බැවින් මෙම අභියාචනා නිරාකරණය කිරීමට වැඩි කාලයක් ගත නොවන බව ද ඔහු පැවසීය.
- 2023 අගෝස්තු 18 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, “Official: Many Aswesuma beneficiaries handicapped without bank accounts” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,
- ආනන්ද
https://www.lankaenews.com/category/68

No comments:
Post a Comment