Monday, 7 August 2023

ප්‍රාදේශීය ලේකම්ට අලි වෙඩි ගහලා..!

-අනුරාධපුරයේ තිසර සමල් වාර්තාකරයි

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.07, ප.ව.11.45) කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (07) දහවල් පිපිරීමක් සිදුව තිබේ. ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල කාර්‍යාල  කාමරයේ වැසිකිළිය තුළ මෙම පිපිරීම සිදුව ඇති බවයි කැකිරාව පොලිසිය සඳහන් කළේ.

පිපිරීම සිදුවන අවස්ථාවේ ප්‍රාදේශිය ලේකම්වරයා ද නිල කාර්යාලය කාමරය තුළ සිට ඇති අතර, මෙම පිපිරීමෙන් ප්‍රාදේශීය ලේකම්වරයාට හෝ කාර්ය මණ්ඩලයේ කිසිවකුටත් හානියක් සිදුව නැත.

පිපිරීමෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිල කාර්යාලය  කාමරයට අයත් වැසිකිළියට තරමක හානි සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

එලෙස පුපුරාගොස් ඇත්තේ "අලි වෙඩිල්ලක්" බව  පොලීස්  මූලික පරීක්ෂණ වලින් අණාවනය වී ඇති බවද වාර්තා වේ.

කිසිවකු හෝ කාර්‍යාල සේවකයින් සඳහා වෙන්වූ වැසිකිළියට ඇතුලු වී යාබද පිහිටි ප්‍රාදේශීය ලේකම් වරයාගේ නිල කාර්යාලය තුල ඇති වැසිකිලියේ  සිවිලිම මතට අලි වෙඩිල්ල දල්වා දමා ඇති අතර , පසුව අලි වෙඩිල්ල පුපුරා විශාල ශබ්දයක් සමග සිලිවිමේ කොටසක් නිල කාර්යාලය කාමරයේ තුලට කඩා වැටී තිබේ. එම අවස්ථාවේ දී  ඇති වූ විශාල ශබ්දය නිසා කාර්යාල සේවකයි ද නොසන්සුන් තාවයකටද පත්ව තිබේ.

කැකිරාව ප්‍රාදේශීය ලේකම් දමිත් කනකරත්න මේ සම්බන්ධයෙන්  කැකිරාව පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ. මේ සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය මේ වනවිටත් විමර්ශන ආරම්භකර තිබේ.

සේයාරූ සහ වාර්තාව

තිසර සමල් - අනුරාධපුර







No comments:

Post a Comment