Monday, 14 August 2023

ගොන්ධුලයා මොන්ටිසෝරි පොඩි එකාගේ විවිධ ප්‍රසංගයටත් බදු ගහලා..! සියලුම කලා ක්ෂේත්‍ර උලා කනවා...!

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.15, පෙ.ව‍.2.50) රූපවාහිනිය සතු රටටම පෙනෙන එකම නාලිකාව වූ නේත්‍රා නාලිකාව කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව අල්ලි රාජාට අතයට ගණනක් ගෙන විකුණා දැමූ ගොන්ධුල ගුණවර්ධන සිය මාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ කටයුතු වෙනුවෙන් චිත්‍රපට, වේදිකා නාට්‍ය ඇතුළු කලා කෘති වෙනුවෙන් අය කරන ගාස්තුව විශාල වශයෙන් ඉහල දමා ඇති අතර පෙර පාසල් විවිධ ප්‍රසංග සඳහා ද රුපියල් 2,000/-ක ගාස්තුවක් අය කෙරෙන විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය අනුව පෙර පාසල් සන්දර්ශන සඳහා මෙතෙක් අය නොකළ ගාස්තුවක් අය කිරීම විශේෂත්වයකි. ඉතිහාසයේ පළමුවරට මොන්ටිසෝරි යන පොඩි එකාගේ විවිධ ප්‍රසංගයටත් බදු ගැසූ ආණ්ඩුව ලෙස සහ ඒ ඇමැතියා ලෙස ගොන්ධුල ඉතිහාස ගත වනු ඇත.

තවත් මෙතෙක් අය නොකළ ගෙවීමක්..

ඊට අමතරව චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා පූර්ව ප්‍රචාරක පට මෙන්ම සමීක්ෂණ කටයුතු සහ සිනමා ශාලා පහසුකම් ලබාගැනීම ද මෙතෙක් අය නොකළ රුපියල් 37,500/-ක ගාස්තුවක් ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට ගෙවිය යුතු වේ.

මෙම මුදල අය කරනු ලබන්නේ පොදු සුබ සාධනය සඳහා පාසල්, පුණ්‍ය ආයතන, සුබ සාධක සංගම් වැනි ලාබ නොලබන ආයතන විසින් ප්‍රදර්ශනය කරන චිත්‍රපට සඳහා මෙම ගාස්තුව අය කෙරේ.

හෙණ ගහන ගාස්තු වැඩි වීමක්..

ඊට අමතරව දේශීය නිෂ්පාදන චිත්‍රපට අනුමත කිරීම සඳහා මෙතෙක් අය කළ රුපියල් 5,000/-ක ගාස්තුව රුපියල් 15,000/- දක්වා ඉහල දමා ඇත. වේදිකා නාට්‍ය්‍යය් අනුමත කිරීම සඳහා මෙතෙක් අය කළ රුපියල් 1,000/- ගාස්තුව රුපියල් 1,500/- දක්වා ද කෙටි නාට්‍ය්‍යක් සඳහා අය කළ ගාස්තුව රුපියල් 500/- සිට 750/- දක්වා ද ඉහල දමා ඇත. විදේශීය චිත්‍රපට ගෙන්වා ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට මේ දක්වා පැවති රුපියල් 20,000/- ගාස්තුව රුපියල් 40,000/- දක්වා ඉහල දමා තිබේ.

සියලුම කලා ක්ෂේත්‍ර උලා කමින්..

ඊට අමතරව දේශීය කලාකරුවන් සහභාගී වන එලිමහන් සන්දර්ශන වෙනුවෙන් මේ දක්වා පැවති රුපියල් 1,250/-ක ගාස්තුව රුපියල් 3,750/- දක්වා තුන් ගුණයකින් ඉහල දමා ඇති අතර ශාලා තුළ පැවැත්වෙන සංගීත ප්‍රසංග වෙනුවෙන් මේ දක්වා අය කළ රුපියල් 2,000/- ගාස්තුව රුපියල් 3,000/- දක්වා ඉහල දමා තිබේ. එම රූපවාහිනි නාළිකා මගින් සංවිධානය කරන සංගීත හා ප්‍රාසාංගික වැඩ සටහන් වෙනුවෙන් මේ දක්වා අය කළ රුපියල් 25,000/- ගාස්තුව රුපියල් 37,500/- දක්වා ආදී වශයෙන් ඉහල දමා මෙරට සියලුම කලා ක්ෂේත්‍ර උලා කමින් අමතර ආදායම් උපයා ගැනීමට විධි විධාන සලසා ගෙන තිබේ.

මෙයට අමතරව ඒ ඒ පළාත් පාලන ආයතන විසින් සිනමා ශාලා සහ වේදිකා නාට්‍යද වෙනත් ප්‍රසංග ද පැවැත්වීමේ දී විනෝද බද්දක් අය කරනු ලැබේ.

-ලංකා ටෲත් වාර්තාවක් ඇසුරිනි 

No comments:

Post a Comment