ජනාධිපති රනිල් සමග එල්පීඑල් ෆයිනල් නැරඹූ පාතාල නායක පුතා කව්ද..? ක්‍රිකට් ගැන හෙට විවාදයට පූර්විකාවක්..!
-විශේෂ වාර්තාකරුවෙකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.23, ප.ව.3.55) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පසුගිය වකවානුවේ සිදු කෙරුණු මූල්‍ය අක්‍රමිකතා හා දූෂණ සම්බන්ධයෙන් විපක්ෂ නායක වරයා විසින් ඉල්ලන ලද විවාදය හෙට(24) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.
මෙලෙස පාර්ලිමේන්තුව තුළ ක්‍රිකට් සම්බන්ධව කලින් කලට විවාද කිහිපයක් සිදුව ඇති අතර 1995 අරවින්ද ද සිල්වා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකින් අසමත් කොට ඉන්පසු නායක අර්ජුන ප්‍රමුඛ ක්‍රීඩකයන් පස්දෙනෙකු ඉල්ලා අස්වී ගිය සාජා සංචාරය පිළිබඳ වූ විවාදය විශේෂ තැනක් ගත්තේය.
එහිදී එවකට ක්‍රීඩා ඇමති නන්ද මැතිව් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්වූ අතර අවසානයේ අර්ජුන නැවත නායකත්වයට පත් කෙරිණ.
මෙවර විවාදය පැවැත්වෙන්නේ ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා ගැන විගණකාධිපති විසින් සිදු කරන ලද වෝහාරික විගණන වාර්තාවක් සභා ගතව තිබියදීය.
ක්‍රීඩා පනතේ විධි විධාන අනුව කිසියම් ක්‍රීඩා සංගමයක නිලධාරීන් මූල්‍ය වංචා සිදු කර ඇත්නම් නඩු පවරා සිර ගත කිරීමටද හැක.
මෙවර විවාදයේ විශේෂත්වය..
මෙවර විවාදයේ විශේෂත්වයක් වනුයේ එහි සියලු චෝදනා ක්‍රිකට් වෙනුවෙන් එල්ල වන්නේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට වුවද ඔහු සිටින්නේත් ක්‍රිකට් බලධාරීන්ට විරුද්ධ මතයක වීමයි.
ආරංචි මාර්ග අනුව විපක්ෂයේ සජබ මන්ත්‍රී කණ්ඩායම හා ජවිපෙ මන්ත්‍රීන්ද ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා ගැන සාක්ෂි සහිතව කතා කිරීමට නියමිත අතර ආණ්ඩු පක්ෂයේද වැඩි පිරිසක් ඔවුන්ට එක්වනු ඇත.
ක්‍රිකට් සමග ගනුදෙනු කළ හිටපු ක්‍රීඩා ඇමතිවරුන් කිහිප දෙනකුම පාර්ලිමේන්තුවේ සිටිති.
හඳුනෙත්ති මන්ත්‍රී වරයා කෝප් කමිටු සභාපති ලෙස සිටියදී කිහිප වරක්ම වත්මන් ක්‍රිකට් බලධාරීන් කෝප් කමිටුව වෙත කැඳවා ඔවුන් එහිදී නිර්වස්ත්‍ර කළද සිදු වූ දෙයක් නොමැත.
වත්මන් කෝප් කමිටු සභාපති මහාචාර්‍ය රංජිත් බණ්ඩාර පවා ක්‍රිකට් ආයතනයේ දූෂිත ගනුදෙනුවක කොටස්කරුවෙකි.
ක්‍රිකට් විශ්ව විද්‍යාල දූෂනය...
මීට වසර කිහිපයකට පෙර තිලංග සුමතිපාල ක්‍රිකට් සභාපති ලෙස කටයුතු කරද්දී කටුගස්තොට ප්‍රදේශයේ අක්කර හතරක ඉඩමක් පන්සලකින් පවරාගෙන ක්‍රිකට් විශ්ව විද්‍යාලයක් ඉදි කිරීමට සැලසුම් කරන ලදී.
එම ඉඩම සඳහා අදාල පන්සලට රුපියල් මිලියන 50 ක් ගෙවනු ලැබූ නමුත් අද වන තුරු එහි පස් පිඩැල්ලක්වත් කපා නොමැත.
විශ්ව විද්‍යාලයක් අලුතින් ඇති කිරීමට විශ්ව විද්‍යාලයීය කොමිෂන් සභාවේ අනුමැතිය ගත යුතු වුවත් මේ සඳහා එවන් අනුමැතියක් හෝ නොමැත.
මෙම ඉඩමේ ක්‍රිකට් විශ්ව විද්‍යාලයක් ඉදි කිරීම සඳහා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සැළසුම සකස් කර ඇත්තේ Colombo School of Business Management නම් සමාගමක් මගින් වන අතර එහි සභාපති වරයා වන්නේ වත්මන් කෝප් කමිටු සභාපති මහාචාර්‍ය රංජිත් බණ්ඩාරය.
වත්මන් ක්‍රිකට් බලධාරීන් බලයේ රැඳී සිටීම සඳහා ඕනෑ තරම් සල්ලි විසි කිරීමේ දක්ෂයෝය. ඒ සඳහා ක්‍රිකට් ආයතනයේ මුදල් මෙන්ම ක්‍රිකට් මගින් උපයා ගත් මුදල්ද භාවිතා කෙරෙන බව බොහෝ දෙනා දන්නා කරුණකි.
අවශ්‍ය විදියට ක්‍රිකට් ආයතනයේ මුදල් වියදම් කොට ඕනෑම කෙනෙකුට උසාවියේ නඩු පැවරීමට නීතිඥ යන් පිරිසක්ද පැය විසි හතරේම සූදානමින් ක්‍රිකට් ආයතනයේ සිටී.
එල්පීඑල් ෆයිනල් බලන්න ජනාධිපති රනිල් සමග පාතාල නායක පුතෙක්..
චෝදනා රැසක් ඇති ලංකා ප්‍රිමියර් ලීගයේ අවසන් තරගයට පැමිණීම ක්‍රීඩා ඇමතිවරයා ප්‍රතික්ෂෙප කර සිටියදී ජනාධිපතිවරයා සුළු මොහොතකට හෝ එහි ගෙන්වා ගැනීමට ක්‍රිකට් බලධාරින්ට හැකිවිය. මේ සඳහා ඔවුන්ට උදව් කළේ සාගල රත්නායක හා හරීන් ප්‍රනාන්දුය.
පසුගිය වසරේ තරගාවලියේ අවසන් තරගයේ ප්‍රධාන ආරාධිතයා වූයේද සාගල රත්නායකය
ක්‍රිකට් ආයතනය මගින් ලෝක කුසලාන තරග නරඹන්න ගිය පාතාල නායකයකුගේ පුතෙකුද රාජ්‍ය අමුත්තකු පරිදි රඟමින් ජනාධිපති සමග මෙවර අවසන් තරගයට පැමිණියේය.මේ අනුව ක්‍රිකට් පාලකයන් සමග පාතාල සබඳතාද ඇති බව රහසක් නොවේ. එය තිලංග සුමතිපාල සමයේද අලුත් දෙයක් නොවිණ.
විව්ධ කටයුතු සඳහා ක්‍රිකට් ආයතනය සමග ගනුදෙනු කරන දේශපාලනඥයෝ එදා මෙන්ම අදත් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සිටිති.
හෙට පාර්ලිමේන්තුවේ කටවල් සෙලවෙන්නේද ඒ අනුව බව අමුතුවෙන් කිව යුතු නැත.
හේෂා නිහඬ කරන්නට ලක්ෂ 500 ක ඔෆරයක්..
ක්‍රිකට් ආයතනයේ දූෂණ ගැන මාධ්‍ය හමු පවත්වමින් පසුගිය සමයේ ලොකු භූමිකාවක් කළේ හේෂා විතාරණ මන්ත්‍රී වරයාය. ඔහු නිහඬ කිරීමට ආ ඔෆරය ලක්ෂ පන්සීයක් හා පුහුණු තණතීරු 150 ක් බව වාර්තා වේ. ඇතැමුන් මුදලට විකිනෙද්දී හේෂා කෙළින් සිටියේය.
මේ අතර ක්‍රිකට් බලධාරීන්ට වහ කදුරු වී සිටින ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ එම ධුරයෙන් ඉවත් කොට හරීන් ෂම්මි හිතවතකු වන මනුෂ නානායක්කාර පත් කිරීමේ කුමන්ත්‍රණයක්ද සිදුව තිබේ.
එසේත් නොමැති නම් යළි නාමල් රාජපක්ෂට ක්‍රීඩා ඇමතිධූරය ලබා දීමද තවත් සිදුකළ ප්‍රයත්නයක් විය. නාමල් ක්‍රීඩා ඇමති සමයේ තම මාමණ්ඩියට ලංකා ප්‍රිමියර් ලීගයේ හෝටල් කාමර වෙන්කිරීම්, ප්‍රවාහන පහසුකම් සලසා දී ඔහුට ඉන් කෝටි ගණනක් උපයා දුන් බවට චෝදනා එල්ල විය.
ක්‍රිකට් ගැන පාර්ලිමේන්තු විවාදය හෙට සිදු කෙරෙනේ මෙවැනි පසුබිමකය.

Anything handle by Rajapaksas will be ended up with corruptions, that is it.
ReplyDelete