Thursday, 24 August 2023

ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් වන මාධ්‍ය වාර්තාවල සත්‍ය අසත්‍ය බව රජය හෙළිකළ යුතුයි (Video) 

-විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දී

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.23, ප.ව‍.10.45) පසුගිය දිනවල ජාත්‍යන්තර හා දේශීය මාධ්‍යවල බුද්ධි අංශ උපුටා දක්වමින් මෙරට විවිධ ජාතීන් හා ආගම් අතර ඝට්ටනයක් සිදුව පිපිරීම් තත්ත්වයක් ඇති විය හැකි බවට වන මාධ්‍ය වාර්තා පළවන බවත් මෙය ජාතික ආරක්ෂාව සම්බන්ධ කාරණයක් බැවින් වහාම සියලුම පක්ෂ හා පාර්ශ්ව කැඳවා මෙය සත්‍යක්ද අසත්‍යක්ද යන්න පැහැදිලි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාස්කු ප්‍රහාරයත් සමඟ මේ රටේ නිර්මාණය වූ ආරක්ෂක ව්‍යාකූලත්වය නිසා මෙම සංවේදී කාරණාව සම්බන්ධයෙන් රජයේත් පාර්ලිමේන්තුවේත් අවධානය යොමු කර මේ සම්බන්ධයෙන් සියලුම පක්ෂ හා වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කරන ලෙස ද ඉල්ලා සිටියේය.

වීඩියෝව පහතින්



No comments:

Post a Comment