රටට නැතුවම බැරි දෙයක් එගොඩ කර ගන්න බැරිව, රනිල් වැල් පාලම උඩම ගල් වෙලා...!
(ලංකා ඊ නිව්ස් -2023.සැප්.16, ප.ව.6.30) වෛද්‍ය වෘත්තිකයන් ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වීම තමන්ට පාලනය කළ නොහැකි තරම් අනතුරුදායක මට්ටමකට පැමිණ ඇති බව සෞඛ්‍ය බලධාරීන් විසින් මේ වන විට පිළිගෙන තිබේ.
මෙරට අඩු වැටුප් නිසා විශේෂඥ වෛද්‍යවරු සංක්‍රමණය වෙන අතර, වැඩි වැටුප් දී ඔවුන් භාර ගැනීමට විදෙස් රටවල් දෑස් අයා බලා සිටී.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පෙළේ මූලාශ්‍රයකට අනුව, වෛද්‍ය විද්‍යාල, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැනි අදාල පාර්ශ්වකරුවන්ගෙන් මෙම ගැටළුව විසඳීම සඳහා සහාය නොලැබීම පිළිබඳව අමාත්‍යාංශය කලකිරීමට පත්ව ඇත.
"වෛද්‍යවරුන්, විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් රටෙන් නික්ම යාම මැඩලීම සඳහා ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම වඩ වඩාත් දුෂ්කර වී ඇත," යනුවෙන් එම මූලාශ්‍රය පවසයි.
හිතාගන්නවත් බැරි ගණන් හිලව්..
පසු ගිය වසරේ සිට විශේෂඥ වෛද්‍යවරුන් 274 දෙනෙකු සංක්‍රමණය වී ඇති අතර, ඊට අතිරේකව තවත් 160 දෙනෙකු රට හැර ගොස් ඇත්තේ අමාත්‍යාංශයේ අවසරයකින් තොරවය. තව ද, විශේෂඥ වෛද්‍යවරුන් 785 දෙනෙකු පුහුණුව සඳහා විදේශගත වීමට නියමිත අතර, ආසන්න වශයෙන් වෛද්‍යවරුන් 600 ක් ලබන වසරේ විශ්‍රාම යාමට ද නියමිතය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ (AMS) මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය අශෝක ගුණරත්න ඉස්මතු කළේ, සංක්‍රමණය වන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සඳහා මෙරට අඩු වැටුප් බොහෝ සෙයින් හේතු වී ඇති බවයි.
විශේෂයෙන්ම නව බදුකරණය සහ ඉහළ ජීවන වියදම සැලකිල්ලට ගත් විට වෛද්‍ය විශේෂඥයින් සඳහා දැනට ලබා දෙන වැටුප් ඔවුන්ගේ තීරණාත්මක අවශ්‍යතා සපුරා ලීමට ප්‍රමාණවත් නොවන බව ඔහු පැහැදිලි කළේය.
ඊට පටහැනිව, ඉහළ වැටුප් සහ වඩා හොඳ නවාතැන් ලබා දෙන විදේශ රටවල් විසින් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් වඩාත් ආකර්ෂණය කර ගනිමින් තිබේ.
සෞඛ්‍ය ක්ෂේත්‍රය විශාල අර්බුදයකට පත් කරමින් තිබෙන මෙම සංක්‍රමණික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් නොමැති බව ගුණරත්න පිළිගත්තේය.
හිතාගන්නවත් බැරි වැටුප් පරතරය...
මේ අතර, ශ්‍රී ලංකාවේ වෛද්‍ය විශේෂඥයින් එක්සත් රාජධානියේ දී රුපියල් ලක්ෂ 33 ක, ඕස්ට්‍රේලියාවේ දී රුපියල් ලක්ෂ 27 ක, ඕමානයේ දී රුපියල් ලක්ෂ 16 ක, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී රුපියල් ලක්ෂ 33 ක සාමාන්‍ය වැටුපක් ලබන බව තතු දත් ආරංචි මාර්ග අනාවරණය කරයි.
ඊට හාත්පසින්ම වෙනස්ව, ශ්‍රී ලංකාවේ වෛද්‍ය විශේෂඥයින්ගේ වැටුප් භයානක ලෙස අඩු මට්ටමක පවතී. ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකුට සියලුම අඩු කිරීම්වලින් පසු ලැබෙන මාසික ආදායම රුපියල් 201,000 පමණක් වන අතර කනිෂ්ඨ විශේෂඥයෙකුට ගෙවනු ලබන්නේ රුපියල් 128,500ක් පමණි.
මෙම අතිවිශාල වැටුප් විෂමතාවය නිසා වඩා හොඳ මූල්‍යමය අවස්ථා සොයන වෛද්‍ය වෘත්තිකයන් රට හැර යාමට පෙළැඹී තිබේ.
එබැවින්, එක්සත් රාජධානියේ සහ සිංගප්පූරුවේ පුරප්පාඩු සඳහා අපගේ වෛද්‍යවරුන් බඳවා ගැනීමේ සක්‍රිය වැඩපිළිවෙලක් ඒ රටවල උසස් රැකියා නියෝජිතයන් විසින් ආරම්භ කර තිබේ.
මෙම උසස් රැකියා නියෝජිතයන් නිසා සංක්‍රමණය කිරීමේ ක්‍රියාවලිය වෛද්‍යවරුන්ට අතිශයින් පහසු වී ඇත
- 2023 සැප්තැම්බර් 14 වන දින The Island වෙබ් අඩවියේ පළ වූ, Sheain Fernandopulle ලියූ, “Authorities admit migration of doctors beyond their control” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ
- ආනන්ද
https://www.lankaenews.com/category/68

No comments:
Post a Comment