නිව් යෝර්ක් රාජ්‍ය තාන්ත්‍රික ඡායාරූපයක අලි සබ්‍රි හෙළුවෙන්..!
(ලංකා ඊ නිව්ස් -2023.සැප්.25, ප.ව.4.45) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව පැවති උත්සවයක දී අලි සබ්රි විදේශ අමාත්‍යකාරයා සිය පුත්‍රයා යයි කියන පුත්‍රයෙකු සමග සිටින ඡායාරූපයක් නිසා දේශපාලකයන්ගේ ඥාතීන්ට මෙවැනි වරප්‍රසාද පිරිනමන්නේ මන්දැයි ප්‍රශ්න කරන ජනතාවගෙන් දැඩි විවේචන එල්ලවෙමින් තිබේ.
කලින් ට්විටර් ලෙස හැඳින්වූ X සමාජ මාධ්‍යයේ පළ කරන ලද පින්තූරය සම්බන්ධයෙන් ජනතාව සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරමින් සිටින්නේ, සබ්‍රිගේ පුතා යයි කියන පුතා නිව් යෝර්ක් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිත කණ්ඩායමට අයත් වන්නේ කෙසේ ද යන්නයි.
නිව් යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සැසියට අතිගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකාරයාගේ ප්‍රධානත්වයෙන් ගිය දූත පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ අමාත්‍යකාරයන් නොවන මන්ත්‍රීලා පස් දෙනෙකු ඇතුළත් කළේ අහවල් එහෙකට දැයි කුතුහලයට පත් ජනතාව විසින් දැනටම ආණ්ඩුවෙන් ප්‍රශ්න කර තිබේ.
දේශපාලන පක්ෂ පාට භේදයක් නොමැතිව ඥාති සංග්‍රහය ශ්‍රී ලංකාව තුළ ඉහවහා ගොස් තිබේ. නායකයන් තම සමීපතමයන්ට මෙවැනි ප්‍රීති සවාරි ලබා දීම බලාපොරොත්තු විය යුතු සිරිතක් බවට පත්ව ඇත.
දක්ෂ හා බුද්ධිමත් ශ්‍රී ලාංකිකයින්ට ඉහළට යාමට ඇති අවස්ථා අහිමි කරමින්, වර්තමානයේ, ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික තනතුරු පවා දරනු ලබන්නේ වෘත්තීය නොවන රාජ්‍ය තාන්ත්‍රිකයන් හෝ දේශපාලකයන්ගේ මන්ද බුද්ධික දරුවන් විසිනි.
- 2023 සැප්තැම්බර් 22 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, “Ali Sabry’s Photo with son at UN fuels nepotism outcry” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,
- ආනන්ද
https://www.lankaenews.com/category/68

There are 2 Pal Horu in this Pix.
ReplyDelete