Sunday, 18 February 2024

රනිල් - රාජපක්ෂ ජුන්ටාවට ජුලි 31 වැනිදායින් පසු කෙළවෙන බව කප්පම් තඩියා කියලා..!

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.18, ප.ව.8.10) සත පහක ජනමතයක් නොමැතිව ආණ්ඩු කරන වත්මන් රනිල් රාජපක්ෂ ජුන්ටාවට නුදුරේ දී ම කෙළවෙන ලකුණු පහල වී ඇති අතර ඒ පිළිබඳ බළලා මල්ලෙන් එළියට පනින ප්‍රකාශයක් කප්පම් තඩියා හෙවත් ප්‍රසන්න රණතුංගගේ මුවින් පිට වී තිබේ. 

ඒ නම් ලංකාදීප පුවත් පත අද වාර්තා කර ඇති පරිදි "ජුලි මස 31 වැනිදාට අවසන් කිරීමට හැකි ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති පමණක් සිදු කරන ලෙස" කප්පම් තඩියා උපදෙස් දී ඇති බවයි. ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කඳුකර දශකය සංවර්ධන වැඩසටහන පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. පසුගියදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එය පවත්වා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි ඔක්තෝම්බර් 17 වන විට නව ජනාධිපතිවරයෙකු දිව්රුම් දී තිබිය යුතු ය. ඒ සඳහා මැතිවරණ කොමිසම විසින් අගෝස්තු 17 සිට නාම යෝජනා කැඳවීමට ක්‍රියා කළ යුතුය. ජූලි 31 වැනිදාට අවසන් කළ හැකි ආණ්ඩුවේ ව්‍යාපෘති පමණක් සිදුකරන ලෙස කප්පම් තඩියා දැනුම් දෙන්නේ ඉන්පසුව තමන්ට බලයක් නැති බව දන්නා බැවිනි. ජුලි 31 වැනිදායින් පසුව බොහෝ විට මුන් සිටිය හැක්කේ රටින් පැන ගොසින් ය. දැනටමත් බොහෝ උන්ගේ පවුල් රටින් පිට කරමින් සිටිති.  

No comments:

Post a Comment