එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ කණ්ඩායම් නායකයා ජාතික ජන බලවේගයට විරුද්ධ කුමන්ත්‍රනයක..! විශේෂ හෙළිදරව්ව..!!
-විශේෂ ලියුම්කරුවෙකු හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.24, ප.ව.8.20) ජාතික ජන බලවේගය මුස්ලිම් ජනයා අතර ඉහල ප්‍රසාදයක් දිනා ගැනිමට සමත් වීම ගැන තැති ගත්, සාම්ප්‍රදායික මුස්ලිම් දේශපාලන බලවත්තු, තම ජනතාව නොමග යැවීම සඳහා, ජාතික ජන බලවේගය ඉන්දියානු සහ ඇමරිකානු ඉත්තෙක් බවට බොරු ගෝනි බිල්ලෙක් මැවීමේ වෑයමක නිරත වෙති.
එම කුමන්ත්‍රනයේ පියවරක් ලෙස, පෙබරවාරි 12 වැනි දින, සජබ මන්ත්‍රි ඉම්තියාස් බාකිර් සහ එක්සත් ජාතීන්ගේ - කොළඹ -7 කාර්යාලයේ කාණ්ඩායම් නායක සේවයේ නියුතු, "ෆාදිල් බාකිර්" විසින් රැස්වීමක් සංවිධානය කරනු ලැබීය.
එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සේවය කරන අයට දේශපාලන කටයුතුවල යෙදීමට සීමා පනවා තිබියදීත්, පාර්ලිමේන්තු මංත්‍රී කමකට සිහින දකින "ෆාදිල් බාකිර්" ජාතික බලවේගයට විරුද්ධව දේශපාලන රැස්වීම් සංවිධානය කරන්නේ, මුස්ලිම් විරෝධී චන්න ජයසුමන සහ නාලක ගෝඩහේවා වැනි කසඩ දේශපාලුවන් සජිත් විසින් සජබයට බඳවා ගැනිමෙන් පසු මුස්ලිම් ජනයාගෙන් සජබයට විරුද්ධව නැගී එන රැල්ල සමනය කිරීමට ය
මුස්ලිම් ඡන්දදායකියින් ජාතික ජන බලවේගයෙන් කඩාගැනීම සඳහා, අනුර කුමාරගේ ඉන්දියානු සංචාරය පාදක කොට, ඉන්දියානු සහ ඇමරිකානු ලේබලයක් අලවා, මුස්ලිම් ජනයාට වැරදි අර්ථකථනයක් ලබාදීම මෙම රැස්විමේ යටි අරමුණ විය.
ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ පර්යේෂකයෙකු ලෙස සේවය කරන, 'මොහමඩ් අජ්වාදීන්' නමැත්තා විසින් දීර්ඝ විශ්ලේෂනයක යෙදුනු අතර, රජයේ සේවයෙකු දේශපාලන කටයුතුවල යෙදීම ගැන බලධාරීන් නිහඬව සිටිම ද ප්‍රශ්නයකි.
තව දුරටත් මුස්ලිම් ජනයා රවටා ගැනීමට තමන්ට නොහැකි බව වටහා ගත් සජබ මුස්ලිම් දේශපාලුවන්, බේගල් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් මවා පාන්නේ, සරම කඩා වැටුනාට පසු තම නිරුවත වසා ගැනීමට උත්සාහ කරන ආකාරයට ය
මුස්ලිම් ජනයාට බොරු චෝදනා එල්ල කර, මුස්ලිම් ජනයාට පහරදුන් චන්න ජයසුමන සමග දේශපාලයෙන් යහන් ගතවෙන, ඉම්තියාස් බාකිර් වැනි අපතයෙකුට තම මුස්ලිම් ජනයා ගැන මොන දුකක්ද? මෙවැනි අවස්ථාවාදී, කුහක, කිඹුල් කඳුලු හලන, ඉම්තියාස් සහ ඔහුගේ පුතනුවන්ගෙන් ප්‍රගතිශීලි මුස්ලිම් ජනතාව බේරා ගැනීමට අවංක මුස්ලිම් ජනතාව පෙල ගැසිය යුතුය.
මුස්ලිම් ජනයාගේ මළසිරුරු පුලුස්සා දැමීමට, චන්න ජයසුමන බෑඟිරි ගෑ තරම මුස්ලිම් ජනතාව කෙළෙස අමතක කරන්නද?
ජාතික ජන බලවේගයට ඉන්දියානු , ඇමරිකානු ලේබලය ඇලවීමට පෙර, සජිත් විසින් කිරි දෙමින් පෝෂණය කරන මුස්ලිම් විරෝධි කසඩයන්, සජබයෙන් නෙරපා දැමීමට අසමත් වීම ගැන, ඉමිතියාස් බාකිර් තම මුස්ලිම් ජනයාගෙන් සමාව ඉල්ලා සිටිය යුතුය.
(අදාල රැස්වීමේ සේයාරූ මෙහි දැක්වේ)
No comments:
Post a Comment