Wednesday, 28 February 2024

පාස්කු ප්‍රහාරයේ පස්වැනි අනුස්මරණ විරෝධතා මර්දනය කරන්නට වික්‍රමසිංහ-රාජපක්ෂ ජුන්ටාවෙන් තීරණාත්මක කුමන්ත්‍රණ රැසක්..!

-ලංකා ඊ නිව්ස් මාණ්ඩලික වාර්තාකරුවකු හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.28, ප.ව.5.50) 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා පල්ලි වලට ගිය ජනතාව 300 කට ආසන්න පිරිසක්  අමු අමුවේ මරා දමමින් ගෝඨාභය රාජපක්ෂ බලයට  ගෙන ඒමේ අරමුණින් ක්‍රියාත්මක කළ දැවැන්ත ම්ලේච්ඡ ප්‍රහාරයට  එළෙඹෙන අප්‍රේල් 21 වැනිදා වසර 5ක් සම්පූර්ණ වේ.

මෙතෙක් ඒ ප්‍රහාරයේ මහමොලකරුවන් පිලිබඳ සත්‍යය විමර්ශනය කොට  වින්දිත ජනයාට  නීති මාර්ගයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා කිසිදු පියවරක් ගෙන නැත.

ඒ වෙනුවට ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාව හමස් පෙට්ටියට දමමින්, එහි නම් සඳහන් එක් චුදිතයකු පොලිස්පති ලෙසත් තවත් එකෙක් පොලිසියේ දෙවැනියා ලෙසත් පත් කර තිබේ.

පස්වැනි වසර අනුස්මරණය වෙනුවෙන් කතෝලික සභාව  ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් වැඩපිළිවෙලක් සංවිධාන කර ඇති බව ආරංචි වීමෙන් මහමොලකාරයන් ගේ හිස් ගිනිගෙන තිබේ.

පැති කිහිපයකින් පහර දීමේ සැලැස්මක්..

මේ නිසා මේ කාලය තුළ ජනතාවගේ අවධානය වෙනතක හරවා මේ වැඩපිළිවෙල විනාශ  කිරීමේ අරමුණින් අපරාධකාර රනිල් රාජපක්ෂ ජුන්ටාව පැති කිහිපයකින් පහර දීමේ සැලැස්මක් දියත් කරන්නට තීරණය කර තිබේ. මෙහි එක් අංගයක් වන්නේ  රට පුරා අවුරුදු සැණකෙළි මාලාවක් පවත්වන ලෙස උපදෙස් දීමයි. .

මේ අනුව රට පුරා  සෑම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකම අනිවාර්යයෙන් අවුරුදු උත්සව පැවැත්විය යුතු බවට නියෝග කරන්නට රනිල් රාජපක්ෂ ජුන්ටාව මේ වන විටත් තීරණය කර තිබේ. අවුරුදු උත්සව පැවැත්විය යුත්තේ අප්‍රේල් 10 වන දින සිට 25 වන දින දක්වායි. මේ මගින්  අප්‍රේල් 20 සහ 21 දිනවල පැවැත්වෙන පාස්කු ඉරිදා ම්ලේච්ඡ ඝාතන සැමරුම කඩාකප්පල් කිරීමට ජනමතයක් හෝ ජනවරමක් නොමැති රනිල් රාජපක්ෂ ජුන්ටාව බලාපොරොත්තු වෙයි.

බලහත්කාරයෙන් අවුරුදු උත්සව..

අවුරදු කාලයට අවුරුදු උත්සව පැවැත්තුවාට කමක් නැත. ජනතාව සාමාන්‍යයෙන් උත්සව පවත්වන්නේ ආණ්ඩුවේ උවමනාවට නොවේ. එහෙත් මේ අවුරුද්දේ  රනිල් රාජපක්ෂ බලහත්කාරයෙන් අවුරුදු උත්සව පවත්වන්නට යන්නේ රටෙන් බාගයක් පමණ දුප්පත් ජනතාව අවම වශයෙන් දිනකට එක වේලක් හෝ කන්නට නැතිව සිටියදීය. ළමා මන්ද පෝෂණය ඉහල නැග තිබියදීය. ළමයින් නිසි  ලෙස අධ්‍යාපනය ලැබීමට නොහැකිව සිටිය දීය. අදායම් අඩු වීම හෝ අහිමි වීම නිසා, කුසගින්න නිසා හෝ බස්ගාස්තුව නොමැති නිසා  ළමයින් දිනක් හැර දිනක් පාසල් යද්දීය. විදුලි බිල ගෙවන්න මුදල් නොමැති නිසා රටේ දශලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ගෙවල් වල විදුලිය විසන්ධි කර තිබියදීය. ඇතැම් විදුලිය විසන්ධි වූ  දෙමාපියන් තම දූ පුතුන් ගේ අධ්‍යාපනය වෙනුවෙන් අසල්  වැසි ගෙවල් වලින් විදුලිය ලබා ගන්නට යන අතර  මිය යද්දීය. රටේ සෞඛ්‍ය සේවාව අර්බුදයට ගොස් අවුල් වී තිබියදීය. ලංකාවේ හොර ගුහාවල  නිෂ්පාදනය කළ පාටකළ ද්‍රාවන බෙහෙත් ලෙස ඇඟට විදීම නිසා රෝගීන් මිය යද්දීය. මේ තත්වයන් ගැලවීම සඳහා  අති  විශාල ජනතාවක් රනිල් රාජපක්ෂ නිර්මාණය කරමින් සිටින  “ලෝකෙන් උතුම් රටෙන්” වෙනත් රටවල් වලට පැන ගොස් කෙසේ හෝ ජීවත් වන්නට උත්සාහ කරද්දීය.

මේ සියල්ල නොතකා රනිල් රාජපක්ෂ රජයේ වියදමින් අවුරුදු සැණකෙළි පවත්වන්නට යන්නේ ඒ දවස් අතරේ යෙදෙන පාස්කු ප්‍රහාරයේ පස්වන සමරුව කඩා කප්පල් කිරීම සඳහාය.  විනාස කිරීම සඳහාය.

රටේ තිබෙන ප්‍රධාන ආර්ථික සහ සමාජීය ප්‍රශ්න වන ඉහත සඳහන් අර්බුද සහ ගෝඨාභය බලයට ගෙනඒමේ අරමුණින්  පාස්කු ඉරිදා  එල්ල කළ ප්‍රහාරයේ යුක්තියෙන් ජනතාවගේ අවධානය ඉවත් කර ඔවුන් නිර්වින්දන කිරීමට ආණ්ඩුව විටින් විට විවිධ නාට්‍ය රඟ දක්වන බව ජනතාව අවබෝධ  කරගත යුතුය.

කාදිනල් එරෙහි ධීවරයෝ නාඩගම..

කොටි අලස්-ජුන්ඩාබන්දු තෙන්නකෝන් ගේ අයුක්තියේ සහ අවනීතියේ මෙහෙයුම, මෑතකදී රංග දැක්වුණු බෙල්ලන එරෙහි රවී කුමුදේශ් විරෝධතාව සහ දැන් මීගමුව කෙන්ද්‍රගෙන රංග දක්වන කාදිනල් එරෙහි ධීවරයෝ නාඩගම උදාහරණ කිහිපයක් පමණි.

මේ අතරින් කාදිනල් එරෙහි ධීවරයෝ නාඩගම දිග්ගස්සන අතර අවුරුදු සැණකෙළිය වේදිකාවට ගෙන ඒමට ජුන්ටාවට දැන් අවශ්‍ය  වී තිබේ. රටේ වෙනත් බිෂොප් වරුන් සහ කාදිනල් අතර භේදයක් ඇතිකරන්නට වෙහෙස වී FAIL වූ ජුන්ටාව මේ නාඩගම මගින් කතෝලික ජනතාව භේද භින්න කොට පාස්කු ප්‍රහාරයේ  යුක්තිය ඉල්ලන පිරිස් දුර්වල කොට නිහඬ කිරීමට බලාපොරොත්තු වෙයි.

එසේ කතෝලික ජනයා භේද කිරීම සඳහා රනිල් රාජපක්ෂ ගේ කපිතාන් වරුන් වන රුවන් විජේවර්ධන, රොයිස් ප්‍රනාන්දු, කුඩු ලන්සා,  කුඩු රෙනෝගේ නාලිකාව, සහ නයි දෙරණේ අනුග්‍රහය උපරිමයෙන් ලැබේ.

රනිල් රාජපක්ෂ සිය බලය චන්දයකින් තහවුරු කරගැනීම සඳහා ඉත්තන් අදින්නේ ඉතා සීරුවෙනි. මෙවර ඔහු තොරාගෙන ඇත්තේ කැලේ  ගහක් මරන්නට කැලේ ගස්ම  තෝරාගැනීමේ සූක්‍ෂම කලාවයි.

බිෂොප් වරුන් අතර භේද ඇතිකිරීම අසාර්ථක  වුනු තැන කතෝලික ජනතාව අතර භේද ඇති කර පාස්කු ප්‍රහාරයේ යුක්තිය සෙවීම ලොප් කිරීමට රනිල්ට හැකි වේවිද? රනිල්ගේ මේ උපාය දැන දැනම හෝ නොදැන කතෝලික ජනයා මේ උගුලට හසුවනු ඇද්ද?

අපි උනන්දුවෙන්  බලා සිටිමු.

-ලංකා ඊ නිව්ස් මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි.

No comments:

Post a Comment