Thursday, 29 February 2024

රනිල් රාජපක්ෂ පරාටේ නීතිය අත්හිටුවීමේ ඇත්ත කතාව මෙන්න..!

-ජනමිත්‍ර හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2024.පෙබ.29, ප.ව.11.30) අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ  සහ කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් විසින් ඉදිරිපත් කළ කැබ්නට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇත. ඒ අනුව 2024 දෙසැම්බර් මස 15 වැනි දින දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත් හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ඊට අදාළ සංශෝධන කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ ඉඩම් සහ දේපල බැංකු සහ මුල්‍ය ආයතන විසින් පවරා ගැනීම හේතුවෙන් ඔවුන් පත්ව ඇති දුෂ්කරතා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව පැවසේ

එම ව්‍යාපාරිකයින් අවස්ථා කිහිපයකදී පරාටේ නීතිය හේතුවෙන් තමන් මුහුණ පා සිටින දුෂ්කරතා පිළිබඳව විජේදාස රාජපක්ෂගේ සහ රමේෂ් පතිරණගේ  අවධානයට යොමු කළ බවත්, ඒ අනුව ව්‍යාපාර සිදු කිරීමේදී ඔවුන්  මුහුණ පා ඇති දුෂ්කරතා අවම කරමින්  කිසියම් සහනයක් සැලසීම මෙම කැබ්නට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමේ  අරමුණ වී තිබෙන බව අධිකරණ ඇමැතිගේ මාධ්‍ය අංශය ඉදිරිපත් කළ නිවේදනයක දැක්වේ.

පරාටේ නීතිය තොණ්ඩුවක් කළේ පියානෝ..

පරාටේ නීතිය නිසා ණය ගෙවා ගත නොහැකිව දේපල අහිමි වුද දේපල අහිමිවීමෙන් සිත් තැවුලෙන් සියදිවි හානි කරගත්  පිරිස විශාලය. ලංකාවේ   කොරෝනා අර්බුදය හමුවේ විනාශ වී ගිය ව්‍යාපාර ඇපයට තැබූ  දේපල විකිණීම  අධිකව සිදුවිය . රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ  ආණ්ඩු  විසින් බංකොලොත් කළ ආර්ථිකය හමුවේ නැවත විනාශ වූ ව්‍යාපාර  තමන්ගේ ඇප  දේපල තමන්ගේ දෑස්  ඉදිරිපිට බැංකු මගින්  විකිණීම කොතෙකුත් සිදුවිය. මෙම  පාරටේ නීතිය  Act no 30 of 1988 ලෙස  1988 තරම් දුර අතීතයක සිට මෙරට ජනතාවගේ දේපල බැංකුවලට අයිති කර දී බැංකු පොහොසත් කිරීමේ ක්‍රියාවලිය සඳහා විශාල දායකත්වයක් අත්කර දී ඇත .වර්ෂ 1988 සම්මත වූ මෙම නීතිය ප්‍රබලව  ව්‍යාපාරිකයන්ට  තොන්ඩුවක් බවට පත්කළේ සජිත් ප්‍රේමදාසගේ පියා  වන රණසිංහ ප්‍රේමදාස යුගයේ  Act No 04 of 1990 වශයෙන් බව දැන් සැමට අමතකය. පුතානෝ ව්‍යාපාරිකයන් වෙනුවෙන් පරාටේ නීතිය අත්හිටුවීම  සඳහා සටන් කළ බවට පාරම් බෑවද සත්‍ය ලෙසම භයානක ලෙස එහි වැඩිදියුණුව සිදු කලේ ඔහුගේ පියාය.

වසර 35 ක පිඩාකාරී පණතට එකවරම පාලක රනිල් රාජපක්ෂ ජුන්ටාව විරුද්ධ වුනේ ඇයි ?

පරාටේ නිතිය ක්‍රියාත්මක වීමේ සිට 7 May 1993 – 18 August 1994 අගමැති වුද 9 December 2001 – 6 April 2004 අගමැති වුද 9 January 2015 – 26 October 2018 අගමැති වුද 15 December 2018 – 21 November 2019 අගමැති වූද රනිල් රාජපක්ෂ එක්වරම පරාටේ නීතිය අත්හුටවීම සඳහා නින්දෙන් අවදි වී ඇත්තේ ඇයිද  යන්න පුවත් කියවන අවදියෙන් සිටින පුරවැසියෙකුට නම්  තේරෙන කරුණකි. ඒ මෙසේ ය.

නවලෝක බේරා ගැනීමට රනිල් පෙරට..  

මීට දින හතරකට පෙර රනිල් රාජපක්ෂගේ ඉතා හිතවත් ව්‍යාපාරයක් වන කොළඹ නවලෝක රෝහල, හැටන් නැෂනල් බැංකුවෙන් ණය  වශයෙන් ගත රුපියල් මිලියන 630 ක්  නොගෙවීමේ හේතුවෙන් අධිකරණ තීන්දුවකින්ම පරාටේ නීතිය  යටතේ කොළඹ නවලෝක රෝහල විකුණා හැටන් නැෂනල් බැංකුවේ ණය පියවා  ගැනීමට නීතිමය අවසරය දෙන ලදී.  මේ නිසා වසර 35 ක්  කන් නැසුණු හැඟීම් නොදැණුනු මේ රටේ දුෂ්ට පාලකයන්ට පරාටේ නීතිය  තාවකාලිකව  2024 දෙසැම්බර් 15 දක්වා  අත්හිටුවන බව ප්‍රකාශ  කිරීමට සිදුවිය. අනෙක් රහසිගත කරුණනම් හැටන් නැෂනල් බැංකුවට සින්න වූ දේපල බේරා ගැනීමට මහජන බැංකුවෙන් නවලෝකට නැවත ණයක්ද රනිල් රාජපක්ෂ අනුමත කර දී ඇත. මේ සියලු කටයුතු සඳහා තාවකාලිකව නීතිය අත්හිටුවීම අත්‍යවශ්‍ය ය.

යූනියන් බැංකුවේ කොටස් ඇති රනිල්..

මේ රටේ මේ කාලකන්නි රනිල් රාජපක්ෂලාට කඩේ යන මෝඩ ව්‍යාපාරිකයනට අනුව නම් රනිල් රාජපක්ෂ ජනතාවාදී තීන්දුවක් ගෙන ඇත. නමුත් රනිල් රාජපක්ෂ පවුලට යූනියන් බැංකුවේ ප්‍රධාන කොටස් ඇති බව දන්නේ කීයෙන්  කී දෙනාද ? ඉතින් බැංකු අයිති රනිල් රාජපක්ෂ බැංකුවලට කෙළවීමට පරාටේ නීතිය  සම්පුර්ණයෙන් අහෝසි කරන්නේ නැත. ඒ වෙනුවට රනිල් රාජපක්ෂ චෙස් ක්‍රීඩාවේ යෙදී ඇත. ඔහු මෙය තාවකාලිකව 2024 දෙසැම්බර් 15 දක්වා පමණක් අත්හිටුවන බව කියයි. ව්‍යාපාරිකයනට මෙතරම් ආදරේ නම් අනෙකුත් මර්දන අණ පනත් ගේනවා මෙන් පරාටේ නීතිය අහෝසි කිරීමේ පනතක් ගෙන ඒම රට කජු කනවා වැනි වැඩකි. නමුත් රනිල් රාජපක්ෂ ඒ වෙනුවට කරන්නේ තමනට බලය නොමැති අනාගත ජනාධිපතිවරයාට මෙම තීරණය ගැනීමට ඉඩ තැබීමයි. එනම් ඉදිරි  ජනාධිපති අනුර දිසානායක වූ එන්පීපී රජයකට මෙම පරාටේ නීතිය අහෝසි කිරීමේ කටයුතු වලට ඉඩ තබා එම කාලයේදී රටේ බැංකු පද්ධතියට බලපෑමක් සිදුකිරීමයි.

රනිල් රාජපක්ෂලාට රැවටීම නවතමු..

මෙම තීරණය සමග රනිල් රාජපක්ෂ එක් දෙයක් තේරුම් ගෙන ඇත එනම් තමන් මාස කිහිපයකින් අවලංගු කාසියක් වන බවත් ඊට පෙර ඉදිරි මහා මැතිවරණයකට මෝඩ ව්‍යාපාරික සහාය සඳහා මෙම තාවකාලික අත්හිටුවීම සිදුකර ඇති බවයි. මොවුන්ගේ උගුල්වලට හසුවන මෝඩ ව්‍යාපාරිකයන් වජිර අබේවර්ධනලා  පොහොසත් කිරීමට තව තව මිලියන ගණන් මෝඩ ලෙස වියදම් කරනු ඇත. අහෝ මන්ද බුද්ධික ව්‍යාපාරික ප්‍රජාව දැන්වත් රනිල් රාජපක්ෂලාට රැවටීම නවතමු.

-ජනමිත්‍ර

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/86

No comments:

Post a Comment