දඩයම අරඹයි...! රාවණා සීඅයිඩී අත්අඩංගුවට..!!
(ලංකා ඊ නිව්ස් -2024.මාර්තු.05, ප.ව.11.35) බංකොලොත් ශ්‍රී ලංකාවේ හමුදාපතිගේ කුස්සිය සහ කකුස්සිය වායු සමනය කිරීම සඳහා දැරූ බරපැන සම්බන්ධයෙන් බදු ගෙවන ජනතාව දැනුවත් කිරීම සඳහා කළ අනාවරණයක් පිළිබඳ පුවතක් පදනම් කරගෙන 'රාවණා ලංකා නිව්ස්' වෙබ් අඩවියේ ප්‍රධාන කර්තෘ නිශ්ශංක මායාදුන්න මීට සුළු මොහොතකට පෙර සීයිඩිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ හමුදාපතිවරයා විසින් පුවත සම්බන්ධයෙන් සීඅයිඩියට කරන ලද පැමිණිල්ලක් අනුව ය. නිශ්ශංක මායාදුන්න අත් අඩංගුවට ගැනීමට සීඅයිඩිය කොළඹ සිට රත්නපුර පල්ලෙ බැද්ද ප්‍රදේශයේ ඔහුගේ නිවස වෙත ගොස් තිබිණ. නිශ්ශංක මායාදුන්න රටේ සිදුකරන විවිධ දූෂණයන් පිළිබඳ සිය සමාජ මාධ්‍ය හරහා අනාවරණයන් රැසක් සිදුකළ මාධ්‍යවේදියෙකි.
සමාජ මාධ්‍ය වල කට වහන පණත ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ නොතකා අනීතිකව සම්මත කරගත් රනිල් රාජපක්ෂ ජුන්ටාව එවැනි ආකාරයෙන්ම අනීතිකව පත් කර ගත් පොලිස්පති ජුන්ඩාලේප බන්දු හරහා මාධ්‍ය දඩයම ආරම්භ කර තිබේ. පණත සම්මත වීමෙන් පසුව විවිධ සමාජ ක්‍රියාධරයන් විසින් පවත්වන මාධ්‍ය හමුවන්හි කැපී පෙණෙන අඩුවක් තිබෙන බව පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවූ නීතිඥ නාමල් රාජපක්ෂ (හොර පෙරකදෝරුවා නොවේ) ප්‍රකාශ කෙළේය.
No comments:
Post a Comment