Saturday, 2 March 2024

රනිල් රෑට ඊශ්‍රායෙල දඩ බල්ලන් සමග දඩයමේ යමින් දවල්ට පලස්තීන හාවුන් සමග නිදා ගැනීම නවතනු..! රනිල්ගේ ඩොලර් මිලියනයේ ගැටයට හසුනොවෙනු..!

-ජනමිත්‍ර ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.මාර්තු.02, ප.ව.10.45) මීට දින තුනකට පෙර රනිල් රාජපක්ෂගේ කැබිනට් හමුවේදී  ගාසා තීරයේ දරුවන් උදෙසා ශ්‍රී ලංකාවෙන් ඩොලර්  මිලියනයක්  ආධාරයක් ලෙස ලබා  දීමට තීරණය කොට ඇත. බැලූ බැල්මට මානුෂීය බවක් පෙනුන ද රනිල් රාජපක්ෂ මෙයින් බලාපොරොත්තු වන්නේ ඉදිරි මැතිවරණයකදී  මුස්ලිම් ඡන්ද ආකර්ෂණය  කර ගැනීම බව රනිල්ට මහින්දට කඩේ  යන මුදලට විකිණෙන ගව පට්ටියට  හැර ඕනෑම මනුස්සයෙකුට  තේරෙන  කරුණකි.

රනිල්ගේ ක්‍රියාව පිළිකුල් සහගතයි..

ගාසාතීරයේ ඊශ්‍රායෙල ප්‍රහාරවලට කිසිලෙසක එරෙහි නොවන රනිල් රාජපක්ෂ  ඇමෙරිකානු සහ ඊශ්‍රායල් ප්‍රහාර අනුමත කරන්නෙකි. ලංකාවේ වියදමෙන් රතු මුහුදේ ඇමෙරිකානු නාවික මෙහෙයුම්වලට ලංකාවේ නාවික හමුදා යවන ඊශ්‍රායල් ගැත්තෙකි. පලස්තීනයේ ළමුන් මියයාම ගැන ඊශ්‍රායල් ප්‍රහාරවලට  එරෙහිව කෙළ බිඳක් හෙළීමට නොහැකි රනිල් රාජපක්ෂ  ඊශ්‍රායල් ප්‍රහාරවලින් බැටකන ළමුන් වෙනුවෙන් ලංකාවේ විදෙස් රැකියා කරමින් දුක්විඳිමින් මුදල් සොයා  ලංකාවට එවන දහදිය කදුළු ඩොලර් තමන්ගේ මැතිවරණ වැඩ සඳහා යොදා ගැනීම පිළිකුල් සහගතය. රනිල් රාජපක්ෂට  මහින්ද රාජපක්ෂ සමග යහන් ගත වීමට හැකි නිසා පිළිකුලක් නොදැනුනත් සමස්ත විදේශීය ශ්‍රමිකයිනට මෙය පිළිකුලකි. රනිල් රාජපක්ෂ ප්‍රතිපත්තිමය වශයෙන් නිදහස් පලස්තීනයක් වෙනුවෙන් කිසිදා පෙනී සිටියේ  නැත. අවම වශයෙන් සජිත් ප්‍රේමදස ප්‍රතිපත්තිමය වශයෙන් එසේ පලස්තීනය වෙනුවෙන් පෙනී සිටින්නෙකි.  එසේනම් ලංකාවේ විදෙස් රැකියා කරමින් දුක්විඳිමින් මුදල් සොයා  ලංකාවට එවන දහදිය කදුළු ඩොලර් රනිල් රාජපක්ෂගේ දේශපාලන කටයුතු උදෙසා භාවිතා කිරීමට විදේශීය ශ්‍රමික ඔබ විරුද්ධ විය යුතුය.

විදේශීය ශ්‍රමික ඔබ එවන දහදිය කඳුළු ඩොලර්...

2022 ජුනි ඩොලර් මිලියන  274.3 ක්  වූ විදේශීය ශ්‍රමික ඔබ  එවන ඩොලර් ප්‍රමාණය 2023 ජුනි වනවිට ඩොලර් මිලියන  475.7 වී ඇත  2023 මුල් මාස හය තුල විදේශීය ශ්‍රමික ඔබ එවූ ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන  2,822.6 වී ඇත  රනිල් රාජපක්ෂගේ අධෝ  මුඛය ලෙව කන්නන්ට අනුව මෙය රනිල් රාජපක්ෂගේ  දක්ෂකමකි. නමුත් 2020 දෙසැම්බර් මස විදේශීය ශ්‍රමික ඔබ එවූ ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 812.7 කි. එසේනම් තවමත් මේ රටේ විදෙස් ශ්‍රමිකයින් රනිල් රාජපක්ෂව විශ්වාස කරන්නේ නැති බව පැහැදිලිය. සිදු වී ඇත්තේ පසුගිය වසර දෙක පුරාවට මසකට අවමව 25000 කට අධික පිරිසක් විදෙස්  ගත වී ඇති අතර  වසර දෙක තුල එම ප්‍රමාණය ලක්ෂ 12  කට වඩා වැඩිවේ. එම පිරිසෙන් බහුතරය ගොස් ඇත්තේ සෞදි ආරාබි 9.3%, ඩුබායි  10.1%, කටාර් 10.6%, කුවේට්  11% ආදී ලෙසය. 57%ක් පිරිමි සහ 43% ගැහැණු වන මෙම පිරිස නැවත ලංකාවට එවන විදෙස් මුදල් නිසා පමණක් 2022 ජුනි  ඩොලර් මිලියන  274.3 ක්  වූ විදේශීය ශ්‍රමික ඔබ  එවන ඩොලර් ප්‍රමාණය 2023 ජුනි වනවිට ඩොලර් මිලියන  475.7 වී ඇත.    එසේනම්  ලංකාවේ ජීවත් වීම අසීරු කර, ජීවිතය එපා කර ලංකාවෙන් පිටකරන  විදේශීය ශ්‍රමික ඔබ  එවන ඩොලර් ප්‍රමාණය  රනිල් රාජපක්ෂ තමන්ගේ දේශපාලන ගේම්වලට යෙදවීමට ඔබ එරෙහි විය යුතුය.

රෑට ඊශ්‍රායෙල දඩ බල්ලන් සමග දඩයමේ යමින් දවල්ට පලස්තීන හාවුන් සමග නිදා ගැනීම

පල්සතීන දරුවන් වෙනුවෙන් සැබෑ වේදනාවක් ඇත්නම් පළමුව ඒ වෙනුවෙන් ප්‍රතිපත්තිමය වශයෙන් පෙනී සිටින්න. දෙවනුව ඒ සඳහා ආධාර එකතු කිරීමට ගිණුමක් සකසන්න. මේ සඳහා ආධාර දීමට කැමති විදෙස් ශ්‍රමිකයින් සිටිනම් ඔවුනට එම ගිණුමට මුදල් එවීම් සිදුකළ හැකිය. එසේ නොමැතිව මේ රටේ මිලියන ගණන් දරුවන් බඩගින්නේ සිටියදී එම දරුවන්ගේ දෙමාපියන් එවන ඩොලර් කොල්ල කෑමට රනිල් රාජපක්ෂ  නුඹට කිසිදු අයිතියක් නැත. මක් නිසාද යත් මෙම ඩොලර් මිලියනය මේ රටේ විදෙස් ශ්‍රමිකයින් දුක් මහන්සියෙන් එවන මුදල්ය. මහින්ද රාජපක්ෂ  නුඹට ජනාධිපති  තනතුර දුන්නාට රටේ ජනතාව නුඹට කිසිදා ජනාධිපතිකම දී නැත. මන්ත්‍රීකමක් වත් දුන්නේ නැත. දෙන්නේද නැත. රනිල් රාජපක්ෂ වී එස්මන්ඩ් වික්‍රමසිංහගේ වාසගම නැති කරගත් නුඹ වැදගත් ලෙස දේශපාලනයෙන් ඉවත් වන්නේ නම් ජාත්‍යන්තරයට යා හැකිව තිබියදී  මහින්ද රාජපක්ෂගේ අධෝමුකය  සේදීමට ගොස් කොළඹ විදියක තමන්ගේ අවසානය සිදුකර ගැනීමට ජනතාව පොළඹවීම නුඹේ අණුවන කමකි.  රනිල් රාජපක්ෂ මතක තබාගන්නෙ, කිසිදා මර්දනය කළ නොහැකි, යටපත් කළ නොහැකි ලංකා ඊ නිව්ස් පාඨක බලය මේ රටේ  විදෙස් රැකියා කරමින් දුක්විඳිමින් මුදල් සොයා  ලංකාවට එවන දහදිය කදුළු ඩොලර් එවන  අසරණ ජනතාව සමග අප ඔබට ඩොලර් එවීම වර්ජනය කිරීමට පොළඹවන්නෙමු.  ඊට පෙර විදෙස් රැකියා කරමින් දුක්විඳිමින්  එවන  මුදල් දේශපාලන කටයුතු උදෙසා පලස්තීනයට ඩොලර් මිලියනයක් දීම වහාම නවතනු. ඒ වෙනුවට ආධාර රැස්  කිරීමේ ගිණුමක් අරඹනු. ප්‍රතිපත්තිමය ලෙස පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී සිටිනු..! රෑට ඊශ්‍රායෙල දඩ බල්ලන් සමග දඩයමේ යමින් දවල්ට පලස්තීන හාවුන් සමග නිදා ගැනීම නවතනු..!

-ජනමිත්‍ර

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/86

No comments:

Post a Comment