Friday, 12 July 2024

කෝඳුරු තෙල් හත්පට්ටේ විපක්ෂ මන්ත්‍රී 15 සහ පෝය තුනේ ජනාධිපතිකාරයාගේ සිහින..!

-ජනමිත්‍ර ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.12, ප.ව.11.30) රනිල් වික්‍රමසිංහ යනු මැතිවරණවලින්  ජනාධිපති විය නොහැකි කොළඹ හතේ ඉංග්‍රීසි පැලැන්තියේ කාලකන්නි  නායකයකු  බව තතු දන්නෝ දනිති.

මහින්ද රාජපක්ෂ තම බිරිඳ වන ශිරන්ති වික්‍රමසිංහගේ නෑ කමේ විශ්වාසයට ගෝටාභයට කෙලවෙන්නට හැර බන්දේසියේ තබා රනිල් ජනාධිපති කළා මිස ලංකාවේ කුඩු රේනෝ ගේ සහ කළු සල්ලි දිලිත්ගේ පඩංගු මාධ්‍ය කියන ලෙස වෙනත් නායකයින්ට කිසි දිනක ජනාධිපති වෙන්නට රාජපල්ෂලා ආරාධනා කළේ නැත. එසේ ජනාධිපතිකම පිනට ලැබුණු රනිල් වික්‍රමසිංහ දිනපතා  තමන්ගේ අධෝමුඛ පනික්කියා වන වජිර අබේවර්ධන හරහා මෙන්ම තම ලිංගික සගයා වන  සාගල රත්නායක ඔස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකමට ඉල්ලන තරඟයට ඉදිරිපත් වන බව කියයි.

රාජපක්ෂලාට මර බිය දැණුනු විට විසිකළ යකඩය..

සත්‍ය වශයෙන්ම පොහොට්ටු සහාය රනිල්ට දීමට නම් බැසිල් රාජපක්ෂ රනිල් වෙත ඉදිරිපත් කළ කොන්දේසිය වන්නේ සජිත් පිලෙන් 25 දෙනෙකු සමග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් සහාය දිය හැකි බවයි. නමුත් දැන් එම ඉලක්කම 15 දක්වා අඩුකර ගැනීමට බැගෑපත් වී ඉල්ලා ඇති රනිල් වික්‍රමසිංහ  නොදන්නා කරුණ වන්නේ රාජපක්ෂලාට රනිල් වික්‍රමසිංහ යනු මර බිය දැණුනු මොහොතේ එළියට විසිකළ යකඩයක්  පමණක් බවයි.

දැන් රාජපක්ෂලාට එළියට බැස ගමනක් යාමට ඇත. එහිදී සත්‍ය ලෙසම සජබය කඩා බහුතරයක් ගන්නේ නම් තරඟයක් දිය  හැකි බව ඔවුන්ගේ මතයයි. නමුත් ඔවුනට  වැදගත් දෙයක් අමතක වී ඇත. මේ මොහොතේ ජනතාවට පාර්ලිමේන්තුවම එපා වී ඇති අතර සජබයෙන් සියල්ල රනිල් වික්‍රමසිංහ වෙත පැමිණියත් ජනතා කැමැත්තේ කිසිදු වෙනසක් සිදුනොවන බවයි.

අවම වශයෙන් අනුර කුමාර දිසානායක හට තරඟයක් දිය හැකි එකම පුද්ගලයා පාඨලී  චම්පික රණවක වැනි උගතෙක් නම් යම් තරඟයක් දිය හැකිය. එසේ නොමැතිව රනිල් වික්‍රමසිංහ හෝ ධම්මික පෙරේරා සමග නාමල් රාජපක්ෂ නම් දේශපාලන ගොන් වස්සා  අගමැති කිරීමට ජනතාවගෙන්  සියයට  5%  වත් කැමැත්ත ප්‍රකාශය නොකරනු ඇත.

සිරිසේනගේ රංගනයට සමාන රනිල්ගේ රංගනය...

රනිල් වික්‍රමසිංහ මෙම මොහොතේ රඟන රංගනය 2015 වසරේදී මෛත්‍රීපාල   සිරිසේන රැඟූ රැඟුමට සමානය. ඒ රනිල්ගේ සහයට සජබෙන් කණ්ඩායමක් පැමිණෙන බව කියන අති මහත් බොරුවය. 2015 දී නාග විහාරයේ සෝභිත හිමි කැමැත්තෙන් කරු ජයසූරිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සියල්ල සුදානම් වූ මොහොතක මෛත්‍රීපාල සිරිසේන රාජපක්ෂ ආණ්ඩුවෙන් මන්ත්‍රීවරු 25ක්  සමඟ එන බව පොරොන්දුවෙමින් චන්ද්‍රිකා  බණ්ඩාරනායක  මඟින් කරු ජයසූරියට ඇමතුමක් ගත්තේය. චන්ද්‍රිකා පැවසුවේ මෙම මොහොතේ අපේ පැත්තට මන්ත්‍රීන් 25 පැමිණීම ජයග්‍රහණයට වැදගත් බැවින් ජනාධිපති තරඟයට ඉදිරිපත්වීමෙන් කරු ජයසූරිය අයින් වන්නේ නම් වැදගත් බවයි.  මහත්මා ගුණ සහිත කරු ජයසූරිය ඉල්ලීමට කන්දී විපක්ෂයේ ජය වෙනුවෙන් ඉවත් වී මෛත්‍රීපාල සිරිසේන හට අපේක්ෂකත්වය ලබා දුන් නමුත් මන්ත්‍රී වරු 25 තබා  10 දෙනෙකුවත් රැගෙන ඒමට මෛත්‍රීපාල සිරිසේන අපොහොසත් විය.

එම මොහොතේ රටේ රාජපක්ෂ විරෝධය හමුවේ පොල් ලෙල්ලක් දැමුවත් ජයගත හැකිව තිබු මොහොතකි. නමුත් අද තත්වය තුල ඇත්තේ රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ විරෝධයකි. රනිල් වික්‍රමසිංහ හෝ UNP නාදයට කඩේ ගොස් තනතුරක් හෝ බිස්නස් එකක් ගත් කිහිප දෙනෙකු මෙන්ම කොළඹ හතේ පැලැන්තියේ  අතලොස්සක් පමණක් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටිති. රනිල් වික්‍රමසිංහ සුභ ආරංචියක් දුන්නේ රාජපක්ෂලාට පමණි. දියුණු කළේ රාජපක්ෂ හැතිකරේ ව්‍යාපාර පමණි. ගොඩ දැම්මේ රාජපක්ෂ සනුහරේ නඩුහබ ය. පියවුයේ රාජපක්ෂ ව්‍යාපාරවලට සනුහරේ නොගෙවූ බිල්ය. රනිල් වික්‍රමසිංහගේ කෝඳුරු තෙල් හත්පට්ටේ මන්ත්‍රීවරු මේ කපේදී ලැබෙන්නේ නැත. මන්ද යත් ඉදිරි මැතිවරණයකදී ජීවත්ව සිටීමට නම් මන්ත්‍රී ධූරයවත් ආරක්ෂාකර ගත යුතුය. නැතිනම් රටෙන් යා යුතුය. අවසන් මැතිවරණයෙන් ලක්ෂ 39 ක් ගත් සජබය අතහැර යන්නේ නම් ඒ දේශපාලන වල පයේ සිටින මහල්ලන් පමණි.

ධම්මික පෙරේරාගේ අගමැති අපේක්ෂකයා වීමට පවා පාච්චල් වෙලා..

එබැවින් අවසානයේ රනිල් වික්‍රමසිංහ දැන් පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ධම්මික පෙරේරාගේ අගමැති අපේක්ෂකයා වීමට පවා බැසිල්ට පාච්චල් වී තිබේ. ඒ ඉල්ලීම වත් ඉටු නොවන ගාන ය. රාජපක්ෂලා පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මිස මුදල් වියදම් කරන්නේ නැත. එමනිසාම ජනාධිපතිවරණයේ බළලා ලෙස ධම්මික පෙරේරා ඔහුගේ මුදල් සමඟ ඉදිරිපත් කරන අතර රනිල් වික්‍රමසිංහට අපේක්ෂකත්වයක් පවා හිමිනොවන බව සහතිකය.

රාජකීය විද්‍යාලයේ ඉගෙන ගත් රනිල් නම්බු පිටින් ගෙදර යා යුතුය. අනාගතයේ එක්සත් ජාතීන්ගේ සංවීධානයේ තනතුරකට හෝ යෑමට සිතන්නේ නම් තමනට බැරි  ජනාධිපතිවරණයෙන් ඉවත් විය යුතුය. නමුත් එසේ වන්නේ නම් දැන් රනිල් පෙන්වා වජිර අබේවර්ධනලා,  රවී කරුණානායකලා, රංගේ බණ්ඩාරලා මේ දිනවල ව්‍යාපාරිකයින් අන්දවා එකතු කරන මිලියන ගණන් කප්පම් මුදල් එකතු කිරීමට නොහැකි වනු ඇත.

පෝය තුනේ ජනාධිපතිකාරයාගේ බොරු සිහින වලට නොරැවටෙනු...

ඉහත සත්‍ය දන්නා පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන් පෝය තුනේ ජනාධිපති වෙනුවෙන් නීති විරෝධී ගොන් වැඩ කිරීම නැවැත්විය යුතුව ඇත්තේ ඉදිරි ජනතා රජයකින් සිරබත් නොකා සිටිය යුතු බැවිනි. අධිකරණ සේවයේ නිලධාරීන් ද අවනීතිය වෙනුවට නීතියේ ආධිපත්‍යය උදෙසා රාජකාරි කළ යුතුය. රජයේ ලේකම්ලා ද පෝය තුනේ ජනාධිපති වෙනුවෙන් හිරේ යන වැඩ නොකර සිටිය යුතුය. ජඩ මාධ්‍යකාරයන් ද අනාගතයේ ඕවා පවත්වාගෙන යාමට අවශ්‍ය නම් උදේ දිවා රැයේ පෝය තුනේ ජනාධිපතිකාරයාට කඩේ යෑම අත්හල යුතුය.  

නමුත් පෝය තුනේ ජනාධිපතිකාරයා තවදුරටත් බොරු සිහින සමාජ ගත කරනු ඇත. බුද්ධිමත් ඔබ පෝය තුනේ ජනාධිපතිකාරයා තවදුරටත් විශ්වාස කිරීමෙන් වලකින්න. මන්ද යත් විශ්වාස කළ හොත් එහි ඵලවිපාක වල කරුමය ගෙවීමට තව පෝය හැටක් සිදුවන බැවිනි.

-ජනමිත්‍ර

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/86

No comments:

Post a Comment