Tuesday, 23 July 2024

ලංකා ඊ නිව්ස් පුවත ගැන සොයන්නැයි මන්ත්‍රී ශානක්කියන් කතානායකගෙන් ඉල්ලයි 

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.23, ප.ව. 11.00) ශානක්කියන් රාසමානික්කම් මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් කරන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් පසුගියදා පුවතක් පළ කළ අතර එකී සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන ලෙස ශානක්කියන් මන්ත්‍රීවරයා අද කතානායක වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ඔහු පොලිස්පතිවරයාට ද ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර විදේශ තානාපති කාර්යාලද දැනුවත් කර තිබේ. පාර්ලිමේන්තුවේ දී ඔහු කළ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය පහත දැක්වේ. 

"ගරු. නියෝජ්‍ය කථානායකතුමනි, 

ලංකා ඊ නිව්ස් හි මා ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ගැන පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් සොයා බලන ලෙස මම ලිපියක් මගින් ඔබෙන් ඉල්ලා සිටිමි. එකී පුවතට අනුව මේ බව අනාවරණය වී ඇත්තේ විදෙස් ඔත්තු සේවාවක් මගිනි. මේ සම්බන්ධයෙන් මම පොලිස්පතිවරයාවත් දැනුවත් කර තිබෙනවා. මෙම කුමන්ත්‍රණය පිටුපස රජය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයකු සිටින බවද ලංකා ඊ නිව්ස් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. වාර්තාවේ සත්‍යතාව කුමක් වුවත්, මේ පිළිබඳව සොයා බලන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි."

මුල් පුවත මෙසේය "Foreign Intelligence Uncovered Pillian’s Plan to Kill Shanakian Rasamanikkam..!"

No comments:

Post a Comment