Friday, 19 July 2024

අලි සබ්‍රිගේ නීති විරෝධී 'අම්මට සිරි' වැඩ ගැන මැතිවරණ කොමිසමට පැමිණිලි..!

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.19, ප.ව. 11.00) මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදු කරන අනීතික පත්කිරීම් සම්බන්ධයෙන් එම්. ජේ. ප්‍රනාන්දු නම් මහත්මයෙකු විසින් මැතිවරණ කොමසාරිස් ජනරාල් වරයා වෙත අද(19) ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. අලි සබ්රි විසින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය පවා විදේශ තානාපති කාර්යාල වලට පත් කර යවා ඇත. එම පැමිණිල්ල සම්පූර්ණයෙන් පහත දැක්වේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල්
මැතිවරණ කොමිසම,
සරණ මාවත,
රාජගිරිය,
2024.07.19

මැතිවරණ කොමසාරිස් ජනරාල්තුමනි ,

මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සිදු කරන අනීතික පත්කිරීම් සම්බන්ධවයි

පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා කැඳවා ඇති මොහොතක  සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින්  තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාලවල දේශීය  බඳවා ගැනීම් (Local recruitment)  තනතුරු සඳහා කෙරෙන  පත් කිරීම් පිළිබඳව අප  දැඩි කනස්සල්ලෙන් සහ අවධානයෙන් සිටින බව මතක් කිරීමට ලියමි ,

මෙලෙස මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, රාජ්‍ය අමාත්‍ය තාරක බලසූරිය, විදේශ කටයුතු ලේකම්තුමිය  විසින් නීති විරෝධී ලෙස දේශපාලන පත් කිරීම් සිදුකරන බව  දැනගන්නට ලැබී ඇත .

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, ජනාධිපති නීතිඥ ධුරයේ කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ මැතිවරණ නීතිය ගැන ඉතා හොඳින් දන්නා පුද්ගලයෙකු  ලෙස මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම  ඉතා වැරදි සහගත ක්‍රියාවක්  බව මතක් කර සිටිමි . මෙම ක්‍රියාකාරකම් මැතිවරණ ක්‍රියාවලියේ අවංකභාවය අඩු කරන අතර අපගේ ප්‍රජාතන්ත්‍රික ප්‍රතිපත්ති වලටද  අනුකූල නොවේ.

මෙලෙස මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමේ උදාහරණයක් ලෙස, ඉංග්‍රීසි භාෂාව පවා නොදන්නා 'ගරුමුනි සුමනසිරි' මහතා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ලිපිකරු  සහකාරවරයෙක් ලෙස මෑතකදී පත් කර ඇත. මෙම නීති විරෝධී දේශපාලන පත් කිරීම සදාචාරවත් මැතිවරණ නීතිවලට පටහැනි වන  කාරණාවක් බව ඔබතුමාට දන්වා සිටිමි .මෙම පත්කිරීම තනිකරම දේශපාලන පත්වීමක් වන අතර මෙය පැහැදිලිවම මැතිවරණ නීතිය උල්ලංඝනය කර ඇත.

එමෙන්ම ඉතා ආසන්න දිනක  අමාත්‍යවරයා විසින් දේශීය  බඳවා ගැනීම් (Local recruitment) තනතුරු වලට මෙන්ම තානාපති කාර්යාල වල  කළමනාකරණ සහකාරයින් සහ සංවර්ධන නිලධාරීන් තනතුරු සඳහාද පත් කිරීම් කිහිපයක් සිදු කර ඇත.

විශේෂයෙන් දේශීය බඳවා ගැනීම් (Local recruitment) තනතුරු, පත්කරන අය තනිකරම අමාත්‍යවරයා විසින් දේශපාලන වශයෙන් පත් කරන තනතුරු වේ, මේ සඳහා  විදේශ අමාත්‍යංශයේ සේවය කරන යම් පිරිසක් ද පත් කරන අතර ප්‍රධාන රටවල් ඉලක්ක කරමින් අමාත්‍යවරයා විසින් දේශපාලන පත්කිරීම් කරනු ලැබේ. ඊට හොඳම උදාහරණය ලෙස මා ඉහතින් පෙන්වා දී ඇති ගරුමුනි සුමනසිරි ගේ තනතුර ඊට සාක්ෂි සපයයි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය විදේශ තානාපති කාර්යාල වලට යවලා..

මෙවර විදේශ අමාත්‍යවරයා විසින් රජය බිඳ වැටෙන බව දන්නා නිසා නීති විරෝධී ලෙස ආණ්ඩුවට හිතවත්ව කටයුතු කරමින් සිටින ඉදිරි ජනතාවගේ රජයක් යටතේ අත්අඩංගුවට ගැනීමට නියමිත රාජ්‍ය බුද්ධි සේවයේ සහ පොලිසියේ අවිධිමත් ලෙස  ආණ්ඩුවේ දේශපාලන හෙන්චයියන්ගේ දුෂණ ක්‍රියා සඳහා  හිතවත්ව කටයුතු කරන ලද කළ පුද්ගලයන් කිහිපදෙනෙක් මෙලෙස තානාපති කාර්යාල වල දේශීය  බඳවා ගැනීම් (Local recruitment) තනතුරු සඳහා පත් කිරීමට අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇති බව වාර්තා වී ඇත. මෙකී පුද්ගලයින් පාස්කු ප්‍රහාරයටද යම් ආකාරයට සම්බන්ධයක් ඇති බවට යම් සැකයක් ද පවතින බව කිව යුතුය .

මෙම ක්‍රියාකාරකම් ඉතා අසාධාරණ බවත්, පවතින මැතිවරණ නීතියට අනුව කෙරෙන ක්‍රියා පටිපාටි නොවන බවත් මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් නීති විරෝධී ක්‍රියාවක් බව පැහැදිලිව ඔබතුමාට පෙන්වා දීමට කැමතිය.

විශේෂයෙන් රටේ නීතිය ඉහලටම දන්නා පුද්ගලයෙකු ලෙස අමාත්‍ය  අලි සබ්‍රි විසින් සිදු කරන මෙකී ක්‍රියාව සම්බන්ධයෙන් උසාවියටද ඉදිරියේදී අප විසින් කරුණු වාර්තා කිරීමට කටයුතු කරමින් සිටින බව කිව යුතුය

මෙවැනි පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමේ අවස්ථාවේදී මෙම නීති විරෝධී පත් කිරීම් නවතා, මැතිවරණ නීතිය පිළිපැදීම කඩිනම්ව ක්‍රියාත්මක කළ යුතු බව අප  දැඩිව ඉල්ලා සිටිමි.

මෙම ආකාරයේ කාරණා ප්‍රජාතන්ත්‍රවාදයේ අවංකභාවය ආරක්ෂා කරනු ලබන මෙන්ම පවතින නීතිමය ක‍්‍රමවේදය අනුව සියලුම කටයුතු සිදුකිරීම අත්‍යාවශ්‍ය වේ.  කඩිනම් ක්‍රමවේදය අනුව අවශ්‍ය කටයුතු කර මැතිවරණ සමයේ කිසිදු පත්කිරීමක් සිදු නොකරන ආකාරයට අවශ්‍ය නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස  ලෙස  මැතිවරණ කොමිසමෙන් දැඩි ලෙස ඉල්ලා සිටිමි.

ඔබගේ අවධානයට ස්තූතියි

එම්.ජේ ප්‍රනාන්දු

No comments:

Post a Comment