රනිල්-ටිරාන්-ජිත්-චන්දිම හතර කට්ටුව පාස්පෝර්ට් එකටත් කෙළවති..!
-ජනමිත්‍ර ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.21, ප.ව. 10.45) ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කෙල කෝටි ගැහිල්ලකින් පාස්පෝර්ට් ගැනීමට සිටින ජනතාවට සිතා ගත නොහැකි ලෙස කෙළවා ඇත.
අම්මට සිරි කොන්ත්‍රාත්තුව..
රනිල් වික්‍රමසිංහහේ නෑයකු වන ජිත් වික්‍රමසිංහ සහ ටිරාන් අලස්, රනිල් වික්‍රමසිංහ, ප්‍රධාන ආගමන විගමන නිලධාරී චන්දිම මුණසිංහ එක්ව ලංකාවේ පාස්පොර්ට් මුද්‍රණය ටෙන්ඩර් කැඳවීමකින් තොරව තමන්ට හිතවත් සමාගමක් වෙත බාර දී ඇත. ඒ සමාගමට එවැනි හැකියාවක් නැති බැවින් විදේශීය තුන්වන පාර්ශවයකට මුද්‍රණය බාර දී ඇත. එම විදේශීය නව සමාගමේ නොහැකියාව නිසා පාස්පෝර්ට් ලංකාවට එවීම ප්‍රමාද වී ඇති අතර සාමාන්‍යයෙන් මුහුදු මාර්ගයෙන් විශාල ප්‍රමාණයක් එවීම ලාබදායී වුවද අලුත් ගැහිල්ලෙන් සිදුවූ ප්‍රමාදය හේතුකොට පාස්පෝර්ට් 30,000 ක් පමණ ගුවන් මගින් අධික මුදලක් ගෙවා ගෙන්වාගෙන තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට රනිල් මහින්ද කෙරුවාවෙන් රට එපා වී සිටින ජනතාව දිනකට ගුවන් බලපත්‍ර 6000 කට අධික ප්‍රමාණයක් ඉල්ලා සිටින අතර පෝලිම් ජනතාවට පෙනෙන නිසා දැනට ඔන්ලයින් ජිල්මාට් එකක් පෙන්වා දිනකට 3000 කට වඩා බත්තරමුල්ල කාර්යාලයට පැමිණීමට ඉඩ ලබා දෙන්නේ නැත.
අවුලෙන් ගැලවීමට ජනතාව බිල්ලට..
ඒ අනුව බත්තරමුල්ල කාර්යාලයට ලැබී ඇති පාස්පෝර්ට් ප්‍රමාණය දින දහයකට පමණක් සෑහෙන අතර දින දහයකින් එය අවසන් වේ. රනිල් - ටිරාන් - ජිත් - චන්දිම හතර කට්ටුව මේ අවුලෙන් මිදීම සඳහා නව බලපත්‍ර ලබාදීමේ දී INTERVIEW ක්‍රමයකින් පමණක් සිදුකිරීමට සැලැස්මක් දියත් කර ඇත. ඒ මගින් ගුවන් බලපත්‍ර ඉල්ලීම ජනතාවට එපා කරවීම මොවුන්ගේ අරමුණ වී තිබේ .
රනිල් - ටිරාන් - ජිත් - චන්දිම හතර කට්ටුව ගුවන් බලපත්‍ර මුද්‍රණයෙන් වංචා කිරීමට පෙර ලංකාවට ඇතුළුවීම සඳහා විසා නිකුත් කිරීමට VFS වෙත පැවරීමෙන් බිලියන ගණනාවක වංචාවක් දැනටමත් සිදුකරමින් සිටිති. දැන් ඊට අමතරව පාස්පෝට් මුද්‍රණයෙන් ද රනිල් වික්‍රමසිංහ නෑයන් හරහා සොරකමේ ගොස් ඇත.
රට යෑමත් එපා කරවයි..
රනිල් වික්‍රමසිංහ 1977 සිට ලංකාවේ දේශපාලනය කරමින් ඇමැතිකම් කරමින් හතර වරක් අගමැති ද වී ලංකාව ඩොලර් බිලියන ගණන් ණය කිරීමට මූලික වූ විනාශකාරී පුද්ගලයකු වන අතර අවම තරමින් මොහු දැන් පිනට පාලනය කරන රට එපා වී විදෙස් ගත වන ජනතාවට කරදරයකින් තොරව විදෙස් ගතවීමට තිබෙන විදෙස් ගමන් බලපත්‍රය හෙවත් PASSPORT එකටද කෙළවා රට යාමත් එපා කරවීම කෙතරම් අසික්කිත වැඩක්ද ?
තොප රටේ ධනය විනාශකරමින් කල්ගෙවන කාලයේ අවසානය පොහොය තුනකට සීමාවී ඇති බව අමතක නොකරන්න. ඵලවිපාකවල ගැඹුර තේරුම් කිරීමට උදාහරණ නොමැති බැවින් අත්දැකීමෙන්ම විඳ ගැනීමට ඉඩ හැරීම වඩාත් සුදුසුය.
ජනතාවනි, තියන දෙයක් කා මුන් කියන විදියට නිහඬ නොවිය යුතු කාලය පැමිණ ඇත. ජනතාව නඩු අහන දිනයට පොලිසි හමුදා ඵලක් නැත. රනිල්ට එදාට සාගලවත් නැත.
-ජනමිත්‍ර
https://www.lankaenews.com/category/86

No comments:
Post a Comment