ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සමඟ සූදු ප්‍රවර්ධන සමාගම් සම්බන්ධ වූයේ කෙසේද.?
-අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය අසයි
(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.20, ප.ව. 11.30) අපේ රටේ සැබෑ ක්‍රීඩා (ක්‍රිකට්) ලෝලීන් මෙම පොදු වැදගත්කමකින් යුතු ඉතා වැදගත් ප්‍රශ්නය කරළියට ගෙන ඒමට ගන්නා උත්සාහය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය නිකුත් කිරීමට මම සතුටු වන අතර ඒ සඳහා මගේ සම්පූර්ණ සහයෝගය ඔවුන් සමඟයි.
දැනට පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලියේ අනුග්‍රාහකයින් ලෙස ඔට්ටු ඇල්ලීමේ සමාගම් වල යෙදුම් කිහිපයක් ක්‍රියාකාරීව සම්බන්ධ වී තිබෙන බවත්, ඒවා ක්‍රීඩකයින්ට සහ කන්ඩායම් වලට වෙළඳ ප්‍රචාරණ ආකාරයෙන් සහ මූල්‍යමය ස්වභාවයේ වෙනත් සම්බන්ධතා තුලින් ප්‍රවේශය තනා ගෙන සිටින බවත් මට විශ්වාසදායක ලෙස වාර්තා වී තිබේ.
මෙම ජනරජයේ නීති මගින් ක්‍රීඩා ඉසව්වල මත්පැන්, දුම්කොළ ආදිය ප්‍රචාරණය කිරීම තහනම් කර ඇති අතර ක්‍රීඩා නීතිවලට මෑත කාලීන සංශෝධන මගින් ක්‍රීඩා / ඔට්ටු ඇල්ලීමේ කර්මාන්තයේ නියැලෙන්නන් ක්‍රීඩා පරිපාලනය සමඟ සම්බන්ධ වීම පැහැදිලිවම තහනම් කර ඇති පරිශ්‍රයන් තුළ LPL තරඟාවලියට අදාළව පමණක් මෙම ප්‍රමිතීන් මෙතරම් අපයෝජනය වන්නේ කෙසේදැයි වටහා ගත නොහැක.
පෞද්ගලිකව මා විවිධාකාරයෙන් නොයෙක් මට්ටම්වල මෙම ක්‍රීඩාව සමග, ක්‍රිකට් ලෝලියෙකු ලෙස, මෑතක දී ICC දූෂණ විරෝධී විනිශ්චය සභාව හමුවේ අපගේ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙකු ලෙසත්, මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයෙකු ලෙස සම්බන්ධ වුනෙමි. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ඉතා ආදරය කරන මෙම ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීම සඳහා මහජන අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කරන පුරවැසියන් පිටුපස සම්පූර්ණයෙන්ම සිටිමි.

No comments:
Post a Comment