Wednesday, 24 July 2024

රනිල් ජනාධිපති කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්ද ලබා ගැනීමට අල්ලස් දුන් හැටි හෙළිවේ..! වීඩියෝ ලීක් වෙලා..!!

-මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.24, ප.ව. 3.50) රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස පත්වීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඡන්ද ඩැහැ ගැනීම සඳහා  හුවමාරු වූ සැලකිය යුතු මුදල් අල්ලස් පිළිබඳව විස්මිත සාක්ෂි මතුව තිබේ. රනිල්ගේ ඒජන්තයා සහ බලගතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සම්බන්ධ වූ සාකච්ඡාවන් හි වීඩියෝ දර්ශන ලීක් වී ඇති අතර, එමගින් දූෂණ ගණුදෙනු ජාලයක් හෙළිදරව් වී ඇත.

වත්මන් සජබ මන්ත්‍රීවරයකු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු, මීගමුවේ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මන්ත්‍රීවරයකු, ප්‍රමුඛ එජාප දේශපාලනඥයන් දෙදෙනෙකු සහ ප්‍රසිද්ධ ප්‍රධාන පුවත්පත් සමූහයක හිමිකරුවෙකු සමඟ සිදුකළ රැස්වීම් වීඩියෝ දර්ශන වලින් හෙළි වී තිබේ.

අල්ලසේ විස්තරය:

1. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අල්ලස් ලබා ගෙන තිබේ- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මන්ත්‍රීවරුන් 34 දෙනෙක් ඩලස් අලහප්පෙරුමට එරෙහිව රනිල්ට ඡන්දය දීම සඳහා රනිල් ගේ හිතවතෙකුගෙන් සැලකිය යුතු මුදලක් ලබා ගෙන තිබේ.

2. ටීඑන්ඒ මන්ත්‍රීවරුන් ද සම්බන්ධයි- දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) මන්ත්‍රීවරුන් හය දෙනෙකුට ද විවිධ මූලාශ්‍රවලින් මුදල් ලැබුණු බව වාර්තා වේ.

3. මුස්ලිම් මන්ත්‍රීවරුත් අල්ලස් ගත්තා - රනිල්ට ඡන්දය දීමට මුස්ලිම් මන්ත්‍රීවරුන් හතර දෙනෙකුට මුදල් සහ අමතර බලපත්‍ර අල්ලස් ලෙස දී තිබේ.

4. කථානායකවරයාගේ විෂමාචාරය- සිංගප්පූරුවේදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමඟ රැස්වීම් සංවිධානය කිරීමට සහ ගෙවීම් සහතික කිරීමට කථානායකවරයා ද අල්ලස් මුදල් ලබාගෙන තිබේ.

5. කාන්තාවන් සපයලා - මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට මීගමුවේ හෝටලයක නවාතැන් සපයා නාරි මාංශ ද සපයා තිබේ. නාරි මාංශ සමග සිටින මන්ත්‍රීවරුන් 9 දෙනෙකු ගේ අවස්ථා පටිගත කර ඇති අතර, රනිල් කඳවුර මෙම වීඩියෝ බ්ලැක්මේල් සඳහා යොදා ගැනීමට ක්‍රියා කරන බවට සැකයක් තිබේ.

6. නීතිමය ප්‍රතිවිපාක- ජනාධිපතිවරණ ක්‍රියාවලියේ සිදු වූ මේ දැවැන්ත දූෂණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත්වීමක් පැතීම  කළ හැකි බව නීති විශාරදයෝ කියති. එවැනි මැදිහත්වීමක් මගින් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතය අවසන් කළ හැකි අතර, ඔහුට වසර 15 කට අධික කාලයක් රාජ්‍ය නිලතල දැරීමට නොහැකි වනු ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පැරදුනද, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි රනිල් වික්‍රමසිංහ, පසුව අගමැති වී, අවසානයේ ජනාධිපති වූයේ, හොර සල්ලිවලින් ඡන්ද මිලදී ගැනීමේ ක්‍රමයකින් බව පෙනේ.

මෙම හෙළිදරව් කිරීම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ක්‍රමයේ කළු පැල්ලමකි. ජනාධිපතිවරණ ක්‍රියාවලිය කිලිටි කළ දූෂිත ක්‍රියාවන් පිළිබඳව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ගයක් සහ ගැඹුරු විමර්ශනයක් ඉල්ලා සිටිය යුතුය.

- මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි

No comments:

Post a Comment