රනිලාගේ තවත් ජිල්මාට් එකකට අධිකරණයෙන් වාරණයක්..!
(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.24, ප.ව. 5.15) රනිල් රාජපක්ෂගේ තවත් ජිල්මාට් එකකට එරෙහිව වාරණ නියෝගයක් අද ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළේ ය. ඒ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා යැයි කියමින් හිටපු ප්‍රාදේශීය සභා නියෝජිතයන්ගෙන් සමන්විත "ප්‍රජා උපදේශන කමිටු" නම් අමුතු ආයතන පිහිටුවීම සම්බන්ධයෙන් රනිල්ගේ ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මකවීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
පැෆ්රල් සංවිධානය සහ එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් විජිත් මලල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ කුමුදුනී වික්‍රමසිංහ යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 05 වනදා පැවැත්වීමට ද දින නියම කළේය. ඒ වන විට ජනාධිපතිවරණය පවත්වා රනිල් රාජපක්ෂ ගෙදර ගොස් හමාරය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්ථික දේවේන්ද්‍ර අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති ලෙස හුවා දක්වමින් රජයේ මුදල් සහ සම්පත් දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කිරීම මෙම ව්‍යාපෘති හරහා සිදු කෙරන බවත් එම ව්‍යාපෘති සම්බන්ධීකරණය සඳහා ප්‍රජා උපදේශන කමිටු පිහිටුවා ඊට හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් පත්කිරීමට කටයුතු කර ඇති බවද චෝදනා කර සිටියේය.
රජයේ සම්පත් පොදු ජනතාව වෙනුවෙන් භාවිත කිරීම වෙනුවට දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කිරීම මේ හරහා සිදුවන බැවින් මැතිවරණයක් ආසන්නයේදී මෙවැනි ක්‍රියා අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියේය.
එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියාය.
දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ සංවර්ධන ව්‍යාපෘති සදහා ප්‍රජා කමිටුවලට මිලියන 10 බැගින් මුදල් වෙන් කිරීමට තීරණය කර ඇති බවත් ජනාධිපතිවරණය සහ පළාත් පාලන ඡන්ද විමසීමේ දී ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂවලට වාසි ලබාගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘති සැලසුම් කර ඇති බවත් ය.
මැතිවරණයක් ආසන්නයේදී මෙවැනි කටයුතු කිරීම නීතිවිරෝධී බවත් මේ තුළින් මැතිවරණ කොමිසමේ විධිවිධාන සහ ඡන්ද දායකයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ගොනු තිබුණි.

No comments:
Post a Comment