බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ගැන අපුල දනවන වාර්තාවක්...!
-විශේෂ වාර්තාකරුවෙකු හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.27, ප.ව. 9.40) බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පිළිබඳව පවතින වාර්තා අනුව, එය රටේ සේවය සඳහා කිසිදු ප්‍රමාණවත් කාර්යයක් නොකිරීම සහ රටේ මුදල් අපචාරයට ලක්කිරීමේ චෝදනාවන් යටතේ විවේචනයට ලක්ව ඇත.
මෙම කාර්යාලයේ නායකත්වය හා කළමනාකරණය පිළිබඳව ගැටළු බහුලව පවතින අතර, රාජකාරී කටයුතු වලින් වුවද ප්‍රමාණවත් රාජකාරියක් නොකරන බව තහවුරු වී තිබේ. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා ප්‍රජාවට සහ රටේ තානාපති කටයුතු සඳහා උපරිම සේවයක් සපයා ගැනීමේදී මෙම කාර්යාලය බරපතල ලෙස පරාජය වී ඇත.
විශේෂයෙන්, මහ කොමසාරිස් කාර්යාලයේ මූල්‍ය කළමනාකරණය විවිධ දූෂණ සහ අපචාර කටයුතු වලට ලක්වී ඇති බව හෙළි වී ඇත. ශ්‍රී ලංකාවේ ජනතාවගේ මුදල් ප්‍රයෝජනයට ගෙන විවිධ පුද්ගලික සාද සහ අති විශාල පිරිසක් සඳහා වියදම් කර ඇති බව වාර්තා වේ. මෙම මුදල් වැයවී ඇති අවස්ථා සම්බන්ධයෙන් කිසිදු වගකීමක් හෝ වගවීමක් නැති බවත්, මහ කොමසාරිස් කාර්යාලයෙහි බලවතුන්ගේ දූෂිත කටයුතු හේතුවෙන් රටේ මුදල් නාස්ති වී ඇති බවද පැවසේ.
ගුටි බැට නිල නිවාසය
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් බෝගොල්ලාගම මීට පෙර කැබිනට් අමාත්‍යධුර දරන කාල වලද ඔහුගේ බිරිඳ වන දීප්ති බෝගොල්ලගමගෙන් හොඳ හැටි ගුටි කෑ චරිතයකි , ගෑණු හුටපට නිසා බෝගොල්ලාගම ගුටි කෑ වාර අනන්තය, කෙසේ වෙතත් දැනට ඔහුගේ වයස අවුරුදු 69කි.
තවම ගුටි කෑමේ අඩුවක් නැති බෝගොල්ලාගම, මහකොමසාරිස් නිල නිවසේදී ද හොඳට ගුටි කන බව අපට වාර්තා වී ඇත, බෝගොල්ලාගම තවමත් ගෑණු දිහා කෑදර විදියට බලන චරිතයකි. මහකොමසාරිස් කාර්යාලය සඳහා තරුණ ගැණු ළමයි කිහිපදෙනෙකු ඔහු විසින් සේවයට බඳවාගෙන ඇති අතර ඔහුගේ පුද්ගලික වැඩ කටයුතු සඳහාද තරුණ කාන්තාවක් බඳවා ගෙන ඇත. එයට අමතරව කාර්යාලයේ සේවය කරන තරුණ කාන්තාවන් දිහා බලන්නේ අවුරුදු ගණනකින් නොකා සිටි හිවලෙකු මස් කෑල්ලක් දිහා බලනා ආකාරයට බව මහකොමසාරිස් කාර්යාලයේ තරුණ කාන්තා නිලධාරීන් පවසන බවත් එම සිද්ධීන් සෑම නිලධාරිනියක්ම ඉතාම අප්‍රසන්න සිදුවීම් ලෙස දකින බවත් රට වෙනුවෙන් කිසිදු රාජකාරියක් ඉටු නොකරන බෝගොල්ලාගම වැනි පුද්ගලයින් මෙවැනි තනතුර වලට රනිල් විසින් පත් කළේ ඇයිද යන්න ගැන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් අතර කතා කරන බව අපට වාර්තා වී ඇත
බෝගොල්ලාගමගේ මෙවන් සිදුවීම් රාශියක් හේතුවෙන් ඉඳහිට සවසට අඩියක් ගසන දීප්ති බෝගොල්ලගමගෙන් ගුටි බැට සංග්‍රහයක් භුක්ති විඳින බවත් මීට සති කිහිපයකට පෙර බෝගොල්ලාගමගේ සහ දීප්ති බෝගොල්ලාගමගේ ගුටි බැට හුවමාරුවට මැදිවූ ප්‍රියන්ත නමැති බට්ලර්වරයාද තුවාල ලැබූ බව අපට වැඩිදුරටත් වාර්තා වී ඇත.
රටේ අනෙකුත් රාජ්‍ය සේවකයන්ට නැති වාහන පර්මිට් බෝගොල්ලාගමට..
කෝවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් ලංකාවට වාහන ගෙන්වීම පවා තහනම් කර තිබීම නිසා බොහෝ පිරිසකට වාහනයක් මිලට ගැනීමට නොහැකි විය. බොහෝ පිරිසක් මේ හේතුවෙන් අපහසුතාවයට ලක්වුණු අතර පැරණි වාහන ඉතා අධික මුදලකට වෙළඳාම් විය.
කෙසේ වෙතත් රනිල්ගෙන් පිනට ලැබුණු මහකොමසාරිස් තනතුරේ වැඩ භාර ගැනීමටත් ප්‍රථමයෙන් මහකොමසාරිස් කාර්යාලයට නව වාහනයක් මිලට ගෙන එය ඔහුගේ භාවිතාවට යොදා ගැනීමට බෝගොල්ලාගම කටයුතු කරනු ලැබුවත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් රාජ්‍ය සේවා ස්ථානවලට නව වාහන මිලට ගැනීම තහනම් කර තිබු නිසා එම උත්සාහය අසාර්ථක වූ නමුත් ඔහු විසින් තමාගේ පුද්ගලික පරිහරණය සදහා තීරුබදු රහිතව අධි සුඛෝපභෝගී කාර් රථයක් ඔහු විසින් ඇණවුම් කර ඇති බවත් ඔහු පෙරලා නැවත ලංකාවට යන දවසක එම වාහනය තීරු බදු රහිතව රැගෙන යාමට කටයුතු මේ වනවිටත් සුදානම් කර ඇති බවත් අපට වාර්තා වී ඇත. එකී වාහනය ලංකාවට යැවීම සදහා වියදම් වන නැව් සහ ගුදම් ගාස්තුද වියදම් වනුයේ මහජන බදු මුදලින් බව කිව යුතුය.
එමෙන්ම තවත් කුප්‍රකට පුද්ගලයෙක් වන සුසන්ත පුංචිනිලමේ ගේ පුත්‍රයා වන සේනිය ගල්ගමුව පුංචිනිලමේ විසින්ද තීරුබදු රහිතව අධි සුඛෝපභෝගී කාර් රථයක් ඔහු විසින් ඇණවුම් කර ගෙන්වා ගෙන ඇති බවත් ඔහු පෙරලා නැවත ලංකාවට යන දවසක රාජ්‍යත්‍රාන්ත්‍රික පහසුකම් උපයෝගී කර ගනිමින් මෙම වාහනය රැගෙන යාමට සියල්ලම මේ වනවිට සිදු කොට ඇත. එකී වාහනය ලංකාවට යැවීම සඳහාද වියදම් වන නැව් සහ ගුදම් ගාස්තුද ගෙවනු ලබන්නේ මහජන බදු මුදලින් බව කිව යුතුය.
මෙකි සුවිශේෂී වරප්‍රසාද මේ පුද්ගලයන් විසින් ලබාගත්තද මෙම නිලධාරින් මහකොමසාරිස් කාර්යාලයට සිදු කරන කිසිදු සේවාවක් නොමැත, සුසන්ත පුංචිනිලමේ ගේ පුත්‍රයා වන සේනිය ගල්ගමුව පුංචිනිලමේ කිසිදු රාජකාරියක් නොකරන අයෙකි, ඔහුට අමතරව සමීර දයාසේකර යන පළමු ලේකම්වරයාද කිසිදු රාජ්‍යත්‍රාන්ත්‍රික රාජකාරියක් නොකරන බව මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින් විසින් වාර්තා කොට ඇත. ඔවුන් විසින් සිදුකරන කරන එකම රාජකාරිය නම් මහකොමසාරිස්ගේ පස්සෙන් ගොස් දොරවල් ඇරීම පමණක් බව තතු දන්නෝ දනිති. එසේ රාජ්‍යත්‍රාන්ත්‍රික රාජකාරියක් සිදු නොකරන මේ අයට ලැබෙන පහසුකම් වල අඩුවක් නැති බවත්, මේ පුද්ගලයන්ට පහසුකම් ලබා දීමට තරම් අපේ රට දියුණු රටක් දැයි විමසා බැලිය යුතුය .
අක්කපත්‍ර භාරදීමෙන් පසු මහජන මුදල් වලට කෙලිය සුපිරි පාටිය..
බෝගොල්ලාගම විසින් 2024.05.30 වැනි දින බ්‍රිතාන්‍යයේ රජු වන තුන්වන චාල්ස් රජතුමාට අක්කපත්‍ර භාර දීමෙන් අනතුරුව සවස් යාමයේ මහකොමසාරිස් නිල නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දීමට කටයුතු කළ අතර ඒ සඳහා ලංකා ආණ්ඩුවේ මහජන බදු මුදලින් අති විශාල මුදලක් වියදම් කර ඇති බවත් ඒ සඳහා අඩුම තරමින් රුපියල් ලක්ෂ 70කට වඩා මුදලක් වියදම් කර ඇති බවත් මේ මුදල් වලින් කොටසක් මහකොමසාරිස් කාර්යාලයේ Trade අංශය මගින් පියවා ගැනීමටත් ඉතිරි මුදල් මහකොමසාරිස් කාර්යාලයේ මුදල් බවත් ඉතිරි මුදල් රාජ්‍යත්‍රාන්ත්‍රික නිලධාරීන්ට ලැබෙන RA දීමනාවෙන් පියවා ගැනීමට කටයුතු කර ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මගින් අපට වාර්තා වී ඇත. කුමන අයුරින් වංගු ගසා වියදම් කළ ද ඒ සියලු මුදල් මහජන බදු මුදල් බව දන්නෝ දනිති.
මෙම පාටිය සඳහා දූෂණ චෝදනා රැසක් එල්ල වී විදේශ කටයුතු අමාත්‍යාංශය පැත්ත පලාතක යාමට නොහැකිව නිවාඩු ලබා බ්‍රිතාන්‍යයේ වාසය කරන සිටින බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේනට ද ආරාධනා කර තිබීම පුදුමයට කරුණක් විය, බෝගොල්ලාගම හට බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස් ධුරය ලබා ගැනීම වැලැක්වීම සඳහා කූටඋපක්‍රම යෙදු සරෝජා සිරිසේනට මේ සඳහා ආරාධනා කර තිබුනේ ඇය විසින් මහකොමසාරිස් කාර්යාලයෙන් මහජන මුදල් ගසා කන ලද ආකාරය ගැන විමසා තමාට ද දැනුවත්භාවයක් ගැනීමට විය හැකි බව සේවකයින් විසින් උසුළු විසුළුවට තැන් තැන් වල කතා වී ඇත.
නිල නිවසක් නොව මාලිගාවක්, නිවාසය ඇතුලත Appartment එකක්..
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර වටිනාම ඉඩම් සහ නිවාස පිහිටා ඇති, ඉඩම් නියෝජිතයන් විසින් ඉඩම් වල රන් හදවත නමින් හඳුන්වන සෙන්ට් ජෝන්ස්වුඩ් ප්‍රදේශයේ පිහිටා ඇති මහකොමසාරිස් නිල නිවාසය අධි සුඛෝපභෝගී නිවසකි ,
president suite එකකින් සමන්විත මෙම නිවාසයේ අධි සුඛෝපභෝගී කාමර 06කින් හා නිවාසය ඇතුලත Appartment එකකින්ද සමන්විතයි. එයට අමතරව , VVIP Lobby එකක් සහිත රෙස්ටුරන්ට් එකකින්ද, කොමර්ෂල් kitchen එකකින්ද, සේවක කාමර තුනකින්ද, පොදු වැසිකිලි පද්ධතියකින්ද, Coffee Lobby එකකින් හා පුස්තකලයකින්ද සමන්විත මෙම නිවාසය කුලියට පිටට ලබා දෙන්නේනම් මසකට පවුම් ලක්ෂ 150,000.00 කට බදු දිය හැකි බවත් 2012 වසරේදී ඇස්ටන් චියස් සමාගම මෙම නිවාසය මසකට පවුම් 80,000.00 කට බදු පදනම මත ඉල්ලා ඇති බවත් වාර්තාවේ.
මෙම නිවාසය ඉදිකර ඇත්තේ රටේ ජනාධිපතිවරයා ද බ්‍රිතාන්‍යට සංචාරයක් සඳහා පැමිණියහොත් නවාතැන් ගැනීම පිණිසය. එමෙන්ම රාජකාරී සඳහා පැමිණෙන අමාත්‍යවරුන් සඳහාද නවාතැන් ගැනීමට පහසු පරිදිය, මෙම නිවාසය ඉදි කිරීමේදී අති විශාල මුදල් කන්දරාවක් වියදම් කර ඇත. එසේ මුදල් වියදම් කර ඇත්තේද රාජකාරි සඳහා පැමිණෙන අයට නවාතැන් ගනු පරිදිය. එසේ නවාතැන් ලබා දීමෙන් අති විශාල මුදලක් ඉතිරි කර ගැනීම පිණිසය ,
කෙසේ වෙතත් අද වනතුරු බ්‍රිතාන්‍යයට පැමිණෙන කිසිදු ජනාධිපතිවරයෙක්, අමාත්‍යවරයෙක්, රාජ්‍ය නිලධාරියෙක් මේ නිවාසයේ නවාතැන් පහසුකම් ලබා ගැනීමට කටයුතු කර නැත. ඔවුන් මහජන මුදල් වියදම් කරමින් හොර අඹුවන්ද සමගින් නවාතැන් ගනු ලබන්නේ අති සුඛෝපභෝගී හෝටල්වලය .
මෙලෙස අති සුඛෝපභෝගී නිල නිවසක්ද භාවිතා කරමින් කිසිදු සේවාවක් නොකරන බෝගොල්ලාගම වැනි අය කාබාසිනියා කරන්නේ රටේ මහජන මුදල් බව කිව යුතුමය.
පලවෙනියාට නොදෙවෙනි නියෝජ්‍ය මහකොමසාරිස් මනෝරි මල්ලිකාරච්චිගේ මාලිගාව..
බෝගොල්ලාගම ගේ නිවසට දෙවැනි වුවත් ඊට සමාන පහසුකම් තිබෙන අති සුඛෝපභෝගී කාමර, නානකාමර සහිත කාමර 05කින් සහ රැස්වීම් පැවැත්වීම සඳහා Lobby එකකින්ද, විශාල kitchen එකකින්ද, ලොන්ඩරියකින්ද සමන්විත මෙකී නිවසයේ මාසික බදු වටිනාකම පවුම් 25000ක් පමණ වේ, මහකොමසාරිස් නිළ නිවාසය මෙන්ම මෙම නිවසේත් සම්පුර්ණ අයිතිය ශ්‍රී ලංකා රජය සතුවේ.
මෙම නිවාසයේ නිවාස පහසුකම් දැන් විඳින්නේ මනෝරි මල්ලිකාරච්චි නියෝජ්‍ය මහකොමසාරිස් වරිය, අයගේ දියණියන් දෙදෙනා සහ ස්වාමි පුරුෂයා වන නදීක ගුරුගේ වේ.
මැය රාජ්‍යත්‍රාන්ත්‍රික කිසිදු රාජකාරියක් සිදු නොකරන, උදේ 10.00ට සේවයට පැමිණෙන, සවස 5.00ට නිවසට යන නිලධාරිනියක් වේ. මැය මෙවැනි අති සුඛෝපභෝගී නිවාස පහසුකම් වලට අමතරව BMW වර්ගයේ වාහනයක්ද භාවිතා කරන මැයගේ එකම රාජකාරිය තම දරුවන් දෙදෙනා ගේ අධ්‍යාපන කටයුතු වලට අවධානය දීම පමණකි,
මැය කිසිදු රාජකාරියක් හරියට නොදන්නා අයෙක් බවත් මීට පෙර චීනයේ සිටියදී අක්‍රමිකතාවක් හේතුවෙන් වසරක් ඇතුලත නැවත ලංකාවට කැඳවන ලද තැනැත්තියක් බවත්, විදේශ කටයුතු අමාත්‍යාංශය තුලදී ගොන් වැඩ කිරීම හේතුවෙන් අංශ ප්‍රධානි තනතුරු වලින් ඉවත් කරන ලද නිලධාරිනියක් බවත්, මෙවැනි අය නිසා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආයතන අංශය පිස්සු කෙළින බවත් සේවකයෝ පවසති.
මේ අනුව බලන කල මහකොමසාරිස් සහ නියෝජ්‍ය මහකොමසාරිස්වරිය සිටින නිවාස වල ඇස්තමේන්තු මාසික බදු වටිනාකම පවුම් ලක්ෂ 175,000.00 කි, ඒ අනුව මෙම නිළ නිවාස දෙක බදු දුන්නේ නම් මසකට ලංකා මුදලින් කෝටි හතකට ආසන්න මුදලක් සොයා ගත හැක. මෙම පුද්ගලයන් දෙදෙනා විසින් රටට කරන සේවය සත පහක් වත් වටින්නේ නැති බව කිව යුතුය. ඒ අනුව මොවුන් දෙදෙනා ලංකාවට කැඳවා නිල නිවාස දෙක බදු දුන්නේ නම් සෑහෙන මුදලක් රටට ඉතිරි කර ගත හැකි බව අප අවධාරණය කරමු .
මිලියන ගණනක පහසුකම් භුක්ති විඳින මහකොමසාරිස් කාර්යාල නිලධාරීන් විවෘත විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් පෙනී සිටිය යුතු විභාගය කඩාකප්පල් කිරීම සහ එම ළමුන්ගේ අනාගතය අඳුරු කිරීම..
අතිවිශාල වරප්‍රසාද ලබා ගනිමින් මිලියන ගණනක පහසුකම් භුක්ති විඳිමින් මෙලෝ රාජකාරියක් නොකරන බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ රාජ්‍යත්‍රාන්ත්‍රික නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් සිටින බව පැවසිය යුතුය, මෙම මහකොමසාරිස් කාර්යාලයේ අඩුම තරමින් සේවයක් කිරීමට උනන්දුවක් ඇති එකම නිලධාරියා වන්නේ ආරක්ෂක කටයුතු භාරව සිටින බ්‍රිගේඩියර් විජේනාත් ජයවීර පමණකි.
ශ්‍රී ලංකාවේ විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම සඳහා ලියාපදිංචි වී සිටින සිසුන් පෙනී සිටින විභාග එම රටවල් වල මහකොමසාරිස් කාර්යාල වල හෝ තානාපති කාර්යාල වල පැවැත්වීමට විවෘත විශ්ව විද්‍යාල මගින් අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. විභාග ප්‍රශ්න පත්‍ර රාජ්‍යත්‍රාන්ත්‍රික ගුවන් ගමන් මල්ල හරහා ආරක්ෂිතව යැවීමට විවෘත විශ්ව විද්‍යාලය මගින් කටයුතු කරන අතර මීට සති කිහිපයකට පෙර බ්‍රිතාන්‍යයේ ජීවත්වන සිසුන් පිරිසක් පෙනී සිටිය යුතු අතරමැදි විභාගයක් සඳහා ද මේ ආකාරයට විභාග ප්‍රශ්නපත්‍ර එවීමට කටයුතු කළ අතර එම විභාගය සඳහා ද දින නියම කර තිබිණ. එකී විභාගය සඳහා පෙනී සිටින සිසුන් පිරිසක් කලින් කතා කරගත් පරිදි විභාගය සඳහා සුදානම් වී බොහෝ දුර ගෙවා පාන්දර 4.00ට පමණ පැමිණියහ. සමහර සිසුන් ස්කොට්ලන්තයේ සිට පැමිණ ඇත. ලංකාවේ විභාගය පවත්වන වෙලාවටම බ්‍රිතාන්‍යයේත් එම විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බව මහකොමසාරිස් කාර්යාලය දන්වා ඇති නමුත් විභාගය පැවැත්වෙන දින ඒ සඳහා කිසිදු නිලධාරියෙක් සහභාගී නොවී කාර්යාලය වසා දමා මග හැරීමට මෙම මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින් පිරිස කටයුතු කර ඇත,
කාර්යාලයේ රාජකාරී කටයුතු ගැන සොයා නොබලන මහා කොමසාරිස් බෝගොල්ලාගම එකම රාජකාරිය ආතල් ගැනීම පමණක් බව තව තවත් ඔප්පු කිරීමට මෙම කරුණම සෑහෙන බව පැවසිය යුතුය.
මෙම විභාගය පැවැත්වීම කඩාකප්පල් කර සිසුන්ද අතරමන් කර ඔවුන්ගේ අනාගතය අතරමන් කරන නියෝජ්‍ය මහකොමසාරිස්වරිය මෙම සිද්ධියට නිදහසට කරුණු වශයෙන් පවසා ඇත්තේ උදේට කාර්යාලයට පැමිණීමට පහසුකම් නොමැති බවයි. නමුත් ඇය නොදන්නා කරුණ නම් තානාපති කාර්යලයකට පැමිණෙන නිලධාරින් පැය 24 සේවයට කැපවී ඇති ගිවිසුමක් අත්සන් කොට ඇති බව අමතක වීමයි. එමෙන්ම නියෝජ්‍ය මහකොමසාරිස්වරියට මෙන්ම අනෙක් සියලු නිලධාරින්ට මහජන මුදල් වියදම් කරමින් මහකොමසාරිස් කාර්යාලය අවටින්ම නිවාස පහසුකම් මෙන්ම වාහන පහසුකම් ලබා දී තිබියදී අහිංසක ළමයි කිහිපදෙනෙකුට විභාගය සඳහා පෙනී සිටීම කඩාකප්පල් කරන ලද නියෝජ්‍ය මහකොමසාරිස්වරිය තමාගේ දියණියන් දෙදෙනා පාසලට ඇරලවන්නේද, පන්ති රැගෙන යන්නේද මහකොමසාරිස් කාර්යාලයේ වාහනයෙන් බව පැවසිය යුතුය, එයට අමතරව එක් දියණියකගේ උපාධිය හැදෑරීම සදහා මුදල් ආධාර ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරිකයෙකු මෙන්ම සාමි මන්ත්‍රී මණ්ඩලයේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ නිවසට ගොස් ආයාචනා කරන බවත් අප වෙත වාර්තා වී ඇත. එක දවසකට මහකොමසාරිස්වරයා සහ අනෙක් දවසේ නියෝජ්‍ය මහකොමසාරිස්වරිය මෙලෙස තරගයෙන් තරගයට බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ඉන්දීය සම්බවයක් සහිත ව්‍යාපාරිකගේ නිවසට ගොස් මුදල් කඩා වඩා ගැනීමේ කුප්‍රකට රාජකාරියක් කරන්නේ මහකොමසාරිස් කාර්යාලයේ රාජකාරී බල්ලට දමමින් බව කිව යුතුය .
අත්තනෝමතික ලෙස සේවකයන් දෙදෙනෙකු ඉවතට; එක් අයෙක් ජිවිත ආරක්ෂාව සඳහා නිවසින් පැනයයි; දුෂණ වංචා හෙළි කරමින් මිලියන ගණනක මුදල් රැකගත් නිලධාරියෙකු ඉල්ලා අස්වෙයි..
බෝගොල්ලාගම මහකොමසාරිස්වරයාගේ හා මහකොමසාරිස් කාර්යාලයේ දුෂණ වංචා සහ තොරතුරු මාධ්‍ය වෙත අනාවරණය වීමත් සමග එම තොරතුරු පිටතට ලබා දෙන්නේ යයි සැක කොට මහකොමසාරිස් කාර්යාලයේ රියදුරෙකු ලෙස සේවය කරන ලද නලින් ප්‍රනාන්දු යන අය ඉතාමත් අත්තනෝමතික ලෙස ඉවත් කර ඇත. ආයතන සංග්‍රහය අනුව පත්කිරීම සහ සේවා අවශ්‍යතා සිදු කරන ලද නමුත් ආයතන සංග්‍රහය අනුව නොව කේලම් සහ සැකය පමණක් උපයෝගී කොට ගනිමින් කිසිදු විනය පරීක්ෂණයක් හෝ නොකොට රියදුරු නලින් ප්‍රනාන්දු මහකොමසාරිස් කාර්යාලයෙන් ඉවත් කොට ඇත. එම හේතුව නිසා දැනට අධ්‍යාපනය ලබන ඔහුගේ දරුවා දැඩි මානසික කම්පනයට ලක්ව වෛද්‍ය උපදෙස් පවා ලබාගෙන ඇත.
එමෙන්ම මේ සිද්ධියට ම සම්බන්ධ කොට මහකොමසාරිස් වරයාම පත්වීමක් ලබා දෙන ලද ප්‍රියන්ත නැමති බට්ලර්වරයා වශයෙන් සේවය කරන ලද පුද්ගලයාගේ සේවය ද අත්තනෝමතික ලෙස තහනම් කොට ඉවත් කොට ඇත.
මහකොමසාරිස් නිල නිවසේ සිදු වී ඇති සිද්ධි සම්බන්ධයෙන් එම තොරතුරු මාධ්‍ය වෙත ලබා දෙන ලදැයි මහකොමසාරිස් නිල නිවසේ චෙෆ් වශයෙන් සේවය කරන ලද දිනේෂ් සංජය සිරිවර්ධන නැමැත්තා සැකකොට විශාල පීඩාවක් එල්ල කිරීමට බෝගොල්ලාගම පවුල කටයුතු කරමින් තිබීම හේතුවෙන් ජීවිත ආරක්ෂාව පිණිස එම පුද්ගලයා බ්‍රිතාන්‍ය රජයේ ආරක්ෂාව පතා සරණාගත භාවය ඉල්ලා ඇත.
බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය දූෂණ වංචා වලට ඉහල ප්‍රසිද්ධියක් ඇති ස්ථානයකි. මීට පෙරද මෙම ස්ථානයේ මහකොමසාරිස්වරිය වශයෙන් කටයුතු කරන ලද සරෝජා සිරිසේනගේ දුෂණ වංචා හෙළිකරමින් ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාර තුනක් ඉලක්ක කර ගනිමින් ගසා කෑමට නියමිතව තිබු විශාල මුදල් වංචාවක් හෙළි කිරීමටත් මාධ්‍ය වෙත මෙන්ම පාර්ලිමේන්තු කෝප් කමිටුව වෙතත් තොරතුරු හෙළි කරන ලද මහේෂ් සම්පත් දිල්ලිමුනි නමැති නිලධාරියා මහකොමසාරිස් කාර්යාලයේ සේවය කිරීමට නොහැකිව ඉන් ඉවත් වී ඇත්තේ සරෝජා සිරිසේනගේ දැඩි බලපෑම් මත බව අපට වාර්තා වේ.
ඒ අනුව බලන කළ පුරාණ කාල වල සිටම බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ තත්වය, සේවය සැලසීම සහ ආයෝජන රැගෙන යාම හෝ ආයෝජන රැගෙන ඒම නොව මහකොමසාරිස් කාර්යාලයේ මහජන මුදල් ගසා කෑමය.
නීති විරෝධී ආකාරයට බ්‍රිතාන්‍යයේ ගල් වීමට නීති විරෝධී ලෙස ගුවන් ගමන් බලපත්‍ර සැකසෙයි, ඒ කණ්ඩායම මෙන්න...
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සේවය සඳහා පැමිණීමට පෙර ගිවිසුමක් අත්සන් කරන අතර එහි මූලිකම කරුණ වන්නේ ඔබ හෝ ඔබගේ යැපෙන්නන් නැවත ලංකාවට පැමිණ ඔබගේ රාජකාරී ගුවන් ගමන් බලපත්‍ර භාර දෙන තෙක් ඔබට සාමාන්‍ය ගුවන් ගමන් බලපත්‍ර ලබා ගත නොහැකි බවයි , එසේ ගිවිසුම්ගත වී තිබෙන්නේ මෙම පුද්ගලයන් හොර රහසේ රටවල් වල ගාල් වෙන නිසාය.
මෙසේ මහජන මුදලින් මෙරටට පවුල් පිටින් පැමිණෙන සේවකයන් මෙම රටවල ගාල් වුවහොත් අනෙක් නිලධාරීන්ට විසා ලබා ගැනීමේදී මෙම රටවල් විදේශ අමාත්‍යංශය මගින් දැඩි සීමාවල් යොදන බැවිනි. තානාපති සේවයට පැමිණි නිලධාරියෙකු නැවත ලංකාවට නොයන්නේනම් ඊලඟ නිලධාරියාට වීසා ලබා දීම ඇමරිකාව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බොහෝ කාලයක් නිලධාරීන් පිරිසකට යම් යම් බාධාවන් පැමිණි බව අපට මීට පෙර වාර්තා විය.
තත්වය කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයට පැමිණි සේවකයන් කිහිපදෙනෙකුට සහ පවුල්වල සාමාජිකයන් කිහිපදෙනෙකුට රාජකාරී ගුවන් ගමන් බලපත්‍ර වෙනුවට සාමන්‍ය ගුවන් ගමන් බලපත්‍ර හොර රහසේ සකස් කර දීමට අමාත්‍ය අරුණ ප්‍රනාන්දු නමැති කුප්‍රකට නිලධාරියා කටයුතු කර ඇත. තමා සහ තමාගේ පවුලේ අයටද මෙලෙස හොර රහසේ රාජ්‍යත්‍රාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර වෙනුවට සාමාන්‍ය ගුවන් ගමන් බලපත්‍ර සකසා ගැනීමට මෙම පුද්ගලයා කටයුතු කර ඇත.
මෙලෙස කන්සියුලර් අංශයේ Attaché වශයෙන් කටයුතු කරන තුෂාරි පොන්නම්පෙරුමගේ ස්වාමි පුරුෂයාටත් දියණියටත් රාජකාරී ගුවන් ගමන් බලපත්‍ර වෙනුවට සාමාන්‍ය ගුවන් ගමන් බලපත්‍ර ස්ථිර වශයෙන්ම සකස් කර දී ඇත. ඒ සඳහා රජයේ ආදායමවත් නොගෙවා සකස් කොට ඇති අතර මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු අනාවරණය වීම මත යම් පරීක්ෂණයක් කොට සිද්ධිය යට ගැස්සවීමට අරුණ ප්‍රනාන්දු කටයුතු කර ඇත.
මෙලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවා ගිවිසුමට පරිබාහිරව යමින් නිවාස පහසුකම් ඇතුළු බොහෝ වරප්‍රසාද ලබා ගත් පහත නිලධාරීන් කිහිපදෙනෙකු කුප්‍රකට ලෙස බ්‍රිතාන්‍යයේ නතර වීම සඳහා දැනටමත් කටයුතු කරමින් පවතී ,
ඒ අනුව අමාත්‍ය අරුණ ප්‍රනාන්දු සහ ඔහුගේ පවුල, දැනටමත් සේවා ගිවිසුම් උල්ලංඝනය කරමින් රාජකාරී ගුවන් ගමන් බලපත්‍ර වෙනුවට සාමාන්‍ය ගුවන් ගමන් බලපත් තම පවුලට ලබාගෙන තිබෙන තුෂාරි පොන්නම්පෙරුම සහ එම පවුලේ සියලු දෙනා, කුප්‍රකට මුදල් වංචාවල් කිහිපයකට නම ගෑවී සිටින ගිණුම් ලිපිකරු ක්‍රිෂාන්ත සුබරත්න සහ එම පවුලේ අය, ආයතන අංශයේ Attaché වශයෙන් කටයුතු කරන නීල් රත්නායක පවුලේ අය, මෙතෙක් කාලයක් කිසිම රාජකාරියක් නොකර දරුවන්ට ඉගැන්වීමට පැමිණි ලිපිකරු නිරූපා නන්දනී සහ එම පවුලේ අය, බ්‍රිතාන්‍යයේ අනීතිකව හෝ සරණාගතභාවය ඉල්ලා ගාල් වීමට සුදානමින් සිටිති.
රාජ්‍යත්‍රාන්ත්‍රික සේවයට පැමිණි මේ පිරිස මෙලෙස බ්‍රිතාන්‍ය තුල නතර වුවහොත් නැවත සේවයට පැමිණෙන නිලධාරින්ට වීසා ලබා ගැනීමට දැඩි ප්‍රශ්නයක් වනු ඇත. මෙලෙස නීති විරෝධී ලෙස රැඳී සිටීම හෝ සරණාගතභාවය ඉල්ලීම රාජ්‍යත්‍රාන්ත්‍රික ප්‍රශ්නයක් වනු නොඅනුමානය, මෙය විදේශ අමාත්‍යාංශයේ අවධානයට ගත යුතු කරුණක් වන නමුත් විදේශ ලේකම්වරිය ද දුෂිත නිලධාරිනියක් නිසා එවැනි ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි සැක සහිතය.
අමාත්‍ය අරුණ ප්‍රනාන්දු ගේ සහ ආචාර්ය කියාගන්නා චමින්ද සිල්වාගේ එක්සත් රාජධානියේ අධ්‍යාපන මගඩිය..
ආචාර්ය කියාගන්නා චමින්ද සිල්වා නමින් හඳුන්වන පුද්ගලයෙකු සමග එකට එකතු වී මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය අරුණ ප්‍රනාන්දු විසින් ළමයින් රැසක් බ්‍රිතාන්‍යට ගෙන්වා ගැනීමේ කූට වැඩපිළිවෙලක් කරගෙන යන බවත් UCLAN විශ්ව විද්‍යලයට ඇතුලත් වීම සඳහා ඉංග්‍රීසි භාෂාවේ නිපුනතාවය මගහැර යම් වෙනත් කූට ක්‍රමයක් හරහා සහ ව්‍යාජ සහතික සහ උපාධි සහතික ඉදිරිපත් කර වීසා ලබා ගැනීමේ වැඩපිළිවෙලක් සිදු කරගෙන යන බවත් ඒ සඳහා විශ්ව විද්‍යාල ගාස්තු වලට අමතරව විශාල මුදලක් ඉහත කී කුප්‍රකට ජාවාරම් කරුවන් දෙදෙනා විසින් අය කරන බවත් අපට වාර්තා වී ඇත. ඔවුන් විසින් ගෙන්වන ලද බොහෝ පිරිසකට ඉංග්‍රීසි භෂාව පිළිබඳ කිසිම දැනුමක් නොමැත. මේ සදහා චමින්ද සිල්වා යන පුද්ගලයා විසින් ඉන්දීය සහ බංගලාදේශ ජාවාරම් කරුවන් දෙදෙනෙකු ද හවුල් කරගෙන ඇති බවත් ලංකාවට අමතරව ඉන්දීය සහ බංගලාදේශ සිසුන්ද මෙලෙස හොර උපාධි සහතික ඉදිරිපත් කර කූට ආකාරයට ඉංග්‍රිසි භාෂා දැනුම ද මගහැර බ්‍රිතාන්‍යට ගෙන්වා අයථා ලෙස මුදල් උපයන බවත් වාර්තා වී ඇත.
Diplomacy යනු ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යාමේ කලා විශේෂයක් වේ...
විවිධ රටවල හෝ සංවිධානවල නියෝජිතයින් අතර සාකච්ඡා, ගනුදෙනු සහ ගැටලු විසඳීමේ ක්‍රියාවලීන් තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල මගින් සිදු කෙරේ.
ජාත්‍යන්තර හිතකාමී සම්බන්ධතා ඇති කරගැනීමට, ගැටළු සහ විවාද සමනය කිරීමට, තොරතුරු හුවමාරු කිරීම, ආර්ථික සහ සාමික සබඳතා වර්ධනය කිරීමට, සංස්කෘතික සහ අධ්‍යාපනික හුවමාරු වැඩිදියුණු කිරීමට ජාත්‍යන්තර සබඳතා යොදා ගනු ලබයි.
විශේෂයෙන්ම, රාජ්‍යයන් අතර ඇති දේශපාලන, ආර්ථික මත බෙදීම් සමතුලිතව පවත්වාගෙන යමින් යහපත් සම්බන්ධතා පවත්වාගෙන යාමේදී දූෂණ, වංචා සහ වාද විසඳීමට රාජ්‍යතාන්ත්‍රිකයෝ ක්‍රියා කරති.
ශ්‍රී ලංකා රජය සතු විදේශ තානාපති කාර්යාල, ඉහත කී රාජකාරී නොකරමින්, විදේශ රටවල් සමඟ ඇති සම්බන්ධතා දුරස් කිරීමේ ක්‍රියාව නිසි ලෙස ඉටු කර ඇති බව අපගේ දැනුමයි, බොහෝ තානාපති කාර්යාල දූෂණමය ක්‍රියාවලීන්ට මැදිවී ඇති අතර, එය රටට විශාල හානියක් ඇතිකර ඇත.
බ්‍රිතාන්‍ය වැනි ආර්ථික මර්මස්ථාන ලෙස හඳුනා ගෙන ඇති රටවල පිහිටා ඇති මහකොමසාරිස් කාර්යාල, තානාපති කාර්යාල, දූෂණ හා බරපතළ වංචාවන් සිදු කිරීම මගින් රටේ ආර්ථිකයේ හා ජනතාවගේ විශ්වාසය විනාශ කර ඇත.
විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් සහ පහසුකම් පවා හීන කර ඇත . තවද, විදේශ සේවා වල ගුණාත්මකභාවය හා විශ්වාසය පිරිහී යෑම නිසා, රාජ්‍ය සේවකයින්ගේ සහ විදේශ විනිවිදීමේ ප්‍රගුණයන් දැඩි අඩුභාවයක් පැන නැගී ඇත.
මෙවැනි ක්‍රියා කවදා නවතීද?

No comments:
Post a Comment