Wednesday, 24 July 2024

ජනාධිපතිවරණ දිනය හෙට ප්‍රකාශයට පත්කරනවා යයි කියද්දී ෆොනී සහ ඩීල්දාස ජනාධිපතිවරණයට එන බව කියති..!

(ලංකා ඊ නිව්ස් -2024.ජුලි.25, පෙ.ව. 11.25) මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය පවත්වන දිනය හෙට (26) මධ්‍යම රාත්‍රියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට යන බවට ප්‍රවෘත්ති පළ වෙද්දී විජේදාස රාජපක්ෂ හෙවත් ඩීල්දාස සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දෙදෙනා තමන් ජනාධිපතිවරණයට ඉල්ලන බව අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කළහ. 

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඒ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර විජේදාස රාජපක්ෂ හෙවත් ඩීල්දාස මාධ්‍ය හමුවක් තබමින් ඒ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ ය. 

ඩීල්දාසට ශ්‍රීලනිප පක්ෂයේ නායකත්වයට පත් කළා යැයි කීව ද එය අධිකරණය විසින් වාරණය කර තිබේ. 2010 දී ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව පරාජය වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ද දැන් නිසි පක්ෂයක් නැත. සමගි ජන බලවේගයේ සභාපති වුව ද එම පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇත. ඒ අනුව අද නිල වශයෙන් ජනාධිපතිවරණයට ඉල්ලනවා යැයි කී දෙදෙනාටම නිසි පක්ෂයක් දැනට නම් නැත. 

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම එනම් සමගි ජන බලවේගයේ සභාපති සහ සමගි ජන බලවේගයේ නායකයා ලෙස ඒ පක්ෂයෙන් දෙදෙනෙකු ඉදිරිපත් වීමකි. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ ආගමනය සජිත් ප්‍රේමදාසගේ පරාජය සලකුණු කරනු ඇත. 

No comments:

Post a Comment