Sunday, 3 November 2024

මන්ත්‍රීධූර 126 ක් සමග මාලිමා ආණ්ඩුවක්..! සජිත්ට 50 යි..! දෙමළ මුස්ලිම් පක්ෂ තුනට..! ගෑස් ටැංකිය හාන්සියි..! නාමල් නන්නාපෝල්..!

-2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල ගැන පුරෝකථනයක්

(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.03, ප.ව.11.00) ජනාධිපතිවරණයේදී ඒ ඒ දිස්ත්‍රික්කයන් හිදී ප්‍රධාන පක්ෂ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව පදනම් කර ගනිමින් සහ නව තත්ත්වයන් ද සැලකිල්ලට ගනිමින් එලැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඒ ඒ දිස්ත්‍රික්ක වලින් ප්‍රධාන පක්ෂ ලබා ගන්නා ඡන්ද අනුව ලැබෙන මන්ත්‍රී ආසන ප්‍රමාණයන් කවරේ දැයි සහ ජාතික ලැයිස්තුවෙන් ලැබෙන මන්ත්‍රී සංඛ්‍යාව කවරේදැයි පුරෝකථනය කරන වගුවක් අප වෙත ලැබී තිබේ. එය කිනම් කණ්ඩායමක් විසින් සිදුකරන ලද්දැක්දැයි නොදන්නා නමුත් එහි ඇති දත්ත අනුව එය බොහෝ දුරට පිළිගත හැකි එකක් බැවින් එය ප්‍රසිද්ධ කිරීමට ලංකා ඊ නිව්ස් තීරණය කෙළෙමු.

වැඩිම මන්ත්‍රීධූර සංඛ්‍යාවක් මාලිමාව ට...

ඒ අනුව වැඩිම මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ලබා ගන්නේ ජාතික ජන බලවේගයයි. එය මහ පොළොවේ යථාර්ථයෙන් ද පිළිගත හැකිය. මන්ද යත් ජාතික ජන බලවේගය දිස්ත්‍රික්ක මට්ටමින් දැවැන්ත ජන රැළි පවත්වද්දී මේ දක්වා ඡන්ද ප්‍රචාරක රැළියක් හෝ පැවැත්වීමට අන් කිසිදු දේශපාලන පක්ෂයකට ශක්තියක් ලැබී නැත. සජබයට යම් පදනමක් ඇති මැද කොළඹ ආසනයේ පවා එළිමහනේ ඡන්ද රැස්වීමක් පැවැත්වීමට සජිත්ට නොහැකි වූ අතර ඔවුන් දැනට මැද කොළඹ ජන හමුවක් පැවැත්වූයේ ප්‍රජා ශාලාවක ය. අනෙක් රැස්වීම් බොහෝ විට පවත්වන්නේ කාගේ හෝ පාක්ෂිකයෙකුගේ නිවෙස් තුල ය. මේ තත්ත්වය මීට පෙර කිසිදු පාර්ලිමේන්තු ඡන්දයක දී දක්නට නොලැබුණු තත්ත්වයකි.

ඉහත කී පුරෝකථනය අනුව ජාතික ජනබලවේගය දිස්ත්‍රික්ක මට්ටමින් මන්ත්‍රී ආසන 109 ක් ලබා ගන්නා අතර ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ආසන 17ක් ඇතුළුව සමස්ථ මන්ත්‍රී ධූර 126 ක් ලබා ගෙන ආණ්ඩුවක් පිහිටුවනු ඇත. මෙම පුරෝකථනයේ දී වන්නි, යාපනය, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලින් ජාජබ ආසන 1 බැගින් ආසන 4 ක් දිනා ගනු ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසන 3 ක් දිනා ගනු ඇත. වැඩිම ආසන ගණන දිනාගන්නේ ගම්පහින් වන අතර එය 14 කි. කොළඹින් ආසන 12 ක් සහ කුරුණෑගලින් 10 ක් ලෙස දෙවන තුන්වැනි ස්ථාන ගනු ඇත.

දෙවැනි තැන සජබ ට..

සමස්ථ වශයෙන් දෙවැනි තැනට මන්ත්‍රී ආසන ලබා ගනු ඇත්තේ සමගි ජන බලවේගයයි. ඔවුන් ජනාධිපතිවරණයේ දී ලැබූ ඡන්ද සංඛ්‍යාව ලබා නොගන්නා අතර ඔවුන් දිස්ත්‍රික්ක අනුව ලබා ගන්නා මන්ත්‍රී ධූර සංඛ්‍යාව වන්නේ 43 කි. ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 7 ක් ලැබෙනු ඇති අතර සමස්ථ මන්ත්‍රීධූර සංඛ්‍යාව වන්නේ 50 කි. ඔවුන් වැඩිම මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ලබා ගන්නේ කුරුණෑගලින් වන අතර එම ගණන 4 කි. කොළඹින් සහ ගම්පහින් ගනු ඇත්තේ ආසන 3 බැගිනි. මහනුවර රත්නපුර බදුල්ල දිස්ත්‍රික්ක වලින් ද ලබා ගනු ඇත්තේ ආසන 3 බැගිනි.

තුන්වැනි තැන දෙමළ සහ මුස්ලිම් පක්ෂ වලට

තුන්වැනි ස්ථානයට මන්ත්‍රී ආසන දිනා ගනු ඇත්තේ දෙමළ පක්ෂ සහ මුස්ලිම් කොන්ග්‍රසය යි. ඔවුන් දිස්ත්‍රික්ක මට්ටමින් මන්ත්‍රීධූර 30 ක් දිනාගනු ඇති අතර ජාතික ලැයිස්තුවෙන් 4 ක් ද ඇතුළුව සමස්ථය මන්ත්‍රී ධූර 34 ක් දිනා ගනු ඇත.

ගෑස් සිලින්ඩරය හාන්සියි..

ගෑස් සිලින්ඩරයෙන් එන රනිල් සහ පොහොට්ටු කණ්ඩායමක පෙරමුණ ජනාධිපතිවරණයේ දී ලැබූ ඡන්ද සංඛ්‍යාව ලබා නොගන්නා අතර ඔවුන් දිස්ත්‍රික්ක මට්ටමින් ලබා ගන්නා මන්ත්‍රීධූර සංඛ්‍යාව 12 කි. ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රීධූරයක් හිමිවනු ඇති අතර සමස්ථය මන්ත්‍රීධූර 13 කි.

නාමල් නන්නාපෝල්..

නාමල්ගේ පොහොට්ටුව ලබා ගනු ඇත්තේ එක් මන්ත්‍රීධූරයකි. එය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වන අතර ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රීධූරයක් හෝ ලබා ගන්නේ නැත. නාමල් රාජපක්ෂ ඡන්දය නොඉල්ලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන්න බලාගෙන සිටිනම් එම සිහිනය සැබෑ නොවනු ඇත.

මාලිමාවට පහසු ආණ්ඩු බලයක්..

සමස්ථ විපක්ෂයම එක් වූව ද ලැබෙනු ඇත්තේ මන්ත්‍රීධූර 98 කි. ඒ අනුව තුනෙන් දෙක නැතත් මාලිමාවට පහසු ආණ්ඩු බලයක් ලැබෙනු ඇත. බොහෝ විට මාලිමාව උතුරු නැගෙනහිර දමිළ පක්ෂ ද කැබිනට්ටුවට ඇතුළු කර ගනිමින් එම පක්ෂ ද සමග එක්ව ආණ්ඩුවක් හදනු ඇතැයි පුරෝකථනය කළ හැකිය. එසේ වුවහොත් ඒ ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලැබෙනු ඇත.     

අදාල විස්තරාත්මක වගුව පහත දිගුවෙන් කියැවිය හැකිය.

https://pdfhost.io/v/9sV7j15A8_MPs_Predictions_of_2024_Election


No comments:

Post a Comment