Saturday, 2 November 2024

වෑගපිටියගේ නාටකය යළි රඟදක්වමින් තිබේ..! කහ ගෑස් විරෝධී රැල්ලට කාලයයි මේ..!

-විශේෂ ලියුම්කරුවෙකු හෙළිකරයි

(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.02, ප.ව.10.20) ශ්‍රී ලංකාවේ ගෑස් වෙළදපොලෙන් 80%-85% අතර ප්‍රමානයක් මෙහයවන්නෙ ලිට්රෝ සමාගම වන අතර ඉතිරිය කහ ගෑස් හෙවත් ලාෆ් සමාගමෙනි. 

මේ දිනවල කහ ගෑස් වෙළඳපොලේ නැතිවීම නිසා බොහෝ පාරිභෝගිකයන් ඉන්නේ අසතුටිනි. ඒ අසතුට පිට වන්නේ අනුර දිසානායකගේ රජයට අපකීර්තියක් දෙමිනි.

නමුත් ලාෆ් සමාගම දැන් රඟ දක්වන්නේ සතුරාගේ භූමිකාවය.

ලාෆ් යනු, 2021 ආර්ථික අවපාතය හමුවේ ආසාදු ලේඛණ ගත, අනීතික ගෑස් සමාගම් වලින් කලාපීය නීති නොතකා ගෑස් ආනයනය කර  ගෙන්වා ලාභයක් ලබාගත්  සමාගමකි.

විනිමය අනුපාතය ඉහල ගිය අවස්ථාවේ සහ ජාත්‍යන්තර  නීති රාමුව මත ගෑස් ආනයනයට ගෙවූ වැඩි පිරිවැයත් සමග ලාෆ් සමාගමේ දේශීය බැංකු ණය රුපියල්  මිලියන 40000 ට වැඩි අගයක් ගන්නා ලදී. 

එවිට ලාෆ් ප්‍රධානී  වෑගපිටිය තම මුල්‍ය  ප්‍රධානී පියදාස කුඩාබාලගේ ලවා මහින්ද රජයට කූඨ යෝජනාවක් ගෙන ආවේ  ලිට්‍රෝ  සමාගම සඳහා ගෑස්, ලාෆ් සමාගමේ මිලදී ගැනීමේ ක්‍රමවේදය හරහා සිදුකෙරෙන ෆෝමියුලාවක් ඉදිරිපත් කිරීමෙනි.

වැගපිටියගේ සියලුට් න්‍යාය..

ඒ මීට පෙරද අප ලියා ඇති පරිදි සියලුට් සමාගමේ සැලසුමය. ලාෆ් ලිට්රෝ ආයතන දෙක ඒකාබද්ධයක් ලෙස එම සමාගම බිහිවීමට නියමිතව තිබිනි.

සියලුට් සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලයට මුදල් අමාත්‍යාංශ නියෝජිතයන් පත්කළේ බැසිල් රාජපක්ෂ විසිනි. ඒ මුදල් අමාත්‍යාංශයෙන් සුසන්ත සිල්වා සහ අතුල කුමාර යන නිලධාරීන්ය.

දේශීය ගෑස් අධිකාරය තම අතට ගන්නට සූදානම් වූ වෑගපිටිය රාජපක්ෂ රජයේ ආශිර්වාදයෙන්‍  අදුරදර්ශී ආයෝජනයක් ලෙස හම්බන්තොට විශාල ගෑස් ගබඩාවක් සාදා ඒ ණය බරෙන් මිරිකී සිටී.

සියලුට් සමාගමක් හදන යෝජනාව පරාජය වූ පසු වෑගපිටිය ගෝඨාභය ගේ රජයෙන්  මෙම සමාගම යතාර්ථයක් කරගැනීමට උදව් ඉල්ලූ අතර එයට එතරම් සහයෝගයක් නොලැබිණි.

අරගලය අවධියේ ඔවුන් ශ්‍රී ලංකාවට ගෑස් ආනයනය කරන එක සීමා කොට  පසුව එකවරම නවතාලූයේ රජය අපහසුතාවයට පත්කිරීමේ අවශ්‍යතාවයෙනි. ගෝටාබය රජයට ගෙදර යාමට එය ද එක් හේතුවක් විය.

නාටකය අලුතින් ක්‍රියාත්මක වෙමින් ඇත...

මේ වන විට ද වර්තමාන වෙළෙඳපොල තුල ද ලාෆ් ගෑස් නැත. නාටකය අලුතින් ක්‍රියාත්මක වෙමින් ඇත. අනුරගේ නව රජයට පසුගිය දිනක පරන සියොලිට් යෝජනාව ආකාරයේ යෝජනාවක් ලාෆ් සමාගම ඉදිරිපත් කොට ඇත . එනම් ලිට්‍රෝ සමාගමට, ලාෆ් සමාගමේ  ගබඩා වලින් ගෑස් ලබාගන්නා යෝජනාවයි. අනුර රජයේ  නිලධාරීන් කීප දෙනෙක් ද ඊට ආශිර්වාදය දුන්න ද , මුදල් අමාත්‍යාංශයේ  නිලධාරීන්  සහ ලිට්‍රෝ  මේ සඳහා විරුද්ධ විය. 

එකී පුවතින් මේ වන විට ලාෆ්  සභාපති වෑගපිටිය අනුර රජය සමගින් කිපී  සිටිනා අතර රජය අපහසු තාවයට පත් කිරීමේ අරමුනින් ගෑස් ආනයනය සම්පුර්ණයෙන්  නවතා දමා ඇත. ආන්ඩු ගෙදර යවන්නේ ගෑස් බව දන්නා ලාෆ්  මේ වන විට ගෑස් ගෙන්වීම සම්පූර්නයෙන්ම නවතා දමා අනුර මහ මැතිවරණයෙන් පරදින අයුරු බලා සිටී.

එබැවින් කහ ගෑස් ටැංකිය ඔබේ නිවසේ තවදුරටත් තබා ගන්නවාදැයි තීරණය ඔබ සතුය..!

-විශේෂ ලියුම්කරුවෙකු ලියයි

No comments:

Post a Comment