Friday, 1 November 2024

රනිල් රාජපක්ෂ සමයේ විදේශ තානාපති කාර්යාලවලට පත් කළ ලොක්කෝ 16ක් ගෙදර; නම් ලිස්ට් එක මෙන්න..!

-සම්පත් දිල්ලිමුණි ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.01, ප.ව.11.30) ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය ආණ්ඩු සමයේ විවිධ රටවලට පත්කර යැවූ තානාපති නිලධාරීන් 16 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සියරට යළි කැඳවීමට තීරණය කර ඇත. මෙම නිලධාරීන් ඥාති සහ දේශපාලන හිතවත්කම් මත සේවාවන් සඳහා පත් කර යැවූ බවට සිදුකළ විමර්ශන අනුව මෙම තීරණය ගෙන තිබේ.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් කළේ, මෙම නිලධාරීන්ට මේ වන විට කැඳවීමේ නිවේදනය ලබාදී ඇති බවත් ඔවුන් ඉක්මණින් මෙරටට පැමිණීමට නියමිත බවත් ය.

කැඳවීම සඳහා නියමිත ප්‍රධාන නිලධාරීන්:

01. වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස: ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් වශයෙන් කටයුතු කළේය.
02. අනුර ප්‍රනාන්දු: චීනයේ ෂැංහයිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් වශයෙන් කටයුතු කළේය.
03. ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන්: ඉන්දියාවේ චෙන්නායිහි නියෝජ්‍ය මහ කොමසාරිස් වශයෙන් සේවය කළේය.
04. එස්. එම්. ඒ. එෆ්. මවුලානා: සවුදි අරාබියාවේ ජෙඩාහි කොන්සල් ජනරාල් වශයෙන් සේවය කළේය.
05. නිශාන මනික් මුතුක්‍රිෂ්ණා : ඇමරිකාවේ වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඇමැති ලෙස කටයුතු කළේය.
06. තාරක දිසානායක: වොෂින්ටන්හි තෙවැනි ලේකම් ලෙස සේවය කළේය.
07. සේනිය පුංචිනිලමේ: එක්සත් රාජධානියේ ලන්ඩන්හි මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස කටයුතු කළේය.
08. සහසු බණ්ඩාර: ප්‍රංශයේ පැරිසියේ මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස කටයුතු කළේය.
09. වන්දිමා පෙරේරා: ඉතාලියේ රෝම නුවර තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස සේවය කළේය.
10. දිනුකා ප්‍රනාන්දු පුල්ලේ: ඔස්ට්‍රේලියාවේ කැන්බරාහි මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස සේවය කළේය.
11. පණ්ඩුල ද සොයිසා : රුසියාවේ මොස්කව්හි උපදේශක ලෙස කටයුතු කළේය.
12. ආචාර්ය අන්වර් මොහොමඩ් හම්දානි: ඉන්දියාවේ නවදිල්ලිහි ඇමැති උපදේශක ලෙස කටයුතු කළේය.
13. ප්‍රියංගිකා දිසානායක: ලෙබනනයේ බේරූට් හි තෙවැනි ලේකම් ලෙස සේවය කළේය.
14. යෂ්මින් හිල්ම් මොහොමඩ්: තුර්කියේ අන්කාරාහි දෙවැනි ලේකම් ලෙස සේවය කළේය.
15. අෂ්විනි හපන්ගම: නෙදර්ලන්තයේ හේග්හි උපදේශක ලෙස කටයුතු කළේය.
16. ජනක රණතුංග: ජර්මනියේ ස්ටොක්හෝම්හි ඇමැති උපදේශක ලෙස කටයුතු කළේය.

මෙම කැඳවීම්වල ප්‍රධාන අරමුණ වී ඇත්තේ  වෘත්තීයමය අවශ්‍යතාවය අනුව තරඟ විභාගයක් සිදුකරමින්, එම විභාගය අනුව  විදේශ සේවා විභාගය සමත් දැනට විදේශ අමාත්‍යාංශය තුල සිටින හා විදේශ දූත මණ්ඩල සේවාවේ සිටින  නිලධාරීන් මගින්  රටේ විදේශ සේවා සම්බන්ධීකරණය කිරීම සහ නියමිත ආකාරයෙන් ඉදිරියට පවත්වා ගෙන යාමට මෙන්ම  ජාත්‍යන්තර සබඳතා වඩාත් විශ්වාසනීය හා වෘත්තීයමය  බව ඇති කිරීමයි.

තවමත් අසාධාරණකම්..

කෙසේ වෙතත්  විදේශ සේවා තරඟ විභාගයෙන් සමත් 20දෙනෙකු   බඳවා ගැනීමට  විදේශ ලේකම්වරිය වන අරුණි විජේවර්ධන විසින් තවමත් කටයුතු කර නැති අතර ඇය තමන්ගේ හයිය පෙන්නමින් මෙම විභාගයෙන් සමත් අය බඳවා ගැනීම මඟ හරිමින් සිටීම නිසා එම ළමයින් ට උපරිමාධිකරණයේ පිහිට පැතීමට සිදුව ඇත. විශේෂයෙන් ඉතාමත් අපහසුවෙන් විභාගය සමත් වූ මෙම  20 දෙනාහට දැඩි අසාධාරණයක් සිදු කිරීමට මෙම ලේකම්වරිය කටයුතු කර ඇත, අඩුම තරමින් දුරකථන ඇමතුමක් මඟින් හෝ මේ සම්බන්ධයෙන් තොරතුරක් හෝ දැනගැනීමට මෙම අයට අවස්ථාවක් ලබා දී නොමැත. යම් විමසීමක් හෝ සිදු කර ගැනීමට දුරකථන ඇමතුමක් ලබා ගන්නා විට ලේකම්තුමිය ටත් වඩා පුප්පන මැක්ස්වල් කීගල් නැමැති හොර සහතික ලබා දී උසස්වීම් ලබා ගෙන පසුව හොර වැඩ හසුවී තටු ගැලවී  සිටින පුද්ගලයා විභාගය සමත් අයගේ දුරකථන ඇමතුම් වලට ඉතා පහත් ලෙස  පිළිතුරු ලබා දෙන බව  අපට දන්වා ඇත.

එමෙන්ම පැවසීමට ඇති තවත්  කරුණක් නම් දේශපාලන පත්වීම් ලබා නොමැති  ඇතැම්  ඇතැම්  වෘත්තීයමය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ද කිසිදු සේවාවක් නොකරමින් ලොව පුරා සෑම තානාපති කාර්යාලයක් තුලම සේවය කරන බවයි, ඔවුන් විසින් කිසිදු රාජ්‍යත්‍රාන්ත්‍රික සේවයක් නොකර රාජ්‍යත්‍රාන්ත්‍රික සේවයක් කරන බවට මුළු රටම රවටමින් තම දරුවන්ට අධ්‍යාපනය සහ වාසි පමණක්  ලබා ගැනීමට පමණක්  වෙහෙසෙති.

වෘත්තීයමය යයි කියා ගන්නා පුස්සෝ..

මේ නිසා දේශපාලන පත්වීමක්ද  නැත්නම් වෘත්තීයමය පත්වීමක් ද යන්න  නොබලා දක්ෂ නිලධාරීන් ටිකක් පත් කොට යැවීමත් සෑම මසකට සැරයක් තානාපති කාර්යාලයක්‌ හෝ මහකොමසාරිස් කාර්යාලයක රාජකාරී ගැන සවිස්තරාත්මක  ප්‍රගති සමාලෝචනයක් ලබා ගැනීමට ලංකා ආණ්ඩුව පියවර ගත යුතු බව ලංකා ඊ නිව්ස්  අපගේ හැඟීමයි,

එමගින් වැඩක් නොකරන ඔය වෘත්තීයමය යයි කියා ගන්නා  අඩි හතක් අටක් උඩින්  සිටින රාජ්‍යතාන්ත්‍රික යැයි මහ උජාරුවට පවසා පිස්සු කෙලින නිලධාරීන් ටික නැවත ලංකාවට ගෙන්වා පැත්තකට ගාල් කර තැබීම වටිනා බවත් එසේ නොමැතිව ආතල් ගැනීමට පමණක් තානාපති කාර්යාල සංචාරක ස්ථානයක් බවට පත් නොකර සිටීම මෙම ජනතාවාදී ආණ්ඩුව අවබෝධ කරගත යුතු බවත් ලංකා ඊ  නිව්ස් අපි පවසා සිටිමු .

-සම්පත් දිල්ලිමුණි

No comments:

Post a Comment