හරිනිට ව්‍යවස්ථාව ගැන ටියුෂන් දෙන්නට යන "නාකි නරියා"..!
-ශාන්ත ජයරත්න ලියයි
(ලංකා ඊ නිව්ස් -2024.නොවැ.02, ප.ව.10.00) ජේ. ආර්. ජයවර්ධනට එකල සමහරුන් කිව්වේ “Old Fox” කියාය. “නාකි නරියා” පට බැඳෙන්නේ ඔහු නරියෙක් මෙන් කපටි පුද්ගලයකු වූ නිසාය. ජේ. ආර්. ජයවර්ධනගේ බෑනා වූ රනිල් වික්‍රමසිංහ එකල හැඳින්වූවේ “Young Fox” හෙවත් “තරුණ නරියා” ලෙසයි. එහෙත් දැන් ඔහු වයස 70 පැන්න "නාකි නරියෙකි." රනිල් සහ ඔහුගේ මාමා ජේ. ආර් බලයේ සිටීමට 1977 ගැසූ ව්‍යවස්ථා ගැට අදටත් ලිහා ගැනීමට බැරිය.
රනිල් වික්‍රමසිංහ විසින් 2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල් දැමීම හේතුවෙන් සුප්‍රීම් උසාවියට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් නඩුවක පෙත්සම්කරුවන්ගේ අයිතිවාසිකම් උල්ලාංඝණය වී ඇති බවට තීන්දු කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊට වැරැදිකරු කළේය. https://www.thehindu.com/news/international/sri-lanka-supreme-court-says-ranil-wickremesinghe-guilty-of-arbitrary-and-unlawful-conduct/article68554288.ece රනිල් වික්‍රමසිංහ උසාවි තීන්දුවට වංගුවක් දමා පළාත් පාලන මැතිවරණයට මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිවක් කළ නොහැකි විය. කෙසේ වෙතත්, එම නඩුවේ තීන්දුව පසුගිය අගෝස්තු 22 ප්‍රකාශයට පත්කළ පංචපුද්ගල විනිසුරු මඩුල්ලේ ප්‍රධානී අගවිනිසුරු ගරු ජයන්ත ජයසූරිය විනිසුරු තුමන් සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළාත්පාලන මැතිවරණය හිතුවක්කාරී සහ නීති විරෝධී (Arbitrary and Unlawful conduct) ලෙස කල් දැමීමට වරදකරු කරන බවයි. රනිල්ගේ ව්‍යවස්ථා නීතිය පිළිබඳ පාඨමාලාව අගමැති හරිනි හැදෑරුවොත් ඇයටත් වන්නේ මෙවැනි අකරතැබ්බයන් වලට මුහුණ දීමටය.
2015 ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කිරීමෙන් පසු රනිල් වික්‍රමසිංහ විසින් බලපෑම් කොට ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ලවා 19 වන ව්‍යවස්ථා සංශෝධනය කරලියට ගෙනාවේය. බැලූ බැල්මට එය යහපත් සංශෝධනයක් ලෙස පේන්නට තිබුනත් රනිල් වික්‍රමසිංහ එය කරගත්තේ ඔහුගේ කූඨ අවශ්‍යතාවයන් ඉටුකර ගැණීමට බව බොහෝ අය දැන සිටියෝය. ව්‍යවස්ථාවේ 30 සහ 62 ව්‍යවස්ථාවන් පිළිවෙලින් සංශෝධනය කොට ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර හයේ සිට පහ දක්වා අඩුකර ගැණීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කළේය. එහෙත් 83 (2) ව්‍යවස්ථාවට අත නොතබා සිටීමට ද ඔහු වග බලාගත්තේය. 83 (2) ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ නම් හෝ අහෝසි කරන්නේ නම් හෝ වෙනත් වගන්තියක් ආදේශ කරන්නේ නම් හෝ පාර්ලිමේන්තුවේ වාර කාලය හෝ ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර හයකට වඩා දීර්ඝ කරන්නේ නම් හෝ 30 (2) සහ 62 (2) ව්‍යවස්ථාවන්ට අනනුකූල වන පනත් කෙටුම්පතක් (Bill) නීතියක් බවට පත්වන්නට නම් පාර්ලිමේන්තුවේ 2/3 වැඩි ඡන්දයෙන් සහ ජනමත විචාරනයකින් යන දෙකෙන්ම සම්මත විය යුතුය යන්න සඳහන් වේ. මෙය යම් ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ලෙස පේන්නට තිබුනත් රනිල් වික්‍රමසිංහගේ අභිප්‍රාය කුමක් ද යන්න පැහැදිලි වන්නේ එම සංශෝධනය කෙටුම්පත් කළ කණ්ඩායමේ මූලිකත්වය ගත් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මාධ්‍යට යොමු කළ නිවේදනය කියවීමන් ය. https://www.newswire.lk/2024/07/20/oversight-in-19a-dr-jayampathy-responds-to-president/
ගෝඨාභය පලායාමෙන් හිස් වු ජනාධිපති ධූරයේ ඉතිරි වසර දෙක සම්පූර්ණ කිරීමට පාලිමේන්තුවෙන් අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්කර ගත් රනිල් වික්‍රමසිංහ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේදී 83 (2) ව්‍යවස්ථාවේ තිබූ හිලකින් රිංගා තවත් වසරක් පාර්ලිමේන්තුවේ සිටීමට උත්සාහ කළේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය හරහාය. කැබිනට් අනුමැතිය පවා ලබාගත් 22 වන සංශෝධනයට හතර වටින් ආ විරෝධය හමුවේ රනිල් වික්‍රමසිංහට අඩියක් පස්සට ගැනීමට සිදුවිය. එහෙත් රනිල් වික්‍රමසිංහ තවත් ගැටයක් ගැන කල්පනා කළේය. https://www.colombotelegraph.com/index.php/the-lawyers-collective-denounces-the-proposed-twenty-second-amendment/#google_vignette තම පක්ෂයේ (එජාපයේ) ප්‍රභලයන් වූ රංගේ බංඩාර, වජිර අබේවර්ධන වැන්නන් පවා මාධ්‍ය හරහා රනිල් වික්‍රමසිංහගේ ධූර කාලය 2025 නොවැම්බර් දක්වා තිබෙන බවට ජනමතයක් ඇති කිරීමට නොගත් උත්සාහයක් නැත. ඊට අමතරව ලේනව නැමැති පුද්ගලයකු ලවා සුප්‍රීම් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ව්‍යවස්ථාවේ 30 (2) රනිල් වික්‍රමසිංහට අදාල නොවන බවටත්, ඔහුගේ ධූර කාලය වසර හයක් (6) බවට තීන්දුවක් දෙන ලෙස අයැද සිටියේය. පංචපුද්ගල විනිශ්චය මංඩලයක් විසින් එම පෙත්සම විභාගයට නොගෙන විසිකළේය. https://economynext.com/sri-lanka-supreme-court-dismisses-petition-on-presidential-election-report-171255/
මේ අන්දමට රනිල් වික්‍රමසිංහ බලය සඳහා ව්‍යවස්ථාව අවභාවිතා කළ හැටි පොතක් පිරෙන්නට ලිවිය හැකිය. ව්‍යවස්ථාව පිළිබඳ “ටියුෂන්” දීමට යන රනිල්ගෙන් හරිනිට ඉගෙන ගන්නට දෙයක් නැත. මන්ද අගමැති හරිනි හෝ ජනාධිපති අනුර ව්‍යවස්ථාවට පටහැනි කිසිවක් කිරීමට සූදානම් නැත. නොවැම්බර් 14න් පසු රනිල් වික්‍රමසිංහගේ “ටියුෂන්” පංතිය කොහොමත් වැසී යාමට නියමිතය. 2020 වනතුරු ඔහුගෙන් “ටියුෂන්” ගත් සජිත් ප්‍රේමදාසට අද අත්වී තිබෙන තත්වය පැහැදිලිය. පොහොට්ටුවටත් ඒ ආනිශංසයමය. නොවැම්බර් මාසයෙන් පසු එජාපය, සජබය, පොහොට්ටුව තව තවත් සී සී කඩ යෑම දැක ගත හැක. ලංකාවේ සියලු දේශපාලන පක්ෂ විනාශ කිරීමට රනිල් වික්‍රමසිංහ මුල් විය. සැබැවින්ම ඔහු ප්‍රජාතන්ත්‍රවාදයට සතුරෙකි.
-ශාන්ත ජයරත්න
https://www.lankaenews.com/category/102
No comments:
Post a Comment