Saturday, 24 August 2024

සජබේ වලි පිට වලි..! මරික්කාර් හර්ෂට ගහන්නත් හදලා..! 

-විශේෂ වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2024.අ‍ගෝ.24, ප.ව. 10.00) අද උදෑසන රැස් වූ සමගි ජන සංධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ දී සමගි ජන සංධානයේ මංත්‍රී එස්. එම්. මරික්කාර් විසින් රනිල් වික්‍රමසිංහ පසුගිය කාලයේ සිදුකළ අත්තනෝමතික ක්‍රියා සමගි ජන සංධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුලත් කිරීම පිලිබඳව දැඩි ලෙස විරුද්ධ වෙමින් කලහකාරී ලෙස හැසිරී ඇති අතර මෙම යෝජනා ඇතුලත් කිරීම සිදුකරන ලද හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න සමග ගැටුමක් ඇතිකර ගැනීම දක්වා දුරදිග ගොස් ඇත. හර්ෂ ද සිල්වාගේ කමිසයේ කොලරයෙන් අල්ලා පහරදීමට එස්. එම්. මරික්කාර් සුදානම් වී ඇති අතර අවට සිටි අනෙක් පිරිස විසින් ඔහුව අල්ලාගෙන ඇත. 

"රනිල් ගෙනාව යෝජනා අපි අනුමත කළහම කොහොමද ඕයි අපි පාරේ බහැලා යන්නේ? රජයේ ඒවා සේරම විකුණගෙන කනව කියලා මිනිස්සු රනිල්ට බනිනකොට ඒ යෝජනාම අපිත් කරන කොට අපිට මොකද වෙන්නෙ? තමුසෙලා මේක ඇතුලට වෙලා හිටියට අපි පාරේ බැහැලා යන්න ඕනැ ඕයි" කියමින් ඔහු දැඩි විරෝධය පලකර ඇත.

හර්ෂ ද සිල්වා සහ එරාන්ට රනිල් සමග ඩීල් එකක් ඇති බවද මරික්කාර් විසින් ඔවුන්ගේ මුහුණටම පවසා ඇත. දැඩි විරෝධය එල්ලකර ඇත්තෙ සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අතුලත් කර ඇති මෙම කොටසටය. 

"මෑතකදී නීතිගත කරන ලද ලංවිම පනත විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සඳහා පදනමක් සකසන බව අපි විශ්වාස කරමු. විදුලිය උත්පාදනය සහ බෙදා හැරීමේ තරඟයක් ඇති කිරීම අත්‍යවශ්‍ය වන අතර, ඒකාධිකාරී බලය සහ අකාර්යක්ෂමතාවය හේතුවෙන් පාරිභෝගිකයින් සහ කර්මාන්තකරුවන් අධික බලශක්ති පිරිවැයේ බර නොදැරිය යුතුය. අපි පිරිවැය පිළිබිඹු කෙරෙන (cost reflective) විදුලි ගාස්තුවලට සහාය දෙන නමුත්, මෙම පිරිවැය තුළ බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම්වල දූෂණය සහ අකාර්යක්ෂමතාව නිසා ඇතිවන පිරිවැය අන්තර්ගත නොවිය යුතුය."

-විශේෂ වාර්තාකරුවෙකු විසිනි

No comments:

Post a Comment