නීතිපති වාර්තාව මකර කටේ..! නාමල් නාම්බාට දැන් රට යන්නත් පුළුවන්..!
-ඩේලි මිරර් වාර්තාවක් සිංහලට නැගුවේ ආනන්ද
(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.23, ප.ව.9.45) ක්‍රිෂ් සමාගම සම්බන්ධ නඩුවට අදාලව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(21) නියෝග කළේය
විත්තියේ නීතිඥවරයාගේ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම නියෝගය කළේය.
මේ අතර ක්‍රිෂ් සමාගමට සම්බන්ධ රුපියල් මිලියන 70 ක සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නීති උපදෙස් කඩිනම් කරන ලෙසට අධිකරණය විසින් නීතිපතිවරයාට සිහි කැඳවීමක් කළේය.
මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපති උපදෙස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් ලැබී නොමැති බව අධිකරණයට දැනුම් දෙනු ලැබිණ.
ඉන්දීය දේපල වෙළඳාම් සමාගමක් වන ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ දියුණුව සඳහා ලබා දෙන ලද රුපියල් මිලියන 70 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට පවරා ඇති නඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ දියුණුව සඳහා රුපියල් මිලියන 70 ක මුදලක් ලංකා ප්‍රිමියම් ක්‍රීඩා සභාපති නිහාල් හේමසිරි පෙරේරාට දී ඇති බව පැමිණිල්ලෙන් ප්‍රකාශ විය.
නිහාල් හේමසිරි පෙරේරාට අයත් HSBC බැංකු ගිණුමකට ක්‍රිෂ් සමාගම විසින් එම මුදල ප්‍රේෂණය කර ඇති බවත්, පසුව අවස්ථා දෙකක දී ඔහු එම මුදල් නාමල් රාජපක්ෂට ලබා දී ඇති බවත් මේ පිළිබඳ මූලික විමර්ශන සිදු කළ මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) විසින් අනාවරණය කර ගෙන තිබිණ.
ක්‍රිෂ් සමාගම විසින් ලබා දුන් මුදල් එම සමාගමේ සැබෑ අරමුණ වෙනුවෙන් නොයොදා, සැකකරු වන නාමල් නමැත්තා විසින් සාවද්‍ය පරිහරණය කරන ලද බවට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ විසින් මෙම වංචාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබුණි.
- 2023 ජුනි 21 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, ලක්මාල් සූරියගොඩ ලියූ, “Krrish Company case: Namal Rajapaksa’s travel ban revoked” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,
- ආනන්ද
https://www.lankaenews.com/category/68

No comments:
Post a Comment