Friday, 23 June 2023

බල්ලට ගිය අපේ තානාපති කාර්යාල.!

-විශේෂ ලියුම්කරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.ජුනි.23, ප.ව.8.00) ශ්‍රී ලංකාවේ තරම් අකාර්යක්ෂම දේශපාලනීකරණය වූ ජාත්‍යන්තරයටත් රට වැසියන්ටත් වැඩකට නැති තානාපති සේවයක් ලොව නැති තරම්ය.

නවතම නාඩගම..

මෙහි නවතම නාඩගම වන්නේ හිටපු විදේශ අමාත්‍යවරයකු වූ නාස්තියේත් අකාර්යක්ෂම බවේත් ප්‍රතිමූර්තියක් වූ රෝහිත බෝගොල්ලාගම මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස විධායක ජනාධිපති විසින් පත් කිරීමයි.

මීට පෙර ඉන්දියාවේ මහ කොමසාරිස් ලෙස මිලින්ද මොරගොඩ හා ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති ලෙස මහින්ද සමරසිංහ ආදී දේශපාලකයන් පත්කළ අතර ඔවුහු පවුල්  සමග දැනටත් එම තනතුරුවල වරප්‍රසාද බුක්ති විඳිමින් ප්‍රීතිමත්  ජීවිත ගත කරති.

දේශපාලකයන් හා ඔවුන්ගේ දරුවන් තානාපති කාර්යාලයාලවලට රිංගන්නේ හේතු කීපයක් නිසාය. මුලින්ම හොඳ වැටුප් හා දීමනා උපරිමයෙන් ලැබේ. කිසිදු සුදුසුකමක් ඕනෑ නැත. කිසිදු වැඩක් කරන්නටද ඕනෑ නැත. එසේම කිසිවෙකුට වග කියන්නටද නැත. කොටින්ම ලංකාවේ සිටින විට ඇතිවන ආතතියක් නැත. වගකීමක් නැත.

මේ නිසාම රෝහිත බෝගොල්ලාගම මෙන් නොව මහින්ද සමරසිංහ පාර්ලිමේන්තු මංත්‍රීකමෙන් ඉල්ලා අස්වී ඇමරිකා ගියේය. සැප කොතරම් ද යන්න ඉන් වටහාගත හැකිය. හොඳම තානාපති තනතුරු හා මහ කොමසාරිස් තනතුරු නාස්තිකාර  දේශපාලන ගොබ්බයන්ට හෝ විදේශ සේවයේ වැඩ බැරි ගොට්ටන්ට ලබාදී අන්තිමට ජාත්‍යන්තරය අප සමග නැතැයි කියයි.

දේශපාලකයන්ගේ දරුවන් නෑදෑයන් ගෙන් පිරුණු තානාපති කාර්යාල...

දේශපාලකයන් පමණක් නොව උනගේ දරුවන් ද නෑදෑයන්ටද තානාපති කාර්යාලය අම්බලන් වී ඇත. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ජනතාවගේ ඩොලර් ටිකෙන් පිංපඩි ලබයි. දරුවන් ඥාතීන් තානාපති කාර්යාල වලට පත් කළ උනගේ ලැයිස්තුවෙන් කීපයක් මෙසේ ය.

තිස්ස අත්තනායක ,(ඕස්ට්‍රේලියාවේ ) නිමල් සිරිපාල ද සිල්වා (ජපානයේ ) පියල් නිශාන්ත (එක්සත් රාජධානියේ ) දුමින්ද දිසානායක (ප්‍රංශයේ  ) එස්.බී දිසානායක (ඇමරිකා එක්සත් ජනපදයේ) සුසිල් ප්‍රේමජයන්ත (ඉතාලියේ ), ශාන්ත  බණ්ඩාර (ප්‍රංශයේ ) අරුන්දික ප්‍රනාන්දු (ඕස්ට්‍රේලියාවේ ) දූ දරුවන්ට හා පවුලේ අය පත්වීම් සදහ   උඋදාහරණ  කීපයක් පමණි. ඒ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් දැනගතයුතු වන්නේ ලංකාවේ කැලි කසල ඔබේ රටේ තානාපති කාර්යාලයේ ගොඩගසා ඔබේ මුදලින් පෝෂණය කරණ බවයි.

හොඳින් වැඩ කරන එකා අනාථයි..

ශ්‍රී ලංකාවේ නමට පමණක් ඇති විදේශ සේවය කිසිදු වැඩක් නොකරන නිසා දේශපාලන හෙංචයන්ගෙන්  පිරවීම පහසු වී ඇත. විදේශ සේවයේ කොන්දක් නැති අප්පුහාමිලා දෙකට නැමී දේශපාලන හෙංචයියලාට පහසුකම් සපයා හොඳ තනතුරු හෝ තනතුරු කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු කරද්දී රජයේ වියදම පමණක් උඩ යන අතර රට වෙනුවෙන් දෙන සේවය වල පල්ලට යයි. ඉඳ හිට හෝ විදේශ සේවයේ එකෙක් හොඳින් වැඩ කරයි නම් ඌ කොතැන හෝ වැඩකට නැති තානාපති කාර්යාලයකට ගාල් කරයි .

විදේශ ඇමැති සිටින්නේ තානාපති කාර්යාල ඔහුට අයත් නැති ගානටය. රටට අපලයක් වී ඇති කාලකන්නී දේශපාලකයන් හා ඔවුන්ගේ දරුවන් දේශපාලනය හෝ තානාපති කාර්යාලවලටම රිංගන්නේම විදේශ සේවය නොඃහැකියාවත් වැඩක් නොකර පිංපඩි ලබා ගත හැකි වීමත් කිසිවෙකුට වගකීමක් නැති වීම නිසාත් ය.

එකම කාරිය පොටෝ ගැසීම..

දේශපාලන හෙංචයියලා පිරුනු  වැඩ බැරි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල එකම කාර්යය වී ඇත්තේ පොටෝ ගැසීම හා සමාජ මාධ්‍ය වල බෙදා හැරීමයි. රටට ලැබූ දෙයක් නැත. තමන් නිසා සංචාරකයන් පැමිණි ගණන  හෝ විදේශ රැකියා ලැබූ ගණන කියන්නට දන්නේ නැත. කවුරුත් හෝ සංවිධානය කළ ඉසව්වකට ගොස් පොටෝ ගසා කතා පවත්වා ඔන්න කළා යයි මාධ්‍ය සංදර්ශන පවත්වයි. ඇතැම් රටවල දේශපාලන ගොබ්බයන්ගෙ ගෑනූන්ට තානාපති උණ විකාරයෙන් තමා තානාපති ආර්‍යාව ලෙස බෝඩ් ගසා ගෙන යයි. එහෙත් උන් සැප ගන්නේ ලංකාවේ මිනිසුන් පිටරවල සිට එවන ඩොලර් වලින් බව උන් දන්නේ නැත.

මෙසේ කරමින් 2045 දී ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කරනා බව පත්වීම් දෙන එකා පවසයි . රටට බරක් වී ඇති තානාපති කාර්යාල නඩත්තු කරන විදේශ ගත ලාංකිකයන් ට දෙවියන් ගේ පිහිටයි.

එන්න අපි ඩොලර් යවමු...!

-විශේෂ ලියුම්කරුවෙකු විසිනි

No comments:

Post a Comment