එක වල්ලේ පොල්..!
-සංචාරක වාර්තාකරුවකු ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.14, ප.ව.5.30) ධනුෂ්ක ගුණතිලක දැන් මාස ගාණක් තිස්සේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අන්තිමට ඕස්ට්‍රේලියාවේ සංචාරය කර ආපසු එන දිනයේ ඕස්ට්‍රේලියානු පොලිසිය හෝටලයට පැමිණ ධනුෂ්කව අත් අඩංගුවට ගෙන උසාවි දැම්මේ කාන්තාවකට ලිංගික අඩත්තේඩම් කිරීමේ වරදට ය.
කණ්ඩායමේ නීති කඩමින් මැනේජර්ගේ මෝටර් රථයෙන්ම මේ නොසන්ඩාල ගමනේ යෙදුනු ධනුෂ්කට නඩුව අවසන් වන තුරු ලංකාවට එන්න වරම් නොමැත.
මේ වරදට ක්‍රිකට් ආයතනය ඔහුට ක්‍රිකට් තහනමක්ද පැවරීය.
මෙසේ තිබියදී ක්‍රිකට් ආයතනයේම තාක්ෂණික කමිටු සභාපති සනත් ජයසූරිය හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සංචාරක ප්‍රවර්ධනයට කියා එහි ගොස් සිටියදී ධනුෂ්ක බලන්නට ද ගියෝ ය.
රෙස්ටුරන්ට් එකකදී ධනුෂ්ක හමු වූ අවස්තාවේ හරීන්ගේ කරවටා අත දමාගෙන ගත් පින්තූරයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි. ඒ බොහෝ පෝස්ටු වල දැක්වෙන්නේ එක අත්තේ මල් හෝ එක වල්ලේ පොල් යනුවෙනි. ඒ කියන්නේ වැඩ වලින් හරීනුත්, සනතුත් ඉන්නේ ධනුෂ්කගේ ලෙවල් එකේම බවයි.
හරීන් ප්‍රනාන්දු සංචාරක ඇමති ලෙස පත් වීමෙන් පසු සනත් ජයසූරිය ලංකාවේ සංචාරක සන්නාම තානාපති වරයකු ලෙස පත් කර ගත්තේය. දෙන්නාම එකතුව සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට මේ දක්වා ලෝකෙ වටේ ගියද ලංකාවේ සංචාරක හෝටල් තවමත් හිස් ය.
සංචාරක අමාත්‍යාංශයේ හරීන් ලඟ වැඩ කරන්නේද වැඩි හරියක් නෑයන් ය. හරීන්ගේ රාජ්‍ය ඇමති ඩයනා ය. ඒත් හරීන් හා ඩයනා නයි පොළොංගු ගානටය.
සංචාරක කටයුතු වෙනුවෙන් කියා හරීන් සංවිධානය කරන කිසිදු උත්සවයකට ඩයනාට ආරාධනා නොකෙරෙන අතර ඩයනා ද තනියෙන් එක එක ව්‍යාපෘති කරගෙන යයි. කංසා වැවීම නීති ගත කෙරෙන ව්‍යාපෘතිය ද ඒ අතර වෙයි.
කලින් රනිල්ගෙන් ලකුණු දමාගන්න සජිත්ගෙන් කැඩී රනිල් ළඟට ආ හරීන්ට වඩා ඩයනා දැන් රනිල්ට කිට්ටුය. හැමෝම ඉදිරියේ හරීන්ට විරුද්ධව රනිල්ට කේළාම් කීමට තරම් ඩයනාට ශක්තියක් ලැබුණේ ද මේ නිසාය.
සජිත්ගෙන් මන්ත්‍රී වරුන් කඩාගෙන ඒමේ ව්‍යාපෘතිය හරීන් හා මනුෂ විසින් භාරගෙන තිබුණත් මේ වන විට ඔවුන් ෆේල් ය.
ගෝටා ෆේල් කැම්පේන් එක දියත් කළ හරින්, රනිල් ඉදිරියේ මේ ව්‍යාපෘතියේත් සංචාරකයන් මෙරටට බුරුතු පිටින් ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතියේත් ෆේල් ය.
සජබයේ නීත්‍යානුකූල අයිතියේ තවමත් ඩයනා සතු බලය හමුවේ ඩයනා රනිල් ඉදිරියේ ශක්තිමත් ය.
මේ හේතුවෙන් රනිල්ගෙන් කැපී ගොස් සිටින හරීන් මෙන්ම රග්බි හා පාපන්දු ජාත්‍යන්තර තහනමෙන් නෝන්ඩි වී සිටින ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහද රනිල්ට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කිරීමේ මෙහෙයුමක් අරඹා තිබේ.
එහෙත් හරින්ට වඩා දේශපාලනයේ හොඳ ගේම් කාරයකු වන රනිල්ට දනවන්නට තරම් හරින් තවමත් දේශපාලනයේ තැම්බී නැත.
ඕනෑම ගූ ගොඩකට කර ගහන්න සමත් සනත් සමග එක්ව ගහන සංචාර ගැනත් ඒවායේ සිදු කෙරෙන වැඩ ගැනත් රනිල් ඇහැ ගහ ගෙන සිටින බව ඇතැම් විට හරින් නොදන්නවා විය හැකිය.

No comments:
Post a Comment