Saturday, 29 July 2023

T20 ලෝක කුසලානය බලන්න ඕස්ට්‍රේලියා ගිය ඇමැති ඉස්සාගේ දූවරුන්ගේ නම් හෙළිවේ..!

-ඩේලිමිරර් පුවතක් සිංහලට නැගුවේ ආනන්ද

(ලංකා ඊ නිව්ස් -2023.ජූලි.29, ප.ව.11.15) පසු ගිය වසරේ ඕස්ට්‍රේලියානු වීසා සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනුමත ලිපි ලබා ගත් පුද්ගලයන් අතර, මෙම සතිය මුල දී ඩේලි මිරර් පුවත් පත වාර්තා කළ රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යකාරයාගේ ඥාතීන් දෙදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් ඉදිරිපත් කළ නම් බව වාර්තා වේ.

SLC විසින් එහි නිලධාරීන් ඔස්ට්‍රේලියාවට යැවීම උදෙසා රුපියල් ලක්ෂ හය සිය අසූවක් වියදම් කර ඇති බව ද, එසේ යවන ලද පුද්ගලයන් 35 දෙනෙකුගේ නම් ද 2022 ඕස්ට්‍රේලියාවේ පැවැති T20 ලෝක කුසලානය සඳහා SLC විසින් දරන ලද වියදම් පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ කෙටුම්පතෙන් පසු ගිය සතියේ හෙළිදරව් විය.

සිල්වා විසින් අනුමත ලිපි ඉල්ලා ඇති නම් 21 අතරට ක්‍රීඩා අමාත්‍යකාරයාගේ දූලා ලෙස සැලකෙන ආර්. ඒ. ෂනාලි දිනුෂිකා සහ ආර්. ඒ. සාරා දිනාලිගේ නම් ද ඇතුළත් වී තිබේ.

වීසා ලබා ගැනීමේ අවශ්‍යතා සඳහා යම් යම් පුද්ගලයින්ට ලෝක කුසලානය නැරඹීමට යන බවට ලිපි නිකුත් කළත්, ඔවුන්ගේ සංචාර සඳහා මුදල් ලබා නොදුන් බවත්, වියදම් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සඳහා පමණක් බවත් SLC ප්‍රකාශ කරයි.

ක්‍රීඩා අමාත්‍යකාරයගේ දූලා යයි විශ්වාස කරන පුද්ගලයන් දෙදෙනාට මෙම ලිපි ලබා දෙන ලෙස අමාත්‍යකාරයා ඇත්තටම ඉල්ලීමක් කළේ ද යන්න තහවුරු කර ගැනීම සඳහා ඩේලි මිරර් අමාත්‍යවරයාට කතා කළ නමුත් ඔහු ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.

ඩේලි මිරර් කළ විමසීමක දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට තමාට අවශ්‍ය නොවන බවයි.

- 2023 ජුලි 29 වන දින Daily Mirror වෙබ් අඩවියේ පළ වූ, “Sports Minister’s daughters in SLC President’s visa letter request list?” නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට නැගුවේ,

- ආනන්ද

ලියුම්කරුගේ පරිවර්තන එකතුව
https://www.lankaenews.com/category/68

No comments:

Post a Comment