Monday, 21 August 2023

චිප්ස් අමරෙගෙ අල ෆැක්ටේරිය..!

-සතී පනාවැන්න ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.21, ප.ව‍.9.30) මහින්ද අමරවීර කියන්නේ දේශපාලනය පටන් ගත්ත දවසේ ඉඳලම කුමක් හෝ බලය හිමි පක්ෂයකට හේත්තු වෙලා ඇමති කමක් කරපු කෙනෙක්. ඔහු හම්බන්තොටින් දිනන්නේ ඔහුගේ හැකියාවට වඩා, තවමත් හම්බන්තොට පැලපදියම් උන කුල කේස් එක අවුස්සමින්. ඒක නිසා ඔහුට ෆික්ස් චන්ද ඩිපොසිට් එකක් තියෙනවා. එහෙම නැතුව ඔහු දරපු එකම මිනිස්ට්‍රි එකකවත් මතක තියෙන කරපු වැඩක් රටේ නෙවෙයි, අඩුම ගානේ අඟුණකොලපැලැස්සේ එකෙක්ටවත් නැතුව ඇති.

පසු ගිය සතියෙ මීඩියා වල ගිය ලොකු පුවතක් තමයි, අමරවීර තුමා බණ්ඩාරවෙල පහළ කහත්තෙවෙල ප්‍රදේශයේ ලංකාවේ ප්‍රථම අර්තාපල් අගය එකතු කිරීමේ ෆැක්ටරියක්, එහෙම නැත්නම් තේරෙන භාෂාවෙන් කිව්වොත් අර්තාපල් තීරු බදින ෆැක්ටරියක් ආරම්භ කිරීම. කොහොමත් අපේ උන්දලා කොහේ හරි බෝඩ් ලෑල්ලක රෙද්ද උස්සන්න යන්න හරි කැමතියි. මීඩියා සෙට් එකත් ඔහොම එකකට යන්න සැදී පැහැදී ඉන්නේ. මොකද කොළඹ ඉඳන් සැප බස් එකක කලින් දවසේ නොමිලේ ගිහින් රජයේ වියදමෙන් ඒ පැත්තේ හෝටලේක හොඳට රෑට අඩියක් ගහලා, ඒ දීපු සැපට හිලවු වෙන්න ඇමතිගේ ෆොටෝ එක එක්ක නිව්ස් එකක් ගහන එක. හරිම සිම්පල් ප්ලැන් එකක්.

හෙණ්ඩුව අරන් අලියා සෙවීම..

මේ ප්‍රොජෙක්ට් එකට සල්ලි දුන්න ආයතන අතරේ කුඩා හිමියන්ගේ කෘෂි ව්‍යාපාර හවුල්කාරිත්ව වැඩසටහන එහෙම නැත්නම් සැප් ප්‍රොජෙක්ට් එක වගේම කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ජාත්‍යන්තර අරමුදල එහෙම නැත්නම් ඉෆාඩ් ආයතනයත් වෙනවා. ඔය සල්ලි ගන්න වැඩ වලට ප්‍රොජෙක්ට් ලියන්න මිනිස්ට්‍රි වල ඉන්න අයත් හරි කැමතියි. ඒවා කරලා දකුනු ආසියාවෙ ලොකුම එකට බඩු ගන්නත් ඒකට ඕන බිල්ඩින් හදන්නත් එයාලා තවත් ආසයි. මේකත් ඒ වගේම තමයි. අල බදින්න ෆැක්ටරිය හැදුවා. මැෂින් ගේනවා. තෙල් බවුසරයක් විතර දාන්න පුළුවන් ෆ්‍රයර්ස් ගෙනාවා. හයි කළා. මොනවත් නොදන්න ගමේ අප්පුහාමි කෙනෙක් ඇන්දුවා. පීත්ත පටිය කැප්පෙවුව්වා. ඊට පස්සෙ වහලා දැම්මා. අද වෙන කොට බදින්න අලත් නැ. එහෙම ඒවාට චිප්ස් අමරෙ කප් ගහලා තියෙන්නේ. එහෙම ලිස්ට් එකක් කියන්න පුළුවන් එයා හිටපු මිනිස්ට්‍රි වල.

ජස්ටිෆිකේශන් එක මරු..

නිළධාරීන් චිප්ස් අමරේ මරුවට ඇන්දුවා. මොකද ලංකාවට වසරකට ෆ්‍රෙන්ච් ප්‍රයිස් හදන්න ගන්න අල තීරු පිට රටින් ගෙන්වන්න ඇමරිකන් ඩොලර් මිලියන 39 ක් විතර යනවා. සර්, මේ වැඩේ කලාම ඩොලර් මිලියන 39 ක් රටේ ඉතුරුයි. රනිල් උනත් කැමති වෙයි. ඔහොම තමයි කතාව. ඇත්ත, වසරකට ඩොලර් මිලියන 39 ක් යනවා තමයි. හැබැයි, එහෙම කියලා, අපේ රටේ දැනට වවන අර්තාපල් තෙලේ දාලා බැද්දට, අර ඔබ කාලා තියෙන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකේ එන ටෙක්ස්චර් එක, ඒ කියන්නේ කටට හැපෙන කොට එන ගතිය එන්නේ නැ. ඔබට කියන්න පුළුවන් ඒකට අවුලක් නැ කියලා. නමුත් ෆ්‍රෙන්ච් ප්‍රයිස් කන එකා ඒක කන්නේ අල තෙල් දාලා කන්න නෙවෙයි. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ෆීලින්ග් එකට කන්න.

දැන් ඉතින් මුල ඉඳන් පටන් ගමු..

දැන් ඕකට කෙමිකල් දාලා, ෆ්‍රීස් කරලා, එක එක ට්‍රයල් කරලා ගොඩ දාන්න බැ. ඒකත් නයිස් ට්‍රයි එකක් මේ දවස් වල. නමුත් අර්තාපල් කියන්නේ, පොල් වගේ වසර ගණනාවක් ඵලදාව ගන්න ගත වෙන භෝගයක් නෙවෙයිනේ. දැන් කොහොමත් රෙද්ද කැඩිලා තියෙන්නේ. ඒක නිසා, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වලට හරියන අර්තාපල් වැරයිටි වල බීජ ටිකක් අදාල රටකින් ගෙන්වලා, ඉක්මනට ඒ පැත්තේ ගොවියන් අතරේ බෙදලා, ඊ ළඟ වාරේ ඉඳන් හරි ෆැක්ටරිය දුවවන්න. නැත්නම් ඉතින් ඕකත් අර රාජපක්ෂලා කළ වැඩ වගේම තවත් එක සුදු අලියෙක් විතරයි.

-සතී පනාවැන්න

ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/69

No comments:

Post a Comment