ඖෂධ මාෆියාවකට ඉඩ දෙමින් ඖෂධ නියාමන පනත, වෛද්‍ය සභා පනත සහමුලින් ඉවත්කරන්න ආණ්ඩුව හදනවා..! ඉඩ දෙන්න බෑ..! (Video)
-විපක්ෂ නායක සජිත් හෙළිකරයි
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.21, ප.ව.10.10) වත්මන් රජය, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය ලේකම්වරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය හිතාමතාම කඩා දැමීමේ කුමන්ත්‍රණයක නිරත වන බවත් රජය විසින් ඖෂධ නියාමන අධිකාරී පනත සහ වෛද්‍ය සභා පනත සහමුළින්ම ඉවත් කිරීමට උත්සාහ දරන බව විපක්ෂ නායකවරයා පැවසීය.
මෙම පනත් හි කාලානුරූපව සංශෝධන ඇතිවිය යුතු බවට තමා විශ්වාස කළත් සම්පූර්ණයෙන්ම මෙම අන පනත් ඉවත් කරනවා යනු ඖෂධ මාෆියාවකට ඉඩ සැලසීම සහ විවිධ බහුජාතික ඖෂධ සමාගම් ප්‍රමුඛ ජාත්‍යන්තරයට මෙරට ඖෂධ ප්‍රතිපත්තිය හැසිරවීමට ඉඩ ලබා දීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බාල ඖෂධ මාෆියාවක් ක්‍රියාත්මක කරවනවා..
මේ මොහොත වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය ව්‍යසනයක් බවට පත්වී තිබෙන බවත් වෛද්‍යවරු රට හැරයාම බුද්ධිගලනය සිදුවීම මෙන්ම ඖෂධ හිඟයක් ද, බාල ඖෂධ නිසා මිනිසුන් මියයාම සිදුව තිබෙන බවත් රජයක වගකීම වන්නේ දරාගත හැකි සාධාරණ මිලකට ගුණාත්මක භාවයෙන් ඉහළ ඖෂධ සැපයීම වුවත් වත්මන් රජය සිදු කරන්නේ අණ පනත් උපයෝගී කර ගෙන ප්‍රසම්පාදන ක්‍රමවේද බැහැර කර ගෙන අමාත්‍යවරයාගේත් ලේකම්වරයාගෙත් පාලකයන්ගෙත් හිතුමතේට ඖෂධ ක්ෂේත්‍රයේ ගජමිතුරු ධනවාදයක් නිර්මාණය කරමින් තමන්ගේ හිතවතුන්ට මෙරට ඖෂධ ගෙන්වීම හා වෙළෙඳපොළට නිකුත් කිරීම ඉඩ ලබා දී බාල ඖෂධ මාෆියාවක් ක්‍රියාත්මක කරවීම බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (21) විපක්ෂ පක්ෂ විධායක සභාව විසින් වෛද්‍ය ක්ෂේත්‍රයේ විවිධ සංගම් රාශියක් සමඟ සිදු කරන ලද සාකච්ඡාවක් අතරතුරදීය.
රට තුළ ක්‍රියාත්මක වන ඖෂධ මාෆියාව නතර කළ යුතු බවත් මේ දුෂිත ක්‍රමවේද පරාජය කළ යුතු බවත් මෙය මහජන දේපල රටේ සල්ලි ජනතාවගේ සල්ලි මංකොල්ලකෑමක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අත්‍යාවශ්‍ය සහ අත්‍යාවශ්‍ය නොවන ඖෂධ එකවර ගෙන්වීම තුළ ජනතාවගේ මුදල් නාස්ති කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද පැවසීය.
විනිවිදභාවයෙන් යුක්ත කාර්යක්ෂම ජාතික ප්‍රතිපත්තියක් ඕනෑ..
මේ රටට දේශපාලන භේදයකින් තොර විනිවිදභාවයෙන් යුක්ත කාර්යක්ෂම ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් එය ක්‍රියාත්මක කිරීමේ දී දේශපාලන බලපෑම් බැහැර විය යුතු බවත් ඒ සඳහා පර්ලිමේන්තුව හරහා කළ හැකි උපරිම අරගලය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටට ධනාත්මක ඕනෑම හොඳ දෙයකට සමගි ජන බලවේගය සහාය ලබා දුන්නත් එය සිදු කරන්නේ තනතුරු බලාගෙන නොවන බවත් මිනිසුන් මරණ මංචකය කරා ගෙන යන ආණ්ඩුවක් සමඟ අත්වැල් බැද ගැනීමට සූදානම් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මිනිසුන් මරණ මංචකය කරා ගෙන යන ආණ්ඩුවක් සමඟ අත්වැල් බැද ගැනීමට සූදානම් නෑ..
අස්වැසුම වැඩසටහන හරිහැටි සමීක්ෂණයකින් තොරව ක්‍රියාත්මක වුන නිසා එය අසාර්ථක වූ බවත් එම ක්‍රමවේදයම සෞඛ්‍ය ක්ෂේත්‍රයට යොමු කිරිම හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රය ද විනාශ කිරීමේ වැඩසටහනක රජය නිරත වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයේ දී පොදු ජනතාවගේ ජීවිත සුරැකීම වෙනුවෙන් සිට ගන්නවාද නැතිනම් ජනතාව මරණ මංචකයට ගෙන යන ප්‍රතිපත්ති වෙනුවෙන් සිටගන්නවාද කියා පාර්ලිමේන්තුවේ 225 දෙනාට තීන්දු කිරිමට සිදුවන බව ද පැවසීය.
මේ අවස්ථාවේදී ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත සහ ශ්‍රි ලංකා වෛද්‍ය සභා පනත පිළිබඳ සාකච්ඡා කිරිම සිදු විය. මේ අවස්ථාවට Sri Lanka Association of Clinical Pharmacology and Therapeutics, Sri Lanka Medical Association නියෝජනය කරමින් පිරිසක් එක් විය.
අදාල සම්පූර්ණ වීඩියෝව පහතින්

No comments:
Post a Comment