හමුදාව පජාත කළ හමුදාපති ලිලිපුට්ටා මාධ්‍යකාරයන්ට දුන් අම්මට සිරි පාටිය සහ තවත් කතා..!
-සොල්දාදු උන්නැහේ ලියයි
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.20, ප.ව.6.30) තිස් වසරක ම්ලේච්ඡ කුරිරු ත්‍රස්තවාදී යුද්ධය නිමාකර පෘථිවියේ විශිෂ්ට හමුදාවන් අතර අති විශිෂ්ට වූ ශ්‍රී ලංකා යුද හමුදාවට නායකත්වය දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මහේෂ් සේනානායක මෙන්ම ශවේන්ද්‍ර සිල්වා වැනි ගලිවරයන් අතර ක්‍රියාවෙන් මෙන්ම ශරීරයෙන්ද ලිලිපුට්ටෙක් ලෙස අර්ථ ගැන්විය හැකි එදා මෙදාතුර බිහිවූ කුජීතම හමුදාපති ලෙස විකුම් ලියනගේ දැනටමත් ඉතිහාස ගතවී හමාරය.
උණ පුරුකේ දමා කෙලින් කර නොහැකි බලු වලිගේ....
ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානීන්ට මෙන්ම තෝරාගත් මාධ්‍යකාරයන් අතළොස්සකට පසුගිය 16 වැනි දින යුධ හමුදා මහ ගෙදර අවාරයේ කඩිමුඩියේ විස්කි පාටියක් පිළිගන්වනු ලැබූවද කෙලින් කිරීමට නොහැකි තරමට ලිලිපුට්ටාගෙ ප්‍රතිරූපය බිමටම පත බෑ වි හමාරය. ඒ හා සමානවම ඔහුගේ පජාත ක්‍රියාකාරකම් හේතුවෙන් සමස්ථ යුධ හමුදාවේම ප්‍රතිරූපය ද බිමටම ඇද වැටෙමින් පැවතීම කණගාටුදායක ය.
පාටියට පෙර ජංගම දුරකථන මිලිටරි භාරයට...
මාධ්‍යකාරයන් සාදයකට කැඳවීම ගැන අගතියක් සිතීමට තරම් අප කුහක නොවන නමුත් අපක්ෂපාතී නිදහස් මාධ්‍ය කරණය කට්ටි වලට කුට්ටි කර තෝරාගත් මාධ්‍යකාරයන් පිරිසක් යුද හමුදා මූලස්ථානයට කැඳවා පාටියට ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරමින් ඔවුන් සතු අතිශය පෞද්ගලික ජංගම දුරකථන ඇතුළු වීමට පෙර මිලටරි පාලනයට ගැනීමෙන් නිදහස් මාධ්‍යකරණය අල්ලසට යට කර ගැනීමට කරන ලද ක්‍රියාව පිළිකුල් සහගතය.
නිදහස් මාධ්‍යවේදීන්ගේ පෞද්ගලික දුරකථනයන් පාටියට පෙර මෙලෙස මිලටරි බාරයට ගනු ලැබුවේ යුධ හමුදා මූලස්ථානය අධිආරක්ෂිත කලාපයක් වන න්‍යායෙන් හෝ වෙනත් ජාතික ආරක්ෂාවට බලපාන සාධකයක් මත නොවන අතර එය හුදෙක් කෙළේ නොමිලේ ලැබෙන මධු පානයේ දී හමුදාපති ලිලිපුට්ටා ඩෝප් වී කෙළින පිස්සු මාධ්‍යකරුවන්ගේ ජංගම දුරකථන වල සටහන් වනු ඇතැයි බියට ය.
මධුපානය සබැඳිව ලිලිපුට්ටාගේ පෙර කියවීම තුළ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සිට යුද හමුදාවෙහි ඒකක මට්ටම දක්වා පහලට සෑම ස්ථරයන්හි දීම වාර්තාගත රස කථාවන් නම් බොහොමයකි. බමන මතින් කාන්තාවන්ගේ සහ සහෘද නිලධාරීන්ගේ භාර්යාවන්ගේ අඟ පසඟ ස්පර්ශ කිරීමට ගොස් ගුටි නොකා අනූ නවයෙන් බේරුනු අවස්ථා ද ඒ අතර නැත්තේම නොවේ.
කෙසේ නමුත් ලිලිපුට්ටාගේ සහ හමුදා මාධ්‍ය අධ්යක්ෂ ලෙස කටයුතු කරනු ලබන ඔහුගේ බ්‍රිගේඩියර් මස්සිනාගේ පශ්චාත් භාගයට පයින් ගසා පෙන්වා දිය යුතු න්‍යායක් වනුයේ මාධ්‍යවේදියාගේ සටහන් ලියැවන්නේ සත්‍යයේ තීන්ත වලින් මිස අල්ලසේ විස්කි වලින් නොවන බවය.
වැරැද්ද ගෝටාගේ....
ජන අරගලය හමුවේ රෙද්දෙ රෙවිච්ච ගෝටාට සීතාම්බර සළු ඇන්දූ, ගෝටා වට කරගත් මොලේ කළඳක් නොමැති සද්දන්ත ශරීරයන්ගෙන් හෙබි, දේශපාලන තනතුරු වලින් පඤ්චස්කන්ධ පෝෂණය කළ, විශ්‍රාමික ජෙනරල්ලා ගෝටාව අමු හෙලුවෙන් යැවූ බව අප සැම දුටු පොදු දසුනකි.
"සර් ශවීන්ද්‍ර කියන දේ අහන්නේ නෑ, මේ වෙලාවේ හමුදාපති හැටියට ඉන්න ඕනේ දක්ෂ මිනිහෙක් වැඩ කාරයෙක් නෙවෙයි, ඒ වගේ මිනිහෙක් දාගත්තාම දුර දිග බලලා වැඩ කරන්නේ, දැන් අපිට ඕන කරන්නේ අට පාස් සොල්දාදුවෝ වගේ අපි කියන දේ විතරක් දෙපාරක් හිතන් නැතුව කරන මිනිහෙක්, එහෙම මිනිහෙකුට කියලා ඉන්නේ විකුම් විතරයි"
ඒ අනුව එම මොහොත වන විටද යුද හමුදා මූලස්ථානයෙන් එවන ලද යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පස් දෙනෙකුගේ පෞද්ගලික ලිපි ගොනු විස්තර හා තොරතුරු කර්නල් ලක්ෂාන් සිල්වා විසින් ගෝඨාභය වෙත ලබා දී තිබූ අතර එම ලිපිගොනු අතුරින් චෝදනා පත්රයන් සහ නොයෙකුත් විනය කඩකිරීම් හතකට ආසන්න ප්‍රමාණයක් ඇතුලත්ව තිබූ මෙන්ම යුද හමුදාපති ධූරයට හිමිකම් ලබන්නකු විසින් ආගම වශයෙන් හැදෑරිය යුතු පාඨමාලාවන් සහ අත් කරගත යුතු මූලික සුදුසුකම් කිසිවකින් සමන්විත නොවුනු අති දුර්වලම ලිපි ගොනුවට හිමිකම් කියූ ලිලිපුට්ටා විකුම් ලියනගේ පිං හමුදාපති ධුරයට නිර්දේශ කෙරින.
හමුදාපතිගේ OT පැය...
කිසිදු රාජකාරියක් නොමැතිව ඇතැම් දිනවල මහා රාත්‍රිය වන තුරු කාර්යාලයේ රැඳී සිටින හමුදාපති ලිලිපුට්ටා තම උසට සරිලන සේ තෝරාගත් හමුදාපති නීති සහයක නිලධාරිනිය වන කර්නල් ෆර්ඩිනැන්ඩස් නිල කාර්යාලය තුළට කැඳවා පෙම් කෙළියේ OT පැය ගණන් ගත කිරීම, හමුදාපති MA ට සහ පෞද්ගලික කාර්ය මණ්ඩලයට නම් හිසරදයක්ව පවතී. යුද හමුදා මුලස්ථානය තුල නොරහසක් බවට පත්වී හමාර මෙම අවනඩුව දෙපාර්ශ්වයේම පවුල් ප්‍රශ්න උග්රවීමටද බලපා ඇති බව හමුදාපති පෞද්ගලික කාර්ය මණ්ඩල වාර්තා සනාථ කර තිබේ.
යුද හමුදාපති ගිණුම, සේවා වනිතා ගිණුම් වහ වහාම විගණනයක් කරනු....
දෙන්න දෙමහල්ලෝ තකට තක සොරා කති. ලිලිපුට්ටා හමුදාපති අරමුදලට දවස ගානේ විදින අතර මැඩම් ජානකී ලියනගේ සේවාවනිතා සභාපතිනිය ලෙස එහි අරමුදල් සියල්ලටම දිනපතා වග කියනු ලබයි.
කෝටි ගණනක මුදලින් සමන්විත යුද හමුදාපති අරමුදල මෙන්ම සේවාවනිතා අරමුදල් ඉතා සූක්ෂම ලෙස මංකොල්ල කන හමුදාපති ජෝඩුව එම මුදල් යුධ හමුදා යහසාධක අරමුදලෙහි සහ වෙනත් මූල්‍ය ආයතන වල ආයෝජනය කිරීම හාස්‍යජනක මෙන්ම පිළිකුල් සහගතය.
සේවාවනිතා ගිණුම්වලින් සභාපතිනිය ලෙස බලය අවභාවිතා කරමින් ජානකී ලියනගේ තම දෛනික වියදම් සඳහා සුළු මුදල් වශයෙන් ලක්ෂ ගණනින් මුදල් අයථා ලෙස ගෙන රූපලාවන්‍ය කටයුතු, ස්වර්ණාභරණ මිලදී ගැනීමට සහ නොයෙකුත් පෞද්ගලික අවශ්‍යතාවයන් වලට හිරිකිතකින් තොරව යෙදවීම නීති විරෝධී වේ. ටෙන්ඩර් පටිපාටි වලින් පරිබාහිරව සේවාවනිතා සඳහා පත් කරනු ලබන මිලදී ගැනීමේ මණ්ඩල බ්‍රිගේඩියර් නලින්ද මහවිතාන සමග එකතුව හිතුමනාපයට වෙනස් කරමින්, කොමිස් කුට්ටි ගණනින් ලබාගැනීමට අඩුම මිල ගණන් කැඳවුම් පසෙක තබා ඇයගේ හිතවතුන්ගෙන් අධික මිල ගණන් කැඳවුම් ලබා ගනී. විරු කැකුළු පෙර පාසල් වල නිල ඇඳුම් සම්බන්ධව මිල ගණන් කැඳවීම් වලදී ද මේ වග කැපී පෙණින.
හමුදාපති ද ඊට නොදෙවැනිව දිනපතා විවිධ විදම් වශයෙන් ප්‍රශ්න කිරීමට අපහසු අවස්ථා සම්බන්ධයන් සැකයක් නූපදින සේ ගෙනහැර දක්වමින් ඊට අනුරූපීව ව්‍යාජ බිල් සකස් කරමින් මුදල් ගසා කයි. මෙලෙස විකුම් ලිලිපුට්ටා යුද හමුදාපති අරමුදලෙන් මිලියන ගණනින් මුදල් හිරිකිතකින් තොරව මහ දවල් මංකොල්ල කනු ලබන්නේ තම හිතවතෙකු, හමුදාපති ගිණුම භාර නිලධාරි ලෙස තමන් විසින්ම පත්කරගෙන ය.
මේජර් තේනුවර නම් එම නිලධාරීයා ගණකාධිකාරිවරයෙක් වුවද හමුදාපති ගසන බෙර පදයට පාද තබමින් මූල්‍යකරණ අණපනත් ගිණුම්කරණ පටිපාටි අතුරු සිදුරු අතරින් සූක්ෂමව රිංගා යමින් අරමුදල හෝල්සේල් මංකොල්ලකෑමට ආධාර අනුබල දෙමින් සිටී.
හමුදාපති ලිලිපුට්ටා හමුදාපති ධූරයෙන් විශ්‍රාම ගැන්වීමට පෙර අනිවාර්යයෙන්ම සිදුකළ යුත්තක් ඇතොත් එය නම් යුද හමුදාපති ගිණුම සහ සේවා වනිතා ගිණුම් සියල්ල විගණකාධිපතිවරයා යටතේ ස්වාධීන විගණනයක් සිදු කිරීමයි.
යුද හමුදාවට අසාධ්‍යයි....
හමුදාපති ලිලිපුට්ටාගේ අති දුර්වල නායකත්වය යටතේ සමස්ත යුද හමුදාවම දිනෙන් දින පිරිහෙමින් කබලෙන් ලිපට වැටී හමාරය. නිලධාරීන් 100 කට ආසන්න ප්‍රමාණයක් සහ සෙබළුන් 5000 ට අධික ප්‍රමාණයක් නිවාඩු නොගෙන සේවයට වාර්තා කර නැත. එනම් සේවය අතහැර ගොසිනි. ලෝකයේ හමුදාවක එක් හමුදාපති වරයකුගේ සේවා කාලය තුළ වැඩිම පිරිසක් සේවය අතහැර යෑමේ ලෝක වාර්තාව ද ලිලිපුට්ටා පිහිටුවා අවසානය.
කතකට පතිවත මෙන් සෙබලෙකුට චිත්ත ධෛර්යය ගහට පොත්ත සේ එකට බැඳී තිබිය යුතු දෙකක් වුවද අද එය හාත්පසින්ම වෙනස් කරමින් සමස්ථ යුධ හමුදාවේම චිත්ත ධෛර්යය සොල්දාදු උන්නැහේලාගේ බූට් යුගලෙනුත් පහලට වැටී හමාරය.
නිල ඇඳුමක් ඇඳ අභිමානයෙන් පාරට බහිනවා තියා අභීතව සටන් වැද විශ්‍රාම ගිය රණවිරුවෙකු හට සිවිල් ඇඳුමෙන් තම මාසික විශ්‍රාම වැටුප ලබාගැනීමට අභිමානයෙන් බැංකුවකට යෑමට පවා නොහැකි තත්ත්වයකට සමස්ථ යුධ හමුදාවේම ප්‍රතිරූපය පජාත කිරීමේ වගකීම හමුදාපති ලිලිපුට්ටා භාරගත යුතුය..
සංජය වනසිංහගේ නම...
වසරක කාලයක් තුළ ශීඝ්‍ර සෝදාපාළුවට පිරිහීමකට ලක් වුණු යුද හමුදාව නැවත නගා සිටුවීමට නායකත්ව ගුණාංග වලින් අනුන සුදුසුකම් සැපිරූ නැණවත් පළපුරුදු සහ අත්දැකීම් බහුල නායකත්වයක අවශ්‍යතාවය සමස්ත මහජනතාවට මෙන්ම ජනාධිපතිවරයාටද හැඟී යා යුතුය. මේ සබැඳිව කතිකාවක් ජනාධිපති ආරක්ෂක උපදේශක සාගල රත්නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ඇතිව තිබු අතර එහිදී හමුදාපති ධුරයට යෝජනා වන්නට යෙදුන නාමය කීර්තිමත් යුධ හමුදාපතිවරයෙකු වූ හැමිල්ටන් වනසිංහ මහතාගේ පුත්‍රයා වන දැනට යුද හමුදාවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වශයෙන් යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධූරය හොබවන මේජර් ජෙනරාල් සංජය වනසිංහ ගේ නමය.
චන්දන රණවීරට කළ කැපිල්ල..
හමුදාපති ධූරය ගජබා රෙජිමේන්තුවටම තබා ගැනීම සඳහා කළ කුමන්ත්‍රණයක් ද තිබේ. ඒ නම් එන්ඩීසී පාඨමාලාව ඉතා සාර්ථකව හදාරා පැමිණි නමුත් සීඑල්අයි හි බ්‍රිගේඩියර් චන්දන රණවීරට මේජර් ජෙනරාල් ධූරය නොදීමයි. මේ වන විට යුද හමුදාවේ හතරවන ජ්‍යෙෂ්ඨතමයා ඔහු ය. නමුත් ඔහුට ලැබිය යුතු මේජර් ජෙනරාල් ධූරය ලබා නොදීම නිසා ඔහු හමුදාපති ධූරයට නුසුදුසු කරවා තිබේ. මේ සම්බන්ධයෙන් චන්දන රණවීර අධිකරණය ඉදිරියට ගොස් ඇත. ඉන්පසුව ඔහුගෙන් පළිගැනීමට මින්නේරිය කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස සේවය කළ ඔහුව නෙළුම් කුළුණට යොදවා තිබේ. සත්‍ය වශයෙන්ම නෙළුම් කුළුණ භාර ආරක්ෂක අමාත්‍යාංශයට නොව සංස්කෘතික අමත්‍යාංශයට ය. මෙය වක්‍රාකාරයෙන් ඔහුව හමුදාවෙන් ඉවත් කිරීමකි. පාකිස්තානයේ දී එම්බීසී පාඨමාලාව පළමුවැනියා ලෙස සමත් වූ චන්දන රණවීරගේ සේවය හමුදාවට ලබා ගැනීමේ අවස්ථාව අහිමි කර ඇත්තේ ගජබා කෙනෙක්ම හමුදාපතිවරයා කිරීමේ දිගුකාලීන සැලැස්ම නිසා ය. මේවා ගොං පාට් ය.
සමස්ත හමුදාවම සංස්ථාවක් බවට..
කෙසේ වෙතත් ආරක්ෂක ලේකම් මෙවරද ගජබා රෙජිමේන්තුවෙන් හමුදාපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ අසාර්ථක ප්රයත්නයක යෙදෙන අතර එසේ වුවහොත් සමස්ත හමුදාවම සංස්ථාවක් බවට පත්වීම ජනාධිපතිවරයාටත් නැවැත්විය නොහැකි බව රනිල් වික්‍රමසිංහ සේනාධිනායකයා දැනගත යුතුය.
යුද හමුදාපති වීමට සිහින මැවූ වත්මන් ආරක්ෂක ලේකම් වරයා මේජර් ජෙනරාල් නිලයෙන් විශ්‍රාම ගැන්වූ පසු ගෝඨාභය ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් තනතුරට ලද දේශපාලන පත්වීමෙන් අනතුරුව ලුතිනන් ජෙනරාල් නිලය අභිභවනය කරමින් ජෙනරාල් නිලයට උසස්වීම් ලබා ගත් අතර ආරක්ෂක ලේකම් බලය අවභාවිතයට ලක්කරමින් හමුදාපති ලිලිපුට්ටා රූකඩයට තබා හමුදාවට අණ දීමෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය තව තවත් උග්‍රවී සමස්ත හමුදාවම පිරිහුණු බව තිත්ත ඇත්තය.
ඉහත කී හේතූන් මත නව යුද හමුදාපති පත් කිරීම හා සමගාමීව ආරක්ෂක ලේකම් පුටුවද වෙනස් කිරීමට කටයුතු නොකළහොත් රටේ ආරක්ෂාව නන්නා පෝල් ය.

මෙක කවරෙකු හෝ වෙනත් උවමනා වට හිතා මතා කරනලද ලිපියක්. මොකද Army එක ගෙදර කරන් එකෙන් ව්‍යාපාර කරගෙන මුදල් ඉපයීම කල, Covid 19 එකෙන් ගහපු ඒවා විගණනය කරන්න කවුරුත් අකමැති මොකද? අනික ත්‍රිවිධ හමුදාව ම දේශපාලනීකරණය වෙලා ගොඩක් කල්, රටේ පාලකයෝ කුට්ටි පිටින් ගහන කොට එයාලා පත් කරගන්න අයත් ඒවා කරනවා. අනිත් ඔක්කොම වවාගෙන කලා එක්කෙනෙකුට විතරක් ඇගිල්ල දික් කරන්නෙ ලොකු කුමන්ත්රනණක ආරම්භයක්. තනතුරු ව බලෙන් ඉන්න එවා බලෙන් ගන්න උත්සාහ කරන අය මෙ තමාගෙ කෙනෙක් ඔතනට දා ගන්න කරන මඩ ව්‍යාපාරයක්. මොකද සමහරු තවමත් army එකෙන් තනතුරු අත් නොහැර සිටිමින් කන්න උත්සාහ කරන බව දන්නො දනිති. එක ඇගිල්ලක් දික්කරන කාගේත් ඉතිරි ඇගිලි දික්වී ඇත්තෙ තමාට ය.
ReplyDelete