Tuesday, 29 August 2023

අධ්‍යක්ෂ ජෙනරාල්ගේ දුව බඳිනවා කියලා නාරා එකම වහලා..! බංකොලොත් වෙන එක අහන්න දෙයක්ද?

-ස්කිපර් ලියයි

(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.29, ප.ව‍.10.30) නාරා එකට හම්බවුණා  "සමුද්‍රිකා "  කියලා සමුද්‍ර ගවේෂණය සඳහා යාත්‍රාවක්. ඒක හම්බවුණේ තිබූ යාත්‍රාව සුනාමියෙන් කැඩී විසි උනාට පසු නෝර්විජියානු ආධාර යටතේ. ඇමරිකන් ඩොලර් මිලියන 10-12 ක් වටින යාත්‍රාවක් .

නමුත් එක තැන හොලවන්නෙ නැතුව තිබියදී නාවික හමුදාව අරගෙන අවුරුදු 4ක් එම යාත්‍රාව දිව්වා. සාගර ගවේෂණ කරන නාරා කණ්ඩායම් එම යාත්‍රාවේ ගියා. ඒ නිසා ඒකට යම් යම් ආධාරත් ලැබුණා. තව ලැබෙන්නත් තිබ්බා.

අධ්‍යක්ෂ ජෙනරාල් වෙලා ආවා ක්‍රැක් කේස් එකක්...

නමුත් ඒ ඔක්කොම කරන කොට නාරා එකට පත්වෙලා ආවා අලුත් අධ්‍යක්ෂක ජෙනරාල් කෙනෙක්. ඔහු 60 පැනපු කෙනෙක්. කොහොම දැම්මද දන්නේ නෑ. නීතිය නම් 60 පැනපු අයට වැඩ කරන්න බෑ කියලා. නමුත් කාගෙහරි ලියුමක් අරගෙන ඇවිල්ලා ඔහු වැඩ කරනවා. ඔහු සාමාන්‍යයෙන් 'ක්‍රැක් කේස්' එකක් . ඔහු ආපු ගමන් කරන්න ගත්තේ  මොකක්ද? ඒ සමුද්‍රිකා නැව නාවික හමුදාවෙන් උදුරා ගන්න හදපු එක. ඔහු හැමතැනම ගිහිල්ලා කෑ ගහලා කොහොම හරි නාවික හමුදාව  මේ අවුරුද්දේ පෙබරවාරි 28 වෙනිදා මේක ඒ අයට භාර ගන්න කිව්වා. මාස 6ක් ගියත් තාම එක තැන. තාම දුවන්නෙ නෑ.

ඉතින් එහෙම තමයි අපේ රටේ මිනිස්සු වැඩ කරන්නේ. එහෙම වැඩ කර කර තමන්ගේ පෑනෙන් තමන්ගේ අත්සනේ බලය රැක ගන්න කරන්න තියෙන ඔක්කොම දහදුරාකම් දේශපාලුන් පස්සේ ගිහින් කරනවා. ඔය යථාර්ථයට මුහුණ දෙන්න බැරුව අපි මොනා කරත් වැඩක් නෑ.

චීන නැව් එනවා, ඉන්දියන් නැව් එනවා, ගවේෂන කරනවා ලු...

දැන් චීන නැවක් එනවා කියලා තියෙනවා. චීන නැවත් ගවේෂණය කරන යාත්‍රාවක්. එතකොට ඉන්දියානු ගවේෂණය කරන යාත්‍රාවක් එනවා. චීන නැව් එනවා. තව තව ගවේෂණය කරන යාත්‍රා එනවා. මේ ගොල්ලා කරපු ගවේෂණ ගැන නාරා එක දන්නවද? හොයලා බැලුවද? මං දැක්කා පේපර් ආර්ටිකල් එකක් තියෙනවා " ඩේලි මිර‍ර් " පත්තරේ. නාරා එකෙන් අහලා තමයි විදේශ අමාත්‍යාංශය මෙයාලට ලියන්නේ කියලා. ඉතින් තේරුමක් නෑනේ. නාරා එකෙන් අහන්න වැඩි කාලයක් ඕනි නෑ පහුගිය අවුරුදු 10ක කාලයක මේ රටට ආපු  සාගර ගවේෂණය සඳහා වූ යාත්‍රා ආගිය තැන් ඒ ගොල්ලෝ දන්නවද කියලා. ඒ ගොල්ලෝ ළග ඒවගේ වාර්තා තියෙනවද කියලා. ඔය ප්‍රශ්නේ විතරක් අහන්න, ඔය විදේශ අමාත්‍යාංශයේ අය චීන නැව් ගැන ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා. ඉතින් මේවගෙන් තමයි අපි හිඟන්නු වෙන්නේ.  මොකද නාරා කියන්නේ අපේ රටට ලොකු සම්පතක්. අපට තියෙනවා හැතැම්ම 200 ක අනන්‍ය ආර්ථික කලාපයක්. ඒ එක්කම අපි ඉලක්ක කරලා තියෙනවා හැතැම්ම 350ත් 500ත් මහද්වීපික තටාකයක්. ඉතින් ඕවත් එක්ක අපිට විශාල සාගර කලාපයක් තියෙනවා සම්පත් උකහා ගන්න.

අධ්‍යක්ෂ ජනරාල් ගේ දුව බඳිනවා, නාරා එකම වහලා..

ඒකයි නාරා එක අපිට වටින්නේ. ඒ උනාට නාරා එක නිදි. ඒකට හොදම උදාහරණය තමයි මේ අවුරුද්දේ අගෝස්තු 23 වෙනිදා. එදා අධ්‍යක්ෂ ජනරාල් ගේ දුව බඳිනවා. එදා මුළු නාරා එකම වහලා. ඕන්නම් හොයලා බලන්න එදා දවසේ ලොක්කෝ ටික ගියා සොක්කෝ නිකම් ඉන්නවා.  ඉතින් මෙහෙම රටක් අසමත් නොවී මොනවා කරන්නද? 225 එපයි කියලා කෑගැහුවට ඇති  වැඩක් තියෙනවද? ඒක තමයි අපේ මේ දුක්ගැනවිල්ල. මේක ස්කිපර්ට කිව්වේ නාරා එකේම සේවකයෙක්. මේවා කවදා ඉවර වෙනවද කියලා ඒ සේවකයොත් බලන් ඉන්නවා. මේ විකාරේ කොතනින් කොහොම වෙලා හරි මාර්ගෙට මේ ආයතන ඒවිද කියලා.

-ස්කිපර්

No comments:

Post a Comment