කිව්වා වගේම ගොන්ධුල සැමගේ ඇස්වසා නේත්‍රා අල්ලිරාජාට විකුණලා..! සභාපතියාගේ සන්තෝෂම රුපියල් මිලියන 50 යි..! ගොන්ධුලගේ ගාණ කීයද?
-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි
(ලංකා ඊ නිව්ස් -2023.අගෝ.01, ප.ව.11.30) ජාතික රූපවාහිනිය සතු එකම දෙමළ නාලිකාව වන නේත්‍රා නාලිකාව (කලින් චැනල් අයි) එමෙන්ම තමිල්නාඩුවේ කොටසකට ද නැරඹිය හැකි එකම නාලිකාව ස්වර්ණවාහිනිය මිලට ගත් අල්ලිරාජා සුබාස්කරන් ට කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව තුට්ටු දෙකට පවරා දීමට මාධ්‍ය ඇමැති කුප්‍රකට බන්ධුල ගුණවර්ධන සහ ඔහුගේ පුත්‍රයා කටයුතු කරමින් සිටින බව ලංකා ඊ නිව්ස් පසුගිය 30 වැනිදා වාර්තා කරද්දීම ඔහු පසුගිය ඉරිදාම එය අල්ලි රාජාට විකුණා දමා තිබේ. සාමාන්‍යයෙන් ඉරිදා දිනක මෙවැනි ගණුදෙනුවක් නොකරන නමුත් මෙය මාධ්‍යවල ඇස ගැසීමට සහ රූපවාහිනී සේවකයන්ගේ විරෝධතා මතුවීමට කලින් ඉරිදාම ගණුදෙනුව අවසන් කර ඇත.
මේ දූෂිත ගණුදෙනුව කර ඇත්තේ අප කී පරිදිම මාසයකට රුපියල් මිලියන 25 ක් තරම් සොච්චම් මුදලකට ය. මාස 6 ක් සඳහා ආරම්භයේ දී පවරා දීම කර ඇති අතර මාස 3 ක මුදල් එනම් රු. මිලියන 75 ක් අල්ලිරාජා එකවර රූපවාහිනියට ගෙවා ඇති අතර ගණුදෙනුව කර ගැනීම සඳහාම බන්ධුල විසින් අලුත් සභාපති ලෙස පත් කර ගත් ප්‍රසාද් සමරසිංහ නම් හීපාටුවාට සන්තෝෂම් ලෙස රුපියල් මිලියන 50 ක් ගෙවා ඇත. එදිනම තවත් ප්‍රධානියෙකුට සන්තෝෂම් ලෙස රුපියල් මිලියන 25 ක් ගෙවා ඇත. එවුන්ට එලෙස සන්තෝෂම් දෙද්දී ඇමැති බන්ධුල ගුණවර්ධන සහ පුත්‍රයාට ගෙවූ සන්තෝෂම් මුදල තවම රහසකි. එයද නුදුරේ දීම ලංකා ඊ නිව්ස් හෙළිදරව් කරන්නෙමු.
නේත්‍රා අල්ලිරාජාට විකුණා මිලියන 50 ක් සන්තෝෂම් ලබා ගත් නව සභාපති ප්‍රසාද් සමරසිංහ රූපවාහිනියේ සේවකයන් ගොනාට ඇන්දවීම් වස් තම රුපියල් 80000 ක් වූ මාසික වැටුප නොගෙන එය මාසිකව සේවකයන් දෙදෙනෙකුට නොමිලේ බෙදා දීමට කටුයුතු කර ඇත. ලොතරැයි ඇදීමක් සේ එකී සේවකයන් දෙදෙනා තෝරා ගන්නා අකාරයද ප්‍රදර්ශනය කරමින් තම අත යට ගැහිලි වසන් කිරීමට ප්‍රසාද් සමරසිංහ කටයුතු කරමින් සිටී.
කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙලෙස රාජ්‍ය දේපොල බදු දීම, පවරා දීම, විකුණා දැමීම කළ නොහැකිය. එය නීති විරෝධීය. මේ දූෂිත ගණුදෙනුව සම්බන්ධයෙන් නීතිය ඉදිරියට යන බව ජාතික රූපවාහිනියේ සේවක වෘත්තීය සමිති පවසති.

No comments:
Post a Comment